tag:blogger.com,1999:blog-73634457568737445042024-03-14T07:10:19.899+05:30විද්‍යාවBeyond the ScienceShiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-7363445756873744504.post-18620111301661796702014-03-16T23:16:00.001+05:302014-03-17T21:09:18.025+05:30Cosmos - කාල අවකාශයේ චාරිකාව ඇරඹුණා
"Cosmos: A SpaceTime Odyssey" යනු 2014 මාර්තු දහසය වැනි දින රාත්‍රී 8.00ට නැෂනල් ජියෝග්රැෆික් නාළිකාව (National Geographic Channel) ඔස්සේ විකාශය ඇරඹුණු නවතම වාර්තාමය වැඩසටහනයි. "කොස්මස්: කාලාවකාශයේ චාරිකාව" නමින් සිංහලෙන් හැඳින්විය හැකි මෙම වැඩසටහන් මාලාව විශ්වය එසේත් නොමැතිනම් සොබාදහමේ හැසිරීම අපූරුවට රූපවාහිනි තිරය මත සිත්තම් කරයි. මෙම වැඩසටහන මෙහෙයවන්නේ ඇමරිකානු තාරකා භෞතික විද්‍යාඥයෙකු වන නීල් දග්රේස් ටයිසන් විසින්. විශ්වයේ එක් එක් අවදීන් මෙන්ම මෙතෙක් ඔබ නුදුටු විද්‍යාවේ අපූර්වත්වය සජීවී අයුරින් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට මෙම වැඩසටහන් පෙළ සමත් වෙයි කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා.
කොස්මස් ඉදිරි වැඩසටහන් පෙළගැස්ම නැට්ජියෝ වෙබ් අඩවියෙන් බලාගත හැකියි. නැෂනල් ජියෝග්රැෆික් නාළිකාව ඩයලොග් ටීවී හි චැනල් අංක 39 ඔස්සේද පියෝ ටීවී හි චැනල් අංක 50 ඔස්සේද ඔබට නැරඹිය හැකිය. ෴
Shiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com1tag:blogger.com,1999:blog-7363445756873744504.post-8130335958519068212014-02-06T14:41:00.001+05:302014-02-06T14:47:11.105+05:30ඔත්තේ සහ ඉරට්ටේ
ඔත්තේ (Odd) සහ ඉරට්ටේ (Even) සංඛ්‍යා යනු බොහෝ විට ගණිතය හැදෑරීමේදී ඉගෙන ගන්නා මුල්ම සංඛ්‍යා වර්ගීකරණය. මෙහිදී දෙකෙන් බෙදීම යන කරුණ මත සියළුම ගණින සංඛ්‍යා කොටස් 2කට වර්ග කෙරේ.
ඔත්තේ සහ ඉරට්ටේ දිනවලදී වාහන ගාල් කිරීම තහනම් යැයි දැක්වෙන පාලන සංඥාවක්
යම් නිඛිල (Integer) සංඛ්‍යාවක් 2 යන සංඛ්‍යාවෙන් බෙදූවිට ශේෂය ශුන්‍ය වේ නම් එය ඉරට්ටේ සංඛ්‍යාවක් වේ. එසේ නොමැතිව ශේෂය ලෙස ශුන්‍යය නොලැබේනම් ඒවා ඔත්තේ සංඛ්‍යා වේ. අනෙක් විශේෂත්වය ඔත්තේ සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට සෑම විටම ශේෂය ලෙස ලැබෙනුයේ එකය.
ඔත්තේ සඳහා උදාහරණ: ....., -5, -3, -1, 1, 3, 5, .....
ඉරට්ටේ සඳහා උදාහරණ: ......, -6. -4, -2, 0, 2, 4, 6, .....
0 ත් ඉරට්ටේද? මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගැනීමට අර්ථදැක්වීම (Definition) භාවිතා කල හැක. සියළුම ඉරට්ටේ සංඛ්‍යා 2හි ගුණාකාර වේ. එනම් 2 x 0 = 0 වේ. එහෙම බලනකොට 0ත් 2හි ගුණාකාරයක්. ඒක නිසා 0 ඉරට්ටේ සංඛාවක් විදියට සැලකීමට සිදු වෙනවා.
දැන් ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා වලට අප දන්නා මූලිකම ගණිත කර්ම සතර වන එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම යන ක්‍රියාවන්ට භාජනය කර බලමු. මෙතැන් සිට පහසුව තකා ඔත්තේ සංඛ්‍යාවක් 'ඔ' ලෙස ද ඉරට්ටේ සංඛ්‍යාවක් 'ඉ' ලෙසද සංකේතවත් කරමු. 'ඔ" සහ 'ඉ' ගැලපෙන සංඛ්‍යාවක් ආදේශ කර බැලීමට ඔබට නිදහස ඇත.
එකතු කිරීම (Addition)
ඔ + ඔ = ඉ
ඔ + ඉ = ඔ
ඉ + ඔ = ඔ
ඉ + ඉ = ඉ
ඒ අනුව පැහැදිලි වෙනවා සමාන වර්ග එකතු කිරීමෙන් ඉරට්ටේද අසමාන වර්ග එකතු කිරීමේන් ඔත්තේද ලැබෙන බවයි.
දැන් මෙතැනදී අප එකවර එකතු කලේ සංඛ්‍යා 2ක් පමණයි. ඉතින් දැන් එකවර සංඛ්‍යා 2කට වඩා යොදාගෙන බලමු. අපි සංඛ්‍යාවන් එකතු කිරීම සිද්ධ කරන්නේ ක්‍රමානුකූලව බැවින් මෙතැනදීත් අපට ඉහත ප්රතිඵලම භාවිතා කරන්න වෙනවා.
නමුත් පළමු ප්‍රතිඵලයට අඳාළව එකවර සංඛ්‍යා කීපයක් එකතු කරනකොට රටාවක් හදුනාගත හැක. එනම් එකවර එකතු කිරීමට ගන්න මුළු සංඛ්‍යා ගණන n ලෙස ගනිමු. එතකොට n ඔත්තේ වන විට ප්‍රතිඵලය ලෙස ලැබෙන සංඛ්‍යෘව ඔත්තේද n ඉරට්ටේ වන විට ප්‍රතිඵලය ලෙස ලැබෙන සංඛ්‍යාව ඉරට්ටේද වෙයි.
අඩුකිරීම (subtraction)
ඔ - ඔ = ඉ
ඔ - ඉ = ඔ
ඉ - ඔ = ඔ
ඉ - ඉ = ඉ
මෙහිදීත් එකතු කිරීමේ රටාවම ලැබෙන බව පැහැදිලියි.
ගුණ කිරීම (Multiplication)
ඔ x ඔ = ඔ
ඔ x ඉ = ඉ
ඉ x ඔ = ඉ
ඉ x ඉ = ඉ
ගුණ කිරීමේදී ලැබෙන්නේ මෙහෙමයි. මෙහිදීත් අවශ්‍යනම් එකවර සංඛ්‍යා කීපයක් ගුණ කරලා බලන්න පුළුවන්.
බෙදීම (Division)
බෙදීමේදි ඉහත ආකාරයට ප්‍රතිඵල ලබාගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා. සමහර සංඛ්‍යා බෙදීමේදි දශම අගයන්, පරිමේය නොවන තත්වයන් ඇති වෙනවා. එතකොට ඒවා ඉරට්ටේද ඔත්තේද යන්න නිර්ණය කල නොහැකි තත්වයක් ඇති වෙනවා. මන්ද ඉරට්ටේ සහ ඔත්තේ සංඛ්‍යා වලංගු වන්නේ නිඛිල හෙවත් ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා සඳහා පමණි.
අවසාන වශයෙන් ඉරට්ටේ සහ ඔත්තේ සඳහා ගණිතමය අර්ථදැක්වීම් ලබාදෙමු.
ඉ = {2k ; k යනු නිඛිලයකි}
ඔ = {2k+1 ; k යනු නිඛිලයකි}
ඉහත සාකච්ඡාවට බදුන් වූ කරුණු විශේෂයෙන් යම් ගණනය කිරීමකදී අවසාන ප්‍රතිපලය කල් තියාම ඔත්තේද ඉරට්ටේද යන්න තහවුරු කරගැනීමට ප්‍රයෝජනවත් වෙනවා.෴
Shiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com3tag:blogger.com,1999:blog-7363445756873744504.post-78727468800215608232014-02-01T10:31:00.000+05:302014-02-01T10:35:26.788+05:30කෘත්‍රිම චන්ද්‍රිකා
සිංහල බසින් නම් චන්ද්‍රිකාව යනු පරිවාර ග්‍රහයා යන අර්ථයයි. නමුත් ඒ ස්වාභාවික චන්ද්‍රිකා වේ. මීට අවුරුදු ගණනකට පෙර කෘත්‍රිම චන්ද්‍රිකා කරළියට පැමිණියේය. කෘත්‍රිම චන්ද්‍රිකා තවදුරටත් අපට නුහුරු දෙයක් නොවේ. ලොව ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව වන “ස්පුට්නික්-1” 1957 වසරේදී සෝවියට් දේශයෙන් ගුවන් ගත කෙරිණි. එය අභ්‍යාවකාශයේ රැදෙමින් දවස් 22ක් පුරාවට “බීප්” සංඥා කිකුත් කළේය. එය අභ්‍යාවකාශ තරගයේ මුල්ම වෙඩිල්ලයි. ඉන්පසු සෝවියට් දේශය (වත්මන් රුසියාව) සහ ඇමරිකාව මෙහි ප්‍රධානතම තරගකරුවන් විය.
ස්පුට්නික්-1
වර්තමානයේදී පෘථිවිය වටා මෙහෙයුම් කටයුතු වල යෙදෙන චන්ද්‍රිකා ගණන දහස ඉක්මවයි. එයින් වැඩිම ප්‍රමාණයක් එනම් 442ක් පමණ ඇමරිකා එක්සත් ජනපදය සතු වේ. චන්ද්‍රිකා 103ක් සතු රුසියාව දෙවැනි ස්ථානයේද චන්ද්‍රිකා 86ක් සතු චීනය තෙවැනි ස්ථානයේදී පසු වෙයි. (ඉහත කී තොරතුරු 2012.01.04 දිනට ගත් වාර්තාවක් ඇසුරෙනි) එම සියලු චන්ද්‍රිකා වලින් වැඩිම ප්‍රමාණයක් සන්නිවේදන කටයුතු ඉලක්කකොට දියත් කර ඇත.
කාර්යභාරය අනුව වර්ගීකරණය
මීට අමතරව තවත් රටවල් 50කට අධික ප්‍රමාණයකට කෘත්‍රිම චන්ද්‍රිකා දියත් කර ඇත. පෘථිවිය තරම් නොමැති වුවත් චන්ද්‍රයා, බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු ග්‍රහයන් සහ සූර්යයා වෙතද චන්ද්‍රිකා යවා ඇත.
සුප්‍රීම් සැට්-1 (ChinaSat 12) යනු චීනයට සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික සමාගමකට සම අයිතිය ඇතිව 2012 වසරේදී චීනයේදී අභ්‍යාවකාශගත කරන ලද කෘත්‍රිම චන්ද්‍රිකාවකි. එම සමාගම 2016 වසරේදී සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවට හිමිකම් කියන චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශගත කිරීමට චීනයට භාරදී ඇත. එය දැනට නම් කොට ඇත්තේ සුප්‍රීම් සැට්-2 යනුවෙනි.
1945දී ආතර් සී. ක්ලාක් ශ්‍රීමතාණන් තම “වයර්ලස් වර්ල්ඩ්” ලිපිය හරහා කෘත්‍රිම චන්ද්‍රිකා මඟින් සන්නිවේදන අවශ්‍යතා සපුරාගන්නා ආකාරය විස්තර කොට තිබුණි. ඔහු තවදුරටත් විස්තර කරමින් භූ ස්ථාවර චන්ද්‍රිකා 3ක් මගින් මුළු පෘථිවියම ආවරණය කරමින් සන්නවේදන කටයුතු කල හැකි බව පැවසීය.
කෘත්‍රිම චන්ද්‍රිකා ක්‍රම කිහිපයකට අනුව වර්ග කල හැකි වේ. භූ ස්ථාවර වන/නොවන බව අනුව චන්ද්‍රිකාවෙන් ඉටු කෙරෙන කාර්යය අනුව, කේන්ද්‍රගත කර ඇති වස්තුව අනුව සහ උන්නතාංශය අනුව ඒවා වර්ග කෙරේ. උන්නතාංශය හෙවත් පොළොවේ සිට ඇති දුර අනුව චන්ද්‍රිකා ප්‍රධාන වර්ග ත්‍රිත්වයකි. එනම් පහත පරිදි වේ.
Low Earth orbit (LEO): පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 2000ක් ඇතුළතින් පිහිටන පරිදි කක්ෂ ගත කෙරේ.
Medium Earth orbit (MEO): කිලෝමීටර 2000-35786 පරාසය තුල කක්ෂ ගත කෙරේ.
High Earth orbit (HEO): කිලෝමීටර 35786 එපිටින් කක්ෂ ගත කෙරේ.
භූ ස්ථාවර චන්ද්‍රිකාවක් පොළොවට සාපේක්ෂ නිශ්චල වේ.
කෘත්‍රිම චන්ද්‍රිකාවකට නියමිත ආයු කාලයක් පවතී. බොහෝ වේලාවට එහි ආයු කාලය වන්නේ සූර්ය ශක්තියෙන් ආරෝපණය වන බැටරියේ ආයුකාලයයි. එම ආයුකාලය අවසන් වීමට ආසන්න වූ විට එම චන්ද්‍රිකාවේ කාර්යභාරය සඳහා තවත් අලුත් චන්ද්‍රිකාවක් ස්ථාන ගත කෙරේ. මෙහිදී පැරණි චන්ද්‍රිකාව බොහෝ වේලාවට කසළ ගොඩක් සේ අභ්‍යාවකාශය තුලම අතහැර දැමේ. (පුපුරුවා හරින අවස්ථාද තිබේ) මෙසේ බලන විට පෘථිවිය වටාම නිරන්තරයෙන් සැරි සරන කසළ ගොඩක් තිබේ. ෴
සුදු තිත් වලින් පෙනෙන්නේ අභ්‍යාවකාශ ගත කොට ඇති කෘත්‍රිම වස්තූන්ගේ ප්‍රමාණයයි.
ආශ්රිත මූලශ්‍ර:
http://www.ucsusa.org/nuclear_weapons_and_global_security/space_weapons/technical_issues/ucs-satellite-database.html
http://www.satellitedebris.net/whatsup/?p=67
මෙහි සියළුම සේයාරූ වල අයිතිය අදාළ අයට හිමි විය යුතුයි.
Shiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com1tag:blogger.com,1999:blog-7363445756873744504.post-44124112640552054142014-01-26T23:55:00.001+05:302014-01-27T00:03:55.232+05:30තීරු සංකේත කියවනය (Barcode Reader)
Woodland) විසින් 1949 දී තීරු සංකේත (Barcode) ක්‍රමය භාවිතා කර යම් කිසි
භාණ්ඩයක විස්තර ලබාගැනීම ලොවට හදුන්වා දෙන
ලදී. මෙම තීරු සංකේත ක්‍රමය අද කොතරම් ප්‍රායෝගිකද යන්න අප භාවිතා කරන සෑම
භාණ්ඩයකම පාහේ මෙය දක්නට ලැබීමෙන් පිළිබිඹු වේ. මෙම තීරු සංකේත ස්කෑනර
(Barcode Scanner) නොතිබෙන්නට සුපිරි වෙළඳසැල් වල සහ නිමි ඇදුම්
සාප්පු වල සැතපුම් ගණන් දිග පෝලිම් ඇති වීමට ඉඩ තිබිණ.<o:p></o:p>
සංකේත ක්‍රමයේදී යම් කිසි භාණ්ඩයක මිල කළු සහ සුදු ඉරි පද්ධතියක් මගින් නිරූපණය
ප්‍රදීපන පද්ධතිය (Illumination System)
<o:p></o:p>
සෙන්සරය (Sensor)
<o:p></o:p>
සංකේතය ආලෝකමත් වී පරාවර්තනය වන ආලෝක කිරණ ග්‍රහණය කර ගැනීමට සෙන්සරයන් භාවිතා
(Photon) උරාගෙන ඉලෙක්ට්‍රෝන පිටකිරීම මගින් එම ආලෝකයේ
තීව්‍රතාවට සමානුපාතිකව වෝලිටීයතාවයක් නිපදවයි. භෞතික විද්‍යාවේ ප්‍රකාශ විද්‍යුත්
ආචරණයේ ඉතා වැදගත් යෙදීමක් ලෙස මෙය හැදින්විය හැක. මෙම වෝල්ටීයතාවය තීරු සංකේතයේ
වැදී එන ආලෝකයට අනුරූපව ජනනය වේ. එනම් තීරු සංකේතය විචල්‍ය වෝල්ටියතාවයක් මගින් ප්‍රතිනිර්මාණය
වේ.<o:p></o:p>
පරිවර්තකය (Converter)
<o:p></o:p>
ලැබෙන්නේ මෙම සංඛ්‍යාංක දත්තයේ ප්‍රතිසම (Analog) සංඥාවක්
නිසා නැවත ප්‍රතිසම සංඥාව සංඛ්‍යාංක සංඥාවක් බවට පරිවර්තනය කල යුතු වේ. මේ සදහා ප්‍රතිසම-සංඛ්‍යාංක
(Analog to Digital) පරිවර්තකයක් භාවිතා වේ. A-D පර්වර්තකයක මූලික අංගය වනුයේ කාරකාත්මක වර්ධකය (Operational
Amplifier) වේ. කාරකාත්මක වර්ධකයක් ලෙස මෙන්ම ස්විචයක් ලෙසද
යොදාගත හැක. වර්ධකය සන්තෘප්ත අවස්ථාවේ (Saturation Mode)
භාවිතා කල විට එය සංවෘත ස්විචයක් ලෙස ක්‍රියා කරයි. පරිවර්තකයක කාරකාත්මක වර්ධකය,
සන්සන්දකයක් (Comparator) ලෙස ක්‍රියාකර, ප්‍රදාන ප්‍රතිසම
සංඥාව, සංඛ්‍යාංක සංඥාවක් බවට පරිවර්තනය කරනු ලැබේ.<o:p></o:p>
විකේතකය (Decoder)
<o:p></o:p>
තීරු
සංකේතය සංඛ්‍යා වලට පෙරළීම විකේතකය මගින් සිදු කෙරේ. තීරු සංකේතයේ ඇති කළු සහ සුදු
ඉරි වල ඝනකම මගින් 0 සිට 9 දක්වා ඉලක්කම් නිරූපණය වේ.෴
<o:p></o:p>
මෙහි එන සියළුම සේයාරූ සඳහා ඒවායේ මුල් අයිතිකරුවන්ට විශේෂ ස්තූතිය හිමිවිය යුතුයි.
දැන් "විද්‍යාව" බ්ලොග් අඩවිය සඳහා ද ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් (App) නිර්මාණය වී තිබේ. ඒ අනුව ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම උපාංගයෙන් (Mobile Device) මෙම බ්ලොග් අඩවිය බාධාවකින් තොරව කියවීමට අවස්ථාව උදා වේ. අවශ්‍ය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් 2.2 ට ඉහල වෙළුමක (Version) මෙහෙයුම් පද්ධතියක් (OS) ස්ථාපිතව තිබීම පමණි. මෙහි ඇති විශේෂිත වාසි වනුයේ වෙබ් අඩවිය නැරඹිමට වැයවන දත්ත ප්‍රමාණය අවම වීම සහ සිංහල අක්ෂර මැනවින් දර්ශනය (Rendering) වීමයි. පහත පිංතූරය ක්ලික් කිරීමෙන් "විද්‍යාව" ඇන්ඩ්‍රොයිඩ් යෙදුම ලබාගත හැක.
තවද මෙම ඇන්ඩ්‍රොයිඩ් යෙදුම භාෂා ලංකා සමාගමේ ඇප්ජෙන්ස් (AppGenz) සේවාව උපයෝගි කරගෙන නිර්මාණය කර ඇත. ඕනෑම කෙනෙකුට ඇප්ජෙන්ස් වෙබ් අඩවියට පිවිස තම වෙබ් අඩවියේ RSS ලිපිනය ලබා දී අවශ්‍ය ආකෘතිය ලබා දුන් විට ස්වයංක්‍රීයව මෘදුකාංගය ජනනය (Generate) වේ. ඉන්පසු මෘදුකාංගය .apk මාදිලියෙන් සහ ගූගල් ප්ලේ (Google Play Store) වෙතද එක් කර ගත හැක. මෙය නොමිලේ ලබා දෙන සේවාවක් වන අතර දිනපතා භාවිතා කරන පිරිස ස්ථාවර තත්වයකට පැමිණි පසු අවශ්‍ය නම් දැන්වීම්කරණය මඟින් අමතර ආදායමක්ද උපයා ගත හැක. වැඩිදුර විස්තර දැනගැනීමට මෙතනින් පිවිසෙන්න. ෴
Shiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com0tag:blogger.com,1999:blog-7363445756873744504.post-87657074793905642412014-01-20T12:25:00.000+05:302014-01-20T12:25:00.615+05:30ලෝක විනාශය (අවසාන කොටස)
"ජනාධිපතිතුමනි මම දන්නවා ඔබතුමා ඉන්නේ කණගාටුවෙන් කියලා. නමුත් මහාචාර්ය X ට ඔබව හමුවෙන්න අවශ්‍යයිලු. මම මෙහාට එවන්නද?" ඇමරිකානු ජනාධිපති වරයාගේ පෞද්ගලික ලේකම්වරයා විමසුවේය.
සිය එකම පුතුගේ හදිසි වියෝවෙන් අතිශය ශෝකීව වෙසෙන මේ ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කළේය.
"ජනාධිපතිතුමනි, මේක ඇත්ත වශයෙන්ම කණගාටුදායක අවස්ථාවක් මේ පෘථිවි තලයේ සිදුවූ තවත් එක් මරණයක්. පෙම්වතියගේ වෙන්වීමෙන් ඇති වූ ප්‍රිය විප්පයෝගයේ තවත් ප්‍රතිඵලයක්." ඔහු කීවේය.
ජනාධිපතිවරයා ඉවත බලාගෙන සිටියේය.
"ඇත්තෙන්ම ජනාධිපතිතුමනි, දැන් ඔබතුමාට වැටහෙනවානේ මේ ලෝකේ ජීවත් වෙන එක දුකක් කියලා. ඉතින් ඇයි අපි තවත් බලාගෙන ඉන්නේ. මම අවස්ථාවාදිව කතා කරනවා නෙවෙයි. ඔබතුමාට සත්‍ය වටහලා දෙන්න උත්සහ කරනවා. ඔබතුමා තේරුම් ගන්න. අපි මේ ගෙවන්නේ අප්‍රමාණ දුකක්."
"ඔබ හරි මට මේ දුක දරාගන්න බැහැ. ඔබ ඔය කියන විනාශය නිසා අපේ දුක් නැති වෙනවා කියලා ඔබ උපකල්පනය කරනවා විතරනේ. ඒක සත්යමයි කියලා ඔබ කියන්නේ නැහැ නේද?"
"මේකයි ජනාධිපතිතුමනි, මම කියන්නේ පෘථිවිය විනාශ වුනොත් විශ්වයේ වෙන තැනක ජීවය ඇති වීමේ හැකියාවක් නැහැ කියලයි. ඒක විද්‍යාත්මකව ඔප්පු වෙලා ඉවරයිනේ. අන්න ඒකයි මම කියන්නේ. අපි විනාශ වෙමු කියලා."
"ප්‍රොෆෙසර්, මම ක්‍රිස්තියානි ආගම අදහනවා. ඒකට ගරු කරනවා. ඔබ දන්නවා ඇතිනේ අපේ ප්‍රධාන පරමාර්ථය දෙවියන් වහන්සේ වෙත යාම. බෞද්ධ දර්ශනේ අනුවනම් නිර්වාණය. නමුත් ඔය දෙකින් එකක්වත් විනාශෙන් වෙන්නේ නැහැනේ"
"ඒක ඔප්පු කරන එක මටවත් කරන්න බැහැ කියලා මම පිළිගන්නවා. නමුත් මම බලාපොරොත්තු වෙනවා මේ විනාශය නිසා අපේ මේ තියෙන ඒකාකාරී වූ දුක්වලින් මිදෙන්න පුවවන් වෙයි කියලා."
"හොදයි එහෙම නොවුනොත්?"
"එහෙම නොවෙයි කියලා හිතන්න අමාරුයි. මොකද ක්‍රිස්තියානි ආගමේ කියන විදියට දෙවියන් වහන්සේ වෙත යාමත් බුදු දහමේ එන දිව්‍යලෝක, බ්‍රහ්මලෝක, ප්‍රේතලෝක වගේ ලෝකවලට යාමත් ඒ ඒ පුද්ගලයා කරපු හොඳ නරක අනුවනේ රඳා පවතින්නේ. ඉතින් ඔබ කවදා හරි ඔබ මැරුණහම ඔබ කරලා තියෙන හොඳ නරක අනුව ඔබවත්, මම කරලා තියෙන හොඳ නරක අනුව මාවත් ඒ ඒ තැන්වල උපදීවි. ඔය දේනේ අපේ ආගම්වල කියලා තියෙන්නේ. මම හදන්නේ ඒ කටයුත්ත ඉක්මන් කරන්න. මොකද අපිට කවදා හරි ඒ දේ අත්විදින්න සිද්ද වෙනවා නම් ඒක ඉක්මනින්ම ලබාගත්තහම මොකද වෙන්නේ කියලයි. මම අහන්නේ?"
"ඒ කතාව ඇත්ත තමයි. නමුත් ඉතින්, මේ විශ්වයේ අපි නොදන්න තව ලෝකයක මේ වගේ ආත්මයක්ම ලබාගෙන අපි උපන්නොත්......."
"ඒත් ප්‍රශ්නයක් නෑ. අපි මේ පෘථිවිය කියල ලෝකය තුළ මෙච්චර කාලයක් ජීවත් වුණානම් ඇයි අපිට ඒ ලෝකෙකදී එහෙම ඉන්න බැරි. අපේ මේ සංසාර ගමනේ තවත් එක් නැවතුමක් විතරක් වේවි ඒක.
"ජනධිපතිවරයා හිස සැලීය. "මම එකඟයි." ඔහු කිවේය.
සෑහෙන කාලයක් තිස්සේ ලොව ප්‍රබලම රට ලෙස පැවති මේ මොහොත දක්වාම එසේ පැවතියා වූ ඇමරිකාව නම් රටේ බලවත්ම පුද්ගලයා ද, අවසානයේ ඒ මානුෂිකද අමානුෂිකද යැයි හරිහැටි නොදත් විනාශයට එකඟ විය. ඔහුගේ අණ ක්‍රියාත්මක විය. තමනුත් විනාශයට පත්වන අතිවිශාල පරමාණු බෝම්බ මිනිසුන් අතින් නිපදවිණි.
මුලදී වවිධ රටවලින් මේ සඳහා බලපෑම් එල්ල වූවත්, ඇමරිකානු නායකයා තම හැඟීම් වලට වහල්වී කටයුතු කරනවායැයි තර්ජනය කළත් මහාචාර්ය Xගේ දේශනා වලට සවන් දුන් රාජ්‍යනායකයෝ අවසානයේදී මෙයට එකඟ වූහ.
"ලියනාඩෝ මේ අහපන්. දැන් මේ මුළු ලෝකයම ආයිත් කවදාවත් ජීවයක් ඇති නොවන ආකාරයට විනාශ කරන එක උඹට තියා උඹලගේ පැත්තට කතා කරන කාටවත් නතර කරන්න බැහැ. ඒක නිසා අපි දෙන්නගේ මේ අවරුදු 20 ක යාළුකම අපි දෙන්නා වෙන්වෙන මොහොතෙත් තියාගමු. මේ මුළු ලෝකයම දැන් සියළු තරහ මරහ අමතක කරලා සන්තෝසෙන් ඉන්න වෙලාවේ ඇයි උඹයි මායි වෙන්වෙලා. ප්ලීස් යාළුවා අපි ආයි එකතුවෙමු." ෆ්රෑන්ක් දුර රටක සිට තම මිතුරා අමතමින් පැවසීය.
ලියනාඩෝ කිසිත් නොකියා දුරකථනය විසන්ධි කලේය. විනාශයට කැමති සියල්ලෝම සිය අවසානය ළගාවන තෙක් බලා සිටියහ. තව දුටත් ඔවුන් අතර උස් පහත් භේද නොතිබුනි. ඒ බහුතරයකගේ හැටිය. තවත් සුළුතරයක් ජීවත් වන ඒ සුළු කාලය තුළදීත් අනෙකුන්ට වඩා වැඩියෙන් සැප විදින්නටත් අනෙකුන්ට වඩා මඳක් ඉහළින් සිටීමටත් උත්සහ කරනු පෙනුණි."
අවසානයේදී ලොව තිබූ සියළුම විකිරණශීලි මූලද්‍රව්‍යත් පුපුරණ ද්‍රව්‍යත් යොදා ගනිමින් තැනූ අතිවිශාල පරමාණු බෝම්බය නිපදවිණි. මෙය පුපුරා යාමෙන් පෘථිවිය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන දැවෙනු ඇත. යළිත් කිසිදාක ජීවයක් ඇති නොවන ලෙස විනාශ වනු ඇත.
සියල්ල සූදානම්ය. බෝම්බය නිපද වූ විද්වත්හූ අවසන් වරට තම නෑසියන් හමුවීමට ගියහ. බොම්බයේ දුරස්ථ පාලකය මේ ශ්‍රේෂ්ඨ වූද අතිශය බියගුළු වූද සංකල්පය ඉදිරිපත්කල ඒ මනුෂ්‍ය පුත්‍රයා අත විය.
දළඳා මාළිගාව දෙදරා යන හඬින් බෙර වැයිණි. හේවිසි නලා හඬ හාත්පස සිසාරා ඇදී ගියේය. චිරාත්කාලයක් තම පණ දෙවැනි කොට රජවරුන් රැකගත් බෞද්ධ යැයි සම්මත වූ ලොව තිබූ එකම රටෙහි වූ මෙම අති පූජනීය වස්තුව සිල්වත් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේත් බුද්ධ ධර්මය කෙරෙහි අමිල වූ විශ්වාසයක් සහිතව ජීවත් වූ ලෝකය ආරක්ෂා කර ගැනීමේ උදාර චේතනාවෙන් යුත් දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේත් සාධු නාදය මධයයේ මෙතෙක් කුමන කරුණක් සඳහාවත් තැන්පත් කර තිබූ ස්ථානයෙන් පිටතට නොගත් ඒ උතුම් වූ වස්තුව බුදුන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා යන පරම අදිටනින් යුතුව වසර දහස් ගණනක් නිසලව තිබූ ස්ථානයෙන් නිසලතාව බිදිමින් සසල කරවීය.
෴ නිමි. ෴
"ලෝක විනාශය" නම් වූ මෙම විද්‍යා ප්‍රබන්ධය පැතුම් අසංක හේරත්ගේ "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා" ග්රන්ථයෙහි එන එක් කතාවකි. උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය ඇතිව සිදු විණි. ISBN:955-97425-0-7. Image credit : m.flikie.com.
Shiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com4tag:blogger.com,1999:blog-7363445756873744504.post-22061174490611992722014-01-19T13:55:00.000+05:302014-01-31T10:36:40.995+05:30ලෝක විනාශය (හතරවන කොටස)
"හාමුදුරුවනේ මේ මොකක්ද වෙන්නේ." අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණෝ මල්වතු හිමියන් අමතා ඇසූහ.
"මටත් මොකුත්ම හිතාගන්න අමාරුයි. මේක මෙච්චර දුරකට ව්‍යාප්ත වෙයි කියලා මම හිතුවේ නෑ. නමුත් දැන් තත්වේ හුඟක්ම භයානකයි. ඔබ වහන්සේ ජනාධිපතිතුමාට කතා කරලා බැලුවද?"
"එහෙමයි. එතුමා කියන්නේ දැනටමත් ලෝකෙන් භාගයක් විතර මිනිස්සු මේ දර්ශනේට එකඟ වෙලාලු. අපේ රටෙත් සෑහෙන්න පිරිසක් දැන් මේ මනුස්සයාගේ අනුගාමිකයෝ වෙලාලු. තව දුරටත් මේක මේ විදියට වර්ධනය වුනොත් අපිට කරගන්න දෙයක් නැතිවෙයි කියලා එතුමාගේ අදහස. අනිත් එක මට ආරංචියි අපේ සමහර භික්ෂූන් වහන්සේලාත් ඒ පැත්තට ගිහිල්ලා කියලා." අස්ගිරි හිමියෝ පැවසූහ.
"අනේ මම දන්නේ නැහැ හාමුදුරුවනේ මේ ලොකෙට මොනව වෙන්න යනවද කියලා. ඉන්දියාව නම් මේ දවස් වල හොඳටම වැටිලනේ තියෙන්නේ. ඇත්තෙන්ම ඒ රටේ මිනිස්සුන්ට නම් ජීවත් වෙන එක එපා වෙලා ඇති. ගොඩක්ම අමාරුවෙන් ජීවත් වන රටවල මිනිස්සු මේකට ගොඩක් කැමතියි. ඒක ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් සාධාරණයි." මල්වතු පාර්ශවයේ මහනායක හිමියෝද සුසුම් හෙලමින් පැවසූහ.
"පාප් වහන්සේ නම් මේකට සෑහෙන්න විරුද්ධයි. නමුත් බහුතරයක් ක්‍රිස්තු භක්තිකයෝ එකඟයි. අරාබිකාරයොත් එහෙමයි. කොටසක් කැමතියි. කොටසක් කැමති නැහැ."
"අනිත් එක හාමාදුරුවනේ මේ මනුස්සයා ඉන්දියාවෙ ඉපදිලා ලංකාවේ හැදිලා වැඩිලා ඇමරිකාවේ ඉගෙනගෙන තියෙන්නේ. එහෙම මිනිහෙක් වෙලත්........." අස්ගිරි හිමයන්ට පැවසීමට හැකිවූයේ එපමණකි.
"හාමාදුරුවනේ ඔබ වහන්සේව මුණගැහෙන්න සුදු මහත්තයෙක් ඇවිත් ඉන්නවා." පන්සලේ විසූ සාමණේර හිමි නමක් එතැනට විත් පැවසීය.
"මෙහාට එන්න කියන්න."
"අවසරයි හාමුදුරුවනේ, මම ඇමරිකාවේ නොර්ත් වෙස්ටර්න් සරසවියේ රසායන විද්‍යා මහාචාර්ය ලියනාඩෝ එස්. කැමරන්. මම ඔබතුමන්ලගේ ජනාධිපතිතුමා හමුවෙලයි ආවේ. එතුමයි කිව්වේ මේ ප්රශ්නය ගැන ඔබවහන්සේලා එක්ක සාකච්ඡා කරන්න නියලා." ලියනාඩෝ පැහැදිලි සිංහලෙන් ඇසීය.
මල්වතු හිමිපාණෝ ඔහු දෙස පූර්ණ බැල්මක් හෙළා "බොහොම සන්තෝෂයි මහත්මයා. අතනින් වාඩි වෙන්න. අපිත් දැන් මේ වෙලා තියෙන දේ ගැන තමයි සාකච්ඡා කරමින් සිටියේ." යැයි පැවසීය.
"ඇත්තටම හාමුදුරුවනේ මම ඇමරිකන් ජාතිකයෙන් වුනාට අදහන්නේ බුද්ධ ධර්මය. මම අවුරුදු 11 ක් ලංකාවේ ඉදලා බුද්ධාගම ඉගෙන ගත්තා. මම අද මෙහාට ආවේ අපේ රටෙයි අනෙක් බටහිර රටවලයි ඉන්න, මේ සිද්ද වෙන්න යන මහා විනාශයට විරුද්ධ මිනිසුන් වෙනුවෙන්. මේක බොහොම රහසිගත හමුවීමක්."
"ඔය මහත්තයා දැන් මොකක්ද කරන්න හදන්නේ?" අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියෝ ඇසූහ.
"ඒකට කලින් මට දැන ගන්න ඕනේ හාමුදුරුවනේ මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියන එක."
"මේකයි මහත්තයෝ, බුදුහාමුදුරුවෝ කියපු විදියට නිර්වානය ලබා ගන්න එක බොහොම දුෂ්කර නටයුත්තක්. ඒ සඳහා මුලින්ම කායික, වාවසික සංවරය තුලින් මූලික ශික්ෂණයක් සමඟ අධ්‍යාත්මික ගුණ රාශියක් ඇති කරගත යුතුයි. ඊට පස්සේ සිත දියුණු කරන්න ඕනෙ. ඒකට බුද්ධාගමේ සඳහන් වන පංචනීකරණ නැතිකරගන්න වෙනවා. ඊට පස්සේ සමථ භාවනාව වඩන්න ඕනේ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ප්‍රථම, ද්වීතීය, තෘතීයික හා චාතුර්ථ ධ්‍යාන ලබාගෙන ඉන් පස්සේ සෝවාන්, සකෘදාගාමී ආදී මාර්ග ඵල පසු කර ඊටත් පස්සේ තමයි ඔය කියන පහනක් නිවීයාම බඳුවූ නිවන ලබාගන්න පුළුවන්.
"ඒ විදියට බැලුවහම මේක මේ ක්ෂණිකව ලබාගන්න පුළුවන් දෙයක් නොවෙයි බොහොම කාලාන්තරයක් පෙරුම් පුරලා ඒ සඳහා වෙහෙසිලා ලබාගත යුතු දෙයක්. නමුත් ඉතින් මේ ලෝකෙ ඉන්න බහුතරයක් මිනිස්සුන්ට ඕනේ හැමදෙයක්ම බොහොම පහසුවෙන් ඉක්මනට ලබාගන්න. ඉතින් ඒ වගේ මිනිස්සු කොට්ඨාශයකට අර වගේ සදාකාලික මරණයක් වගේ කතා කිව්වම ඒවා විශ්වාස කරන්න පෙළඹෙනවා. අනිත් එක ඒ දේවල් බොහොම පැහැදිලිව නූතන විද්‍යාව මගින් ඔප්පු කරන්න ඒ පුද්ගලයා සමත් වෙලා තියනවනේ. ඉතින් පෘථග්ජන මිනිසුන් විදියට ඒක විශ්වාස කරන එක ස්වභාවිකයි.
"එතකොට ඔබවහන්සේ කියන්නේ, මේ මනුස්සයා කියන කතාව විශ්වාස කරන්න කියලද?" ලියනාඩෝ ඇසීය.
"නෑ මහත්මයා මම එහෙම කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නෙ කවුරුහරි කියන දෙයක් ඒ විදියටම පිළිගන්න එපා. ඒක තමාගේ සිතින් විමසා බලා සුදුසුනම් පිළිගන්න කියලනේ."
"එතකොට ඔබවහන්සේලා මේක පිළගන්නවද?"
"කවදාවත් නෑ මහත්තයෝ. අපට බුද්ධාගම, බුදුහාමුදුරුවෝ විශ්වාසයි." නායක හිමිවරු පැවසූහ.
"ඉතින් ඇයි ඔබවහන්සේලා මේකට කිසිවක් නොකරන්නේ?"
"අපට කරන්න දෙයක් නැහැ මහත්තයා. මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් භාගෙකටත් වැඩිය දැන් මේ ධර්මය පිළිගන්නවනම් අපි විතරක් විරුද්ධ වීමෙන් පලක් නැහැනේ." මල්වතු හිමියෝ පැවසූහ.
"නෑ හාමුදුරුවනේ මේ ලෝකේ තව ගොඩක් මිනිස්සු මේකට විරුද්ධව. අපි එයාලවට එකතු වෙලා මේ කෲර මිනිස් ඝාතනය නවත්වන්න බලමු."
"මහත්තයා හොඳට හොයලා බැලුවොත් පෙනෙයි ඔය වැඩේට අකමැති මේ ලෝකෙ ඉන්න යමක් කමක් තියෙන සල්ලිකාර සල්ලි හම්බකරන්න කැමති පිරිසක් කියලා. එහෙම නැතිව කන්න නැතිව, අදින්න නැතිව, දහසක් ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්න මිනිසුන්ගෙන් කීයෙන් කී දෙනාද මේ වැඩේට අකමැති කියලා."
"ඔබවහන්සේලා කියන්නේ අපි මේ කරන්න හදන දෙයින් ප්‍රයෝජනයක් වෙන එකක් නෑ කියලද?" ලියනාඩෝ ඇසීය.
"මම කියන්නේ මහත්තයො අපි අන්තිම මොහොත වන තෙක් බලමු. අපි දැන්මම මේකට තදින්ම විරුද්ධ වෙන්න ගියොත් සමහර විට යුද්දයක් පවා ඇති වෙන්න පුළුවන්." මල්වතු හිමයෝ පැවසූහ.
"ඒක ඇත්ත. අපි දැනට ඉවසමු. නැත්නම් අර මනුස්සයා කියන විදියට න්‍යෂ්ටික අවි පාවිච්චි කරලා ලෝකේ විනාශ කරන්න කලින් මිනිස්සු ඇන කොටාගෙන මැරෙයි."
"කොහොම උනත් මහත්තයෝ බුද්ධාගම අදහන කෙනෙක් විදියට බුදුරජාණන් වහන්සේව විශ්වාස කරන්න. උන්වහන්සේගේ බැල්ම..... ආශිර්වාදය හැමදාම මේ ලෝකෙට තියෙනවා. අවසාන මොහොතේ හරි මිනිස්සුන්ට සත්‍යය වැටහේවි. ෴
"ලෝක විනාශය" නම් වූ මෙම විද්‍යා ප්‍රබන්ධය පැතුම් අසංක හේරත්ගේ "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා" ග්රන්ථයෙහි එන එක් කතාවකි. උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය ඇතිව සිදු විණි. ISBN:955-97425-0-7. සේයාරුව mythoughtsbornfromfire වෙතිනි.
Shiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com0tag:blogger.com,1999:blog-7363445756873744504.post-75459083864509094682014-01-18T23:09:00.000+05:302014-01-18T23:19:54.399+05:30ලෝක විනාශය (තෙවන කොටස)
"නමුත් ආචාර්යතුමනි තවම ඔප්පු වෙලා නැහැනේ මේ විශ්වයේ අපි තනි වෙලා කියලා." ලියනාඩෝ තම අතෙහි වූ මයික්‍රෝෆෝනය භාවිතයෙන් ඇසීය.
"ඇයි නැත්තේ, මේ තියෙන්නේ නාසා එකෙන් මට ලැබුනු අළුත්ම වාර්තා. ඒ ගොල්ලෝ කියනවා මුළු විශ්වයම ආවරණය වන විදියට යවපු එන්ඩ්ලස් වොයේජ් යානා ඔක්කොගෙම තොරතුරු ලැබුණා කියලා. ඒවායින් කිසිම අකාරයක ජීවයක් මේ විශ්වය තුළ පරිණාමය වෙමින් පවතින බවට සාක්ෂි ලැබිලා නැහැ. මීට වැඩිය පරීක්ෂණයක් එයාලට කරන්න බැරිලු. අනිත් එක තව අවුරුදු 1000 ක් හෙවුවත් මීට වැඩිය දෙයක් හොයාගන්න ලැබෙන එකක් නෑ කියලයි එයාල කියන්නේ."
"ඒ වුණත් ආචාර්යතුමනි, වෙනත් පරිමාණ වල ජීවීන් ඉන්න පුවවන් නේද?"
"ඔය කියන්නේ සමාන්තර විශ්ව ගැනනම් මම ඒ සංකල්පය බැහැර කරනවා. මොකද ඒවා ගැන මෙතෙක් අපිට සාක්ෂියක් ලැබිල නැහැ. මමත් බහුමාන සංකල්පය ගැනයි සමාන්තර විශ්ව ගැනයි බොහොම පරීක්ෂණ කරපු කෙනෙක්." දේශකයා පැවසීය.
"නමුත්............." ෆ්රෑන්ක් යමක් පැවසීමට උත්සහ දැරීය.
"ඔබ කියන්න හදන්නේ සාක්ෂියක් නොලැබීම කරණ කොටගෙන ඒ විදියට ඉවත දාන්න බැහැ කියලනේ. එහෙම නේද?" දේශකයා ඇසීය.
ෆ්රෑන්ක් හිස සැලීය.
"ඔබ හිතපු දේ ඇත්ත තමයි. නමුත් ඔබ දන්නවද මාන අතර සීමාවක් බිඳින්න නියමිත සංඛ්‍යාතයක් ලබාදීමට අති විශාල ශක්තියක් අවශ්‍ය වන බව. ඒවා අපේ අති නවීනතම පරීක්ෂණ වලින් ඔප්පු වෙලා ඉවරයි. ඉතින් ඔබ හිතන්න. අප මිය ගියහම අපේ ශරීරයෙන් බැහැරවන, අප ආත්මය කියලා හදුන්වන භූතාර්ථය කොහොමද බාහිර උදව්වකින් තොරව ඒ වගේ අති විශාල ශක්තියක් ලබා ගන්නේ කියලා." ඔහුගේ ප්‍රකාශයෙන් ෆ්රෑන්ක් නිරුත්තර විය.
"එතකොට ඔබතුමා ඒකට දෙන විසදුම මොකක්ද?" ලියනාඩෝ ඇසීය.
"ඒක තමයි විනාශය. ඔව් මහත්මයා ඒක තමයි විනාශය. අප සැමගේම විනාශය." ඔහු කෑ ගැසීය.
රැස්ව සිටි සිය දහස් ගණනක් ජනතාව මහ හඬින් කෑ ගැසුවෝය.
"විනාශය........ ලෝක විනාශය........." ඔවුන්ගේ මුවින් පිට විය. ඔවුන් සියල්ල ආවේශ වූවාක් වැනිය.
"මේ කතාව අහන්නද අපි මෙච්චර දුරක් ගෙවාගෙන මෙහාට ආවේ?" ලියනාඩෝ මඳ කෝපයෙන් යුතුව ඇසීය.
"ලියෝ හිතන්නේ නැද්ද මේ මනුස්සයා කියන කතාවේ ඇත්තක් තියෙනවා කියලා?"
"මනස්ගාත...... ෆ්රෑන්ක් දන්නවනේ මම බටහිර රටක ඉපදුනත් බුද්ධාගම අදහන මිනිහෙක්. බුදුහාමුදුරුවන්ව විශ්වාස කරනවා... බුදුහාමුදුරුවෝ කිව්වේ සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා කියලා... මේ මනුස්සයා කියන්නේ සියළු සත්ත්වයෝ මිය යත්වා කියලා..." ලියනාඩෝ පෙර වූ කෝපයෙන්ම පැවසීය.
"සියළු සතුන්ගේ දුක් සාමූහිකව නැති කරන්න විදියක් තමයි මේ කියන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒක පුද්ගල විමුක්තිය ගැනනේ." ෆ්රෑන්ක් තම මිතුරා සමග පැටලෙමින් පැවසීය.
"මම කියන්නේ මේකයි ලියෝ නිවන කියලා බුදු දහමේ සඳහන් වන ඒ දෙය ගැන පැහැදිලි අවබෝධයක් අපට නැහැනේ."
"ඇයි බුදුහාමුදුරුවෝ, එතකොට ඒ කාලේ හිටපු රහතන් වහන්සේලා, මෙතුමන්ලා ඔක්කොම නිර්වානය අවබෝධ කරගත් අය."
"ඒ අයව ලියෝ දැකල තියෙනවද? එතුමන්ල කිව්වද අපිට නැවත ඉපදීමක් නෑ. මේ අවසාන ඉපදිමයි කියලා. නැහැනේ. ඉතින් ඇයි ඒක විශ්වාස කරන්නේ?"
"අනේ දෙවියනේ මේ මොනවද මේ කියවන්නේ. නිකන් පව් පුරෝගන්න එපා ෆ්රෑන්ක්. ඔය කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මිනිස්සු හිතින් මවාගත්ත සංකල්පයක් කියලද? කතා කරල වැඩක් නෑ අයිසේ. මිත්‍යා දෘෂ්ඨිකයෝ." ලියනාඩෝ කෝපයෙන් යුතුව යන්නට හැරුණි.
"හරි... හොඳයි අපි කියමුකෝ බුදුහාමුදුරුවෝ කියන්නේ නිකම්ම සංකල්පයක් විතරයි කියලා. ෆ්රෑන්ක් ඔහේගේ මුත්තව, මී මුත්තව දැකලා තියෙනවද? නෑනේ. ඒ ගොල්ලොත් එක්ක කතා කරලා තියෙනවද? නෑනේ. ඉතින් එහෙම වුණයි කියලා ඔහේ විහ්වාස කරනවද මුත්තලා මී මුත්තලා හිටියේ නැහැ කියලා. පුළුවන්නම් මට ඒකට උත්තර දෙනවා." යන්නට ගිය ලියනාඩෝ ආපසු හැරී විත් පැවසීය.
"මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක් ලියෝ.... ඒක තෙරුම් ගන්නව. මම එහෙම කිව්වේ, බුදුහාමුදුරුවෝ මේ ලෝකේ ඉඳල නැ කියන්න නෙමේ. කෙනෙක් කියපු දෙයක් ගැන අපි මොකටද මේ තරම් විශ්වාසයක් තබාගෙන කල්ප ගානක් ජීවත් වෙන්නේ. මම හිතන්නේ මිනිස්සු වෙනස් වෙන්න ඕනේ. හරියට බුදුහාමුදුරුවෝ ඉපදෙන්න කලින් මිනිස්සු බුදු දහම ව්‍යාප්ත වෙන්න කලින් ගස් ගල් වලට වැදලා ඒවාට ගරු කරපු මිනිස්සු බුදු දහම ලැබුණට පස්සේ ඒක අනුගමනය කළා වගේ. දැන් අවුරුදු 2500 ක් 3000 ක් විතර අපි මේ ලෝකේ මිනිස්සු බුද්ධාගමයි, හින්දු ආගමයි, ක්‍රිස්තියානි ආගමයි, අනිත් ආගමුයි අදහමින් ජීවත් වුණා කියලා මිනිස්සු වෙනස් වෙලා නැහැනේ. බුදුහාමුදුරුවෝ ඉපදෙන්න කලින් මිනිස්සුන්ට ඒ ප්‍රශ්න වලටම වෙනස් මුහුනුවරකින්ම, සරල වෙලා නැත්නම් තිබුණටත් වැඩිය සංකීර්ණ වෙලා මුහුණ දෙන්න වුණා. දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවටත් පස්සේ අවුරුදු 2500 ක් 3000ක් ගියත් අපිට ඒ ප්‍රශ්න ඒ විදියටම තියෙනවා. මම කියන්නේ බුද්ධාගම ගැන විතරක්ම නෙමෙයි. අනිත් හැම ආගමකින්ම වුනේ මිනිස්සු ටිකක් ශිෂ්ඨ සම්පන්න බවට පත්වෙලා යම් ක්‍රමයකට ජීවත් වෙන්න පුරුදු වුණා කියලා.ඊට වැඩිය දෙයක් වුණා කියලා මම හිතන්නේ නැහැ."
ලියනාඩෝ උඩබලාගෙන ඇස් පියා ගත්තේය.
"ලියෝ මේක මගේ අදහසක් විතරයි. සමහර විට මම වැරදි වෙනන් පුළුවන්." ෴
"ලෝක විනාශය" නම් වූ මෙම විද්‍යා ප්‍රබන්ධය පැතුම් අසංක හේරත්ගේ "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා" ග්රන්ථයෙහි එන එක් කතාවකි. උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය ඇතිව සිදු විණි. සේයාරුව PANDAEMONIUM වෙතිනි.
"ජනාධිපතිතුමනි, මොකක්ද ඔබතුමා මේ සම්බන්ධව හිතන්නේ?" රුසියන් සමූහාණ්ඩුවේ (එවකට සිටි) ජනාධිපති ඇලෙක්සැන්ඩර් ඩී. චෙකෝෆ්, ඇමරිකන් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය.
"මේක නම් පුදුම ප්‍රශ්නයක්. මුළු මිනිස් ඉතිහාසෙටම මේ වගේ ප්‍රශ්නයක් නම් ඇති වෙලා නැතිව ඇති. ඇත්තටම කියනවනම් ජනාධිපතිතුමනි, මට නම් තවම කිසිම දෙයක් හිතාගන්න බැහැ. මොකද මමත් ක්රිස්තුභක්තිකයෙක්."
"මට ඊයේ බ්‍රිතාන්‍ය අගමැතිතුමා කතා කරලා කිව්වා මේ ගැන වහා තීරණයක් ගත යුතුයි කියලා. මොකද දැන් හැම රටකම වගේ මිනිස්සු ඇවිස්සිලා." රුසියානු නායකයා පැවසීය.
"ඒක ඇත්ත. නමුත් එහෙම කියලා අපි කොහොමද මේ මනුස්සයා කියන දේ කරන්නේ. ඒක මහ අමානුෂික ක්‍රියාවක්." ඇමරිකානු ජනාධිපති රොබට් ජැක්සන් රුසියානු නායකයා අමතමින් පැවසීය.
"සර් එන්ඩ්ලස් වොයේජ් යානා හතරෙම තොරතුරු ලැබිලා ඉවරයි. අපේ බලාපොරොත්තු ඔක්කොම ඉවරයි." මයික් සිල්වෙස්ටර් තම ප්‍රධානියට පැවසීය.
"ඒ කියන්නේ මේ විශ්වයේ අපි තනි වෙලා කියන එකද?" ඔහු තමාටම කියා ගත්තේය.
"අපිට පුළුවන් උපරිම ආකාරයෙන් සෑම අකාකරයකටම අපි විශ්වය ගවේෂණය කරලා ඉවරයි. මීට වඩා වැඩි යමක් තව අවුරුදු 1000 ක් ගියත් හොයාගන්න හම්බවෙයි කියලා මම හිතන්නේ නැහැ." රොකට් ප්රචාලන අංශයේ ප්‍රධානියා වූ මයික්, නාසා ආයතනයේ ප්‍රධානියා වූ මහාචාර්ය විලියම් ස්කාලට් දෙස බලමින් පැවසීය.
"එහෙනම් අර මනුස්සයාගේ කතාව අපිට පිළිගන්න සිද්දවෙනවා." ස්කාලට් පැවසීය.
"නමුත් සර්, සමාන්තර විශ්ව ගැන අපි තවම දන්නේ නැහැනේ. සමහර විට ඒවායේ ජීවයක් පවතින්න ඉඩකඩ තියෙන්න පුළුවන්." භෞතික විද්‍යාඥ ආතර් මැක්මිලන් ඔවුන් සමඟ එක් වෙමින් පැවසීය.
"ඒක නම් එහෙම තමයි. නමුත් අපට තවම සමාන්තර ලෝක තියනවද නැද්ද කියලවත් ඔප්පු කරන්න බැරි වුණානේ. ඉතින් අපි කියන දේට වඩා අර මනුස්සයා කියන දේ බොරු කරන්න නම් අපිට පෘථිවිය හැර වෙනත් ජීවයක් ඇති බව ඔප්පු කරන්න වෙනවා." මහාචාර්ය විලියම් සෙස්න් අමතා පැවසීය.
"එක අතකට මට හිතෙනවා සර්, ඒ මනුස්සය කියන කතාව පිළිගත්තනම් ඉවරයි කියලා. මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙන් බාගයක් විතර එයාව අනුගමනය කරන්න සූදානම් නම් ඇයි අපි විතරක් මේ වගේ දේවල් කරන්නේ?" විලියම් ඇසීය.
"ඒව ඔක්කොම හරියි කියමුකෝ. බැරිවෙලාවත් එය කියන විදියේ සදාකාලික මරණයක් හිමි නොවුනොත් අපි මේ අමාරුවෙන් ලබාගෙන තියෙන මිනිස් බවත් නැතිවෙලා යනවා. එතකොට මොකද වෙන්නේ?" විලියම් ඇසීය.
"නමුත් සර්, එහෙම වෙන්න විදියක් නැහැනේ. මේ මුළු විශ්වයේම පෘථිවිවාසීන් හැර කිසිම ජීවයක් නැහැ. ඉතින් කොහොමද අපිට සදාකාලික මරණයක් උරුම නොවෙන්නේ?" මයික් ඇසීය.
"ඒ අපි දන්න තරමනේ. අපි නොදන්න තව බොහෝ දේවල් තියෙන්න පුවවවන්. දන්වනේ අර කියමනක් තියෙනවා විශ්වය හුගක් පුදුමාකාරයි කියලා" විලියම් ස්කාලට් එසේ පවසමින් නික්ම ගියේය.
"රැස්ව සිටින සියළු පෘථිවිවාසීනි, ඇහුම්කන් දෙන්න. නමුත් නොඅසන්න. තේරුම් ගන්න." කුඩා මිනිසාගේ මුවින් නිකුත් වන හඬක් රැස්ව සිටියවුන් සිසාරා ඇදී ගියේය.
"මම කිසියම් අද්භූත බලයක් සහිත මිනිසෙක් නොවෙමි. මමද ඔබ වැනිය. මා කියන්නක් අසන්නැයි මම ඔබලාට නොකියමි. මා පවසන්නේ විද්‍යාත්මකව සිදුවිය හැකි දෙයයි. මෙය මෙසේ නොවේයැයි කිසිවෙකුට ඔප්පු කළ හැකිනම් මම ඔහුට ගරු කරමි. මගේ දර්ශනය මෙය වේ.
මේ පෘථිවිය තුළ ඔබත් මමත් ඇතුළු සියළුම සත්ත්ව වර්ගයන් උපත ලබා සිටින්නෙමු. උපන්දා සිට මරණය තෙක් විවිධ සිද්ධීන්ගෙන් ගහන වූ ජීවිතය තුළ අපි ජීවත් වන්නෙමු. අවසානයේදී මරණයෙන් අපි ඒ ජීවිතයෙන් සමුගනිමු. නමුත් යළිත් උපතින් වෙනස් වූ ජීවිතයක් තුළ එම ජීවිතය සමඟ ජීවත් වන්නෙමු. නැවත මරණයෙන් වෙන්වෙමු. මේ සියල්ල වක්‍රාකාරව සිදුවන්නේ මේ පෘථිවිය තුළය. මෙපණ කාලයක් ඔබට මට මුළු ජීවි අජීවි වර්ගයාටම සිදුවූ යහපත් දේ අයහපත් දේ ද සිදුවූයේ මේ පෘථිවිය තුළය.
එසේනම් මේ මහා විශ්වය තුළ පෘථිවිය නොතිබුනා නම් එවිට එහි ජීවයක් නොපවතිනු ඇත. එවිට නුඹලාටත් මටත් මුළු ජීවි අජීවි වර්ගයාටත් කුමක් සිදුවනු ඇතිද? සිතා බලන්න.
විද්‍යාව අතිශය දියුණු මෙවන් යුගයකදී පවා කිසිදු ආකාරයක ජීවයක් මේ විශ්වයේ අපිට හමුවී නොමැත. ඒ බවට අංශුමාත්‍රීය සලකුණක් හෝ මෙතෙක් සොයාගෙන නැත. එයින් පැහැදිලි වන්නේ අප පාළු විශ්වයක ජීවත් වන බව නොවේද? එවැනි පාළු විශ්වයක් තුළ විවිධාකාරවූ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් ජිවත් වෙනවට වඩා මරණය නොවටීද?"
රැස්ව සිටි පිරිස ජයඝෝෂා නැගීහ. "ඒක තමයි වෙන්න ඕනෙ." ඔවුහූ පැවසූහ. ෴
"ලෝක විනාශය" නම් වූ මෙම විද්‍යා ප්‍රබන්ධය පැතුම් අසංක හේරත්ගේ "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා" ග්රන්ථයෙහි එන එක් කතාවකි. උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය ඇතිව සිදු විණි. සේයාරුව thedancingimage වෙතිනි.
Shiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com1tag:blogger.com,1999:blog-7363445756873744504.post-16758219083968732252014-01-17T23:26:00.002+05:302014-01-18T08:17:20.260+05:30ලෝක විනාශය (පළමු කොටස)
"සදාකාලික මරණය සියල්ලන්ටම උරුම වනු ඇත. කිසිවෙක් කිසිදාක නැවත නූපදිනු ඇත. ඔවුනොවුන් තමන්ට හිමි විමුක්තිය, සදාකාලික සැපත උරුම කරගනු ඇත."
රැස්ව සිටි පිරිස ජයඝෝෂා නැගූහ. ඔවුන්ට අවසානයේ විමුක්තිය ලැබෙනු ඇත.
"මෙතෙක් පොත්පත් වලින් හෝ මුඛ මාර්ගයෙන් පමණක් අසා දැක සිටියාවූත් යථාර්ථයක් ලෙස කිසිවකුටත් අවබෝධ කර ගැනීමට මෙකල්හි දී නොහැකි වූත් නිර්වාණය, විමුක්තිය උදාවනු ඇත." ජයඝෝෂාව වඩ වඩාත් තීව්ර වන්නට විය.
"මොනවද මේ මනුස්සය කියන්නේ?" ලියනාඩෝ අසල සිටි ෆ්‍රෑන්ක්ගෙන් ඇසීය.
"මිනිහා කියන එක විශ්වාස කරන්න සෑහෙන්න අමාරුයි." ෆ්රෑන්ක් තම නිවසේ සිට සැතපුම් දහස් ගණනක් ඈතින් වූ එක් පුංචි රටක වෙසෙන මිනිසෙකු දෙස බලමින් ඔහුගේ කතාවට සවන් දෙමින් තම මිතුරාට පැවසීය.
"විශ්වාස කරන්න අමාරුයි නෙවෙයි. කොහොමටවත් විහ්වාස කරන්න බැහැ" ලියනාඩෝ තම මිතුරා දෙස බලමින් පැවසීය.
"එහෙම කියන්න බැහැ ලියෝ. මිනිහා කියන කතාවේ සෑහෙන්න ලොකු ඇත්තක් තියෙනවා. මිනිහගේ සාක්ෂිත් සෑහෙන්න ප්‍රබලයි."
"අයිසේ ෆ්රෑන්ක් තමුසේ දන්නවනේ පිස්සෝ ගැන? තමන් කියන දේ ගැන තමන්ම දන්නේ නෑ. මේ ඉන්නේ ඒ වර්ගයේ කෙනෙක්."
නමුත් ලියෝ මිනිහ විද්‍යාඥයෙක්. දාර්ශනිකයෙක්. මේ මනුස්සයට තියෙන්නේ මහ පුදුමාකාර දැනුමක්. ඉතින් එහෙම කෙනෙක් පිස්සෙක් වෙන්නේ කොහොමද?"
"ෆ්රෑන්ක් දන්නවනේ නූගත් මිනිහෙක් වුනත් උගත් මිනිහෙක් වුනත් පිස්සෙක් වුනොත් ඒක භයානකයි. තමුසේ කියන විදියට මේ මිනිසා වගේ විද්‍යාඥයෙක් දාර්ශනිකයෙක් පිස්සෙක් වුනොත් අති භයංකරයි. ඒ මොකද මිනිහගේ දැනුම අති විශාලයි. ඒක නිසා ඒ දැනුම නුවමනා විදයට යොදවන්න පුවවන්. මට හිතෙන්නේ මේ මිනිහා කරන්නේ ඒ වගේ දෙයක්."
"මේ පහළ වෙලා ඉන්නේ මිනිස්සු මෙච්චර කාලයක් බලාපොරොත්තුවෙන් සිටි උත්තමයෙක්. අතීතයෙන් ලැබුණ පුවත්වල කියවුනු බුදුරජාණන් වහන්සේයි, අනිත් ආගමික නායකයොයි අපේ කාලයේ විදියට බැලුවොත් එක්තරා විදියක විශ්වාසයක් පමණයි. මොකද එතුමන්ලව සියැසින් දැකපු කිසි කෙනෙක් දැන් නැහැනේ. හැමෝම කියන්නේ ඉස්සර මේ වගේ අය හිටිය කියලා විතරයි. නමුත් මේ පුද්ගලයා නිසා ඒ විශ්වාසය යථාර්ථයක් බවට පත් වෙනවා." ෆ්රෑන්ක් පැවසුවේය.
"නමුත් මේ මනුස්සයගේ දර්ශනය ඒ ඔක්කොමටම වඩා හාත්පසින් වෙනස් නේද?"
"මට දැනට ලැබිල තියෙන තොරතුරුවලට අනුව නම් එහෙම තමයි. මේ පුද්ගලයා හමුවෙන්න පුළුවන්කමක් ලැබුනොත් නම් හරියටම සිද්ධිය දැන ගන්න පුළුවන්."
මිතුරන් දෙදෙනාගේ කථාව එතනින් නිමා විය. ෴
"ලෝක විනාශය" නම් වූ මෙම විද්‍යා ප්‍රබන්ධය පැතුම් අසංක හේරත්ගේ "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා" ග්රන්ථයෙහි එන එක් කතාවකි. උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය ඇතිව සිදු විණි. සේයාරුව LA Times වෙතිනි.
<b:if cond="data:blog.pageType == "item"">
</b:if>
Shiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com0tag:blogger.com,1999:blog-7363445756873744504.post-29366050128092989182014-01-15T12:26:00.000+05:302014-03-16T21:35:56.773+05:30කතා කරන ඉලක්කම්
භාෂාවකදී අකුරු එකින් එක අමුණමින් අපි වචනයක අරුත වටහා ගනිමු. 1+2 යනුවෙන් දුටුවිටද එම ඉලක්කම් අමුණමින් කියා පාන දේ අපට වටහා ගන්නට එතරම් කාලයක් ගත නොවේ. ඒ අනුව ගණිතය භාෂාවක් නම් එහි භාවිත වන අක්ෂර සංඛ්‍යා විය යුතුය. සංඛ්‍යා යනු මිනිස් සිතින් අර්ථ දක්වා ගත් සංකල්පයකි. ඒවා රූපයක් හෝ ද්‍රව්‍යයක් විය හැකියි. මේවා ගණිතමය භූතාර්ථ (Mathematical Entity) ලෙස හැඳින්වේ. මේවායේ රූපයමය ස්වාභාවය සංස්කෘතියට සාපේක්ෂ වේ. රෝම ඉලක්කම් පද්ධතිය සහ නූතනයේ බහුලවම භාවිතා වන හින්දු-අරාබි ඉලක්කම් පද්ධතිය මේවාට නිදසුන්ය. ඒ වගේම සිංහල ඉලක්කම් පද්ධතියක් පිළිබඳවද පසුගිය කාලයේ කතාබහට ලක් වුණා. මෙතනින්: www.sinhala-online.com/sinhala-digits-number-page.html ගිහිල්ලා බැලුවොත් නූතන ඉලක්කමට අනුරූප සිංහල ඉලක්කම් බලා ගත හැකියි.
සිංහල ඉලක්කම් sinhala-online.com ඇසුරෙනි
නූතන ඉලක්කම් පද්ධතිය පිළිබඳවද විවිධ මත වාද තිබේ. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ අද පවත්නා ඉලක්කම් පද්ධතිය ඉන්දියාව ප්රමුඛ පෙරදිගින් බිහි වී අරාබිය ඔස්සේ යුරෝපය වෙත සංක්‍රමණය වී නැවත යුරෝපීය ආධිපත්‍යය ඔස්සේ ලොව පුරා ව්‍යාප්ත වූ බවයි.
මේ ඉලක්කම් (ගණිතමය භුතාර්ථ) තාර්කික ඥානයකින් යුතුව හසුරුවාලීම ගණිතයේදී සිදුවේ. ෴
කතුවරයා ගැන
ශිරෝෂන් රන්දික
සිංහල බ්ලොග්කරුවෙක්, වෙබ් නිමැවුම්කරුවෙක්
Shiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com0tag:blogger.com,1999:blog-7363445756873744504.post-4372076612618631532014-01-15T10:25:00.001+05:302014-01-16T22:38:33.231+05:30විද්‍යාවේ නැවත ආගමනය
2010 වසරේදී ඇරඹී විද්‍යාව.com වෙබ් අඩවිය 2011 වසරෙන් පසුව කාර්යබහුල වීම හේතුවෙන් යාවත්කාලීන වීමක් සිදු වුණේ නෑ. නමුත් නැවත වෙබ් අඩවිය යාවත් කාලීන කරන ලෙස ෆේස්බුක් පිටුව වෙත ඉල්ලීම් කීපයක් ලැබී තිබුණා. ඉතින් ඒ අනුව නැවත වෙබ් අඩවිය හැකි අයුරින් යාවත්කාලීන කිරීමට තීරණය කලා. ඒ වගේම මේක අවස්ථාවක් කර ගන්නවා ආරම්භයේ සිටම රැදී සිටි පාඨකයින්ටත් සම්පත් දායකයින්ටත් ස්තූතිය පුද කරන්නට. මින් ඉදිරියට මෙම වෙබ් අඩවිය තුල විද්‍යාව හා සම්බන්ධ පාඩම් පෙළකට පමණක් සීමා නොවී විවිධ මාතෘකා ඔස්සේ ලිපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. සම්පත් දායකයින් ලෙස සම්බන්ධ වීමට කැමති අය ඇත්නම් admin{at}vidyawa{dot}com ඔස්සේ සම්බන්ධ වන්න. ඔබ සැමට ලැබුවාවූ 2014 වසරට සුභ පැතුම්!
සේයාරුව:1.salford-systems.com
Shiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com3tag:blogger.com,1999:blog-7363445756873744504.post-3562098400173000402011-09-03T18:34:00.000+05:302013-12-05T16:57:56.089+05:30උප පරමාණුක අංශු අනාවරණය
විවිධ නිරීක්ෂණ නිසා පදාර්ථය හා විද්‍යුතය අතර සමීප සම්බන්ධතාවයක් පවතන බව පහත නිරීක්ෂණ වලින් නිගමනය කළ හැක.
ස්ථිති විද්‍යූතය
ගැල්වානි කෝෂ
විද්‍යූත් විච්ඡේදනය
විද්‍යූත් කපාට
ෆැරඩේගේ පරීක්ෂණ වලින් ලබාගත් තොරතුරු භාවිතා කර විද්‍යූතයට අංශූමය ස්වාභාවයක් ඇතයි යන මතය ස්ටෝනි ඉදිරිපත් කළේය. මෙම විද්‍යුත් අංශුව ඉලෙක්ට්‍රෝනය ලෙස හඳුන්වනු ලැබේ. විලියම් කෲක්ස් විසින් සිදු කරන ලද කැතෝඩ කිරරණ පරීක්ෂාව පසුව එම කිරණ පිළිබඳව දීර්ඝව අධ්‍යයනය කර තොම්සන් ඉලෙක්ට්‍රෝනය අනාවරණය කර ගත්තේය.
කෲක්ස්ගේ කැතෝඩ කිරණ පරීක්ෂාව
මෙහිදී පරීක්ෂණය ලෙස ඉතා අඩු පීඩනයක් යටතේ වායුවක් අඩංගු නලයක් තුල ඇනෝඩයක් සහ කැතෝඩයක් යොදා සරල අධීවොල්ටීයත්ාවයක් සපයනු ලැබේ. එවිට තැතෝඩය දෙසින් කිරණ විශේෂයක් නිකුත් වන අතර එම කිරණ නලයේ බ්ත්ියේ වැදී කොළ පාට දීප්තියක් ලබා දෙන බව නිරීක්ෂණය කළ හැක. මෙම කිරණ කැතෝඩ කිරණ ලෙස හැඳින්වේ.
[caption id="attachment_596" align="aligncenter" width="300" caption="Cathode Rays"][/caption]
මෙම පරීක්ෂණයේදී එක් එක් නිරීක්ෂණය මඟින් ලබා ගත් නිගමන මෙසේය.
කිරණ මාර්ගයේ තැබූ පාරාන්ධ වස්තවක් තැබූ විට බිත්තිය මත තියුණූ සෙවනැල්ලක් ලැබේ. එනම් මෙම කිරණ විශේෂය සරල රේඛීය මාර්ගයක ගමන් කරන බව නිගමනය කළ හැක.
විද්‍යූත් ක්ෂේත්රයකට මැදි කල විට මෙම කිරණ ධන ආරෝපිත තහඩුව දෙසට උත්ක්‍රමණය විය. එනම්. මෙය ඎණ ආරෝපිත කිරණයකි.
කිරණ මාර්ගයේ තැබූ හබල් සකක පෙති කිරණය ගැටුන විට හබල් සක කරකැවිණී. එම නිසා මෙම කිරණ අංශූ වලට ස්කන්ධයක් සහ ප්‍රවේගයක් ඇත. එනම් ගම්යතාවයක් ඇත.
අවතල කැතෝඩයක් යොදාගත් විට එකිරණ එක් ලක්ෂ්යයකට අභිසාරණය විය. එනම් කිරණ කැතෝඩයේ පෘෂ්ඨයට ලම්භකව ගමන් කරයි.
කිරණ මාර්ගයේ ඇලුමීනියම් පතුයක් තැබූ විට ඒ තුලින් කිරණ ගමන් කිරීම නිසා යම් තරමක විනිවිද යාමේ හැකියාවක් පවතින බව නිගමනය කළ හැක.
නලය තුල වායු වර්ගය වෙනස් කරමින් පරීක්ෂණය කළ විට කැතෝඩ කිරණයේ ස්කන්ධය එහි ආරෝපණ්යට දරන අනුපාතය (e/m) වෙනස් නොවන බව සොයා ගැනිණී. එනම් මෙම කිරණ සෑදී ඇති අංශූ සෑම පදාර්ථයකටම පොදු බව නිගමනය කෙරිණී.
ජේ. ජේ තොම්සන් විසින් මෙම අංශූ විශේෂය ඉලෙක්ට්‍රෝන ලෙස හඳුන්වනු ලැබීය. ඉලෙකට්රෝනයේ e/m අනුපාතය කිලෝග්‍රෑමයට කූලොම් 1.759 x 10^11 බවද ඔහු විසින් අනාවරණය කෙරිණී. තවද ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ආර්. ඒ. මිලිකන් ඔහුගේ තෙල් බිංදු පරීක්ෂණයෙන් සෙයා ගැනුණි. එහි අගය කූලෝම් 1.6021 x 10^-18 ක් වේ.
පරමාණු උදාසීන නිසාත් පරමාණුව තුළ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන තිබෙන නිසාත් ඒවා තුළ ධන ආරෝපිත අංශු විශේෂයක් පැවතිය යුතු බව ප්‍රකාශ කල රදර්ෆර්ඩ් එම අංශු විශේෂය ප්‍රෝටෝනය ලෙස හැඳින්වීය. ගෝල්ඩ්ස්ටයින්ගේ ධන කිරණ පරීක්ෂාව මඟින් ප්‍රෝටෝනය අනාවරණ කරගත හැකි විය.
ගෝල්ඩ්ස්ටයින්ගේ ධන කිරණ පරීක්ෂාව
[caption id="attachment_599" align="aligncenter" width="300" caption="Anode Rays"][/caption]
මෙහිදීත් පෙර පරිදිම පරීක්ෂණ්ය කරන නමුත් සිදුරු සහිත කැතෝඩයත් භාවිතා කරනු ලැබේ. එවිට කැතෝඩය දෙසින් ඉලෙක්ට්‍රෝන නිකතු වී ඇනෝඩය දෙසට ගමන් කරන අතර ඇනෝඩයෙන් නිකුත් වන ධන කිරණ කැතෝඩයේ සිදුරු තුලින් බිත්තයේ කෙළවරට රැස් වේ. මෙම ධන කිරණ වල ගුණ ලෙස සරල රේඛීයව ගමන් කිරීම, ධන ආරෝපිත වීම, යාන්ත්‍රික බලයක් යෙදිය හැකි වීම සහ e/m අනුපාතය නලය තුල වායුවෙන් ස්වායත්ත වීම මෙම පරීක්ෂණය මඟින් සොයා ගත්තේය.
නලය තුල හයිඩ්රජන් වායුව යොදාගත් විට මෙම ධන කිරණ සෑදී ඇත්තේ H+ අයන වලින් බව පැහැදිලි විය. මෙම අංශූ වල ස්කන්ධය සහ e/m අනුපාතය ඉලේක්ට්රෝනයට සාපේක්ෂව ඉතා විශාල බවද පැහැදිලි විය. මෙය ප්‍රෝටෝනය ලෙස අනාවරණය කර ගැනුණි.
මීට අමතරව පරමාණූවේ න්‍යෂ්ටිය තුළ නියුට්‍රෝන, මීසෝන, පොසිට්‍රෝන ලෙස උප පරමාණුක අංශූ රාශියක් අඩංගු බව පසු කාලීන විද්‍යා[වන් විසින් අනාවරණය කර ගත්හ. ෴
ලිව්වේ ශිරෝෂන් රන්දික.Shiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com2tag:blogger.com,1999:blog-7363445756873744504.post-85248986578487738242011-08-28T02:34:00.000+05:302013-12-05T16:57:55.974+05:30කැටායන කාණ්ඩ විශ්ලේෂණයලෝහ කැටායන මිශ්‍රණයක් දී ඇති විට එම එක් එක් කැටායනය හඳුනා ගන්නා ආකාරය අපි මෙහිදී සලකා බලමු. මේ සඳහා s, p හා d ගොනු වලට අයත් ලෝහ කැටායන අඩංගු ද්‍රාවණයක් ලබා ගත යුතු වේ. එම ද්‍රාවණයට එක් එක් පියවරයන් වලදී එක් එක් ප්රතිකාරක යොදා වර්ණවත් සංයෝග අවක්ෂේප කර ගනු ලැබේ. එවිට ලැබෙන වර්ණය අනුව ලෝහ කැටායනය කුමක්ද යන්න පිළිබඳව නිගමනයකට පැමිණේ. එම පියවර අනුව කැටායන කාණ්ඩ 5ක් පිලිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ.
පළමු පියවර
කැටායන මිශ්‍රණයට ජලය සහ සිසිල් තනුක හයිඩ්රොක්ලොරික් අම්ලය(HCl ) එක් කරනු ලැබේ. එවිට සුදු පාට ක්ලෝරයිඩ ලෙස ලෝහ කැටායන 3ක් අවක්ෂේප වේ. එනම් AgCl, PbCl2 සහ Hg2Cl2 යන අවක්ෂේප වේ. ඒවා පළමු කාණ්ඩයේ කැටායන ලෙස හඳුන්වයි.
දෙවන පියවර
පෙර ද්‍රාවණය පෙරා අවක්ෂේප ඉවත් කර ගනු ලැබේ. ඉන්පසු ඉතුරු ද්‍රාවණයට පළමුව 0.2M-0.3M අතර සාන්ද්‍රණයක් ඇති HCl යොදා දෙවනුව හයිඩ්රජන් සල්ෆයිඩ් (H2S) වලින් ද්‍රාවණය බුබුලනය කර ගනු ලැබේ. H2S සල්පර්කාරකයක් බැවින් ද්‍රාවණයට සල්ෆයිඩ් අයන ලබා දී ලෝහ කැටායන සල්ෆයිඩ ලෙස අවක්ෂේප කරවයි. මෙවිට වර්ණ 3ක් යටතේ සල්ෆයිඩ 9ක් අවක්ෂේප වේ. ඒ යටතේ කළු පාටින් CuS, PbS, HgS, Bi2S3 යන සල්ෆයිඩ අවක්ෂේප වේ. SnS2, As2S3, CdS යන සල්ෆයිඩ කහ පාටින් අවක්ෂේප වේ. තවද SnS දුඹුරු පැහැයටත් Sb2S3 තැඹිලි පහැයටත් අවක්ෂේප වේ. මේවා දෙවන කාණ්ඩයේ ලෝහ කැටායන ලෙස හඳුන්වයි.
තෙවන පියවර
පෙර ද්‍රාවණයේ අවක්ෂේප පෙර ඉවත් කරගනු ලැබේ. ඉන්පසු ඉතුරු ද්‍රාවණය හොඳින් රත් කර දියවී ඇති H2S වායුව ඉවත් කර ගනු ලැබේ. දෙවනුව තනුක නයිට්‍රික් අම්ලය (HNO3) දමා රත් කරනු ලැබේ. එමඟින් ද්‍රාවණයේ Fe2+ අයන Fe 3+ බවට ඔක්සිකරණය කරවීමට බලාපොරොත්තු වේ. තෙවනුව ඇමෝනියම් හයිඩ්රොක්සයිඩ් (NH4OH) සමඟ ඇමෝනියම් ක්ලෝරයිඩ් (NH4Cl) ද්‍රාවණයට එක් කරනු ලැබේ. එවිට හයිඩ්‍රොක්සයිඩ 3ක් අවක්ෂේප වේ. Al(OH)3 සුදු පාට ජෙලටීනිමය ස්වරූපයකින්ද Fe(OH)3 කහ දුඹුරු පැහැයකින්ද Cr(OH)3 කොළ පැහැයකින්ද අවක්ෂේප වේ. මේවා තෙවන කාණ්ඩයේ ලෝහ කැටායන ලෙස හැඳින්වේ.
සිව්වැනි පියවර
නැවත අවක්ෂේප පෙරා ඉවත් කර ඉතුරු ද්‍රාවණය NH4OH වලින් භාෂ්මික කර නැවත H2S බුබුලනය කරනු ලැබේ. H2S සල්පර්කාරකයක් බැවින් සල්ෆයිඩ අයන ලබාදෙමින් ලෝහ සල්ෆයිඩ 4ක් අවක්ෂේප කරවනු ලබයි. CoS සහ NiS කළු පාටින්ද MnS රෝස පාටින්ද ZnS සුදු පාටින්ද අවක්ෂේප වේ. මේවා හතරවැනි කාණ්ඩයේ ලෝහ කැටායන වේ.
පස්වැනි පියවර
පෙරා ඉවත් කරන ලද ද්‍රාවණයට ඇමෝනියම් කාබනේට් [(NH4)2CO3] එකතු කරනු ලැබේ. එවිට සුදු පැහැති කාබනේට 3 ක් අවක්ෂේප වේ. ඒවා නම් CaCO3, BaCO3 සහ SrCO3 වේ.
මෙසේ සියලු අවක්ෂේප පෙරා ඉවත් කිරීමෙනුත් පසු ද්‍රාවණයේ තවදුරටත් ලෝහ කැටායන ඉතුරු වේනම් ඒවා Na+, K+ සහ Mg2+ යන ලෝහ අයන බව නිගමනය කළ හැක.
ඒ වගේම මෙහිදී හයිඩ්රජන් සල්ෆයිඩ් නිපද වීමට ෆෙරස් සල්ෆයිඩ් සමඝ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රතික්‍රියා කරවනු ලැබේ.
මීට අමතරව රසායන විද්‍යාවේදී හමුවන බොහෝ සංයෝග වල වර්ණ පිළිබඳව චතුර නුවන් සොයුරා විස්න් රචිත වර්ණවත් රසායනය ලිපිය පිරික්සීමෙන් දැන ගත හැකියි.
පහත වීඩියෝ පටයේ කැටැයන විශ්ලේෂණය පරිගණක සජීවිකරණයක් ඇසුරෙන් ඉදිරිපත්කර ඇත. මෙම වීඩියෝපටය විද්‍යාභිමානි-2009 වෙනුවෙන් පසත් සමරවීර සොයුරා විසින් නිර්මාණය කරන ලද්දකි. එහි නිර්මාපක අයිතිය ඔහු සතු වේ.
<object style="height: 390px; width: 640px;" width="350" height="150" classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="allowFullScreen" value="true" /><param name="allowScriptAccess" value="always" /><param name="src" value="http://www.youtube.com/v/g24OaeacUmM?version=3" /><param name="allowfullscreen" value="true" /><param name="allowscriptaccess" value="always" /><embed style="height: 390px; width: 640px;" width="300" height="150" type="application/x-shockwave-flash" src="http://www.youtube.com/v/g24OaeacUmM?version=3" allowFullScreen="true" allowScriptAccess="always" allowfullscreen="true" allowscriptaccess="always" /></object>
ලියූවේ ශිරෝෂන් රන්දිකShiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com0tag:blogger.com,1999:blog-7363445756873744504.post-80307501158778961422011-08-26T05:28:00.000+05:302013-12-05T16:57:55.967+05:30සාපේක්ෂ චලිතය
භෞතික විද්‍යාවේදී සාපේක්ෂ චලිතය හා සම්බන්ධ සිද්ධාන්ත මෙහිදී අපි අධ්‍යයනය කරමු. භෞතික වස්තූන්ගේ අවකාශය මෙහිදී ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කර තිබේ. එනම් වස්තුවක භෞතික අවකාශය හා විස්තෘත අවකාශය යනුවෙනි. වස්තුවක භෞතික අවකාශය යනු එම වස්තුවේ ස්පර්ශ කළ හැකි ප්රදේශයයි. වස්තුවක විස්තෘත අවකාශය යනු එහි භෞතික අවකාශය හැර ඉතුරු සියලුම අවකාශයයි.
සමුද්දේශ රාමුව
සාපේක්ෂ චලිතය තේරුම්ගැනීමට වස්තුවක සමුද්දේශ රාමුව වැදගත් වේ. වස්තුවක භෞතික අවකාශයත් විස්තෘත අවකාශයත් භෞතික අවකාශය මත අචලව ඇති නිරීක්ෂකයාද නිරීක්ෂකයාගේ ඇසෙහි අර්ථ දක්වන ලද ත්‍රිමාන අක්ෂ පද්ධතියක් යන සියල්ලටම වස්තුවක සමුද්දේශ රාමුව යැයි කියනු ලැබේ.
[caption id="attachment_557" align="aligncenter" width="250" caption="සමුද්දේශ රාමුව"][/caption]
මෙහිදී නිරීක්ෂකයාගේ ඇස මඟින් ත්‍රිමාන අවකාශයේ කාලයට අනුරූපව වස්තූන්ගේ චලිතය නිරීක්ෂණය වේ. ඉහත රූප සටහනට අනුව A වස්තුව මත සිටින නිරීක්ෂකයා ඇස (O) B වස්තුවේ P නම් ලක්ෂ්‍යයක් නිරීක්ෂණය කරයි. කාලයත් සමඟ A හා B වස්තු OP පිහිටුම් දෛශිකය(විස්ථාපනය) වෙනස් වීම මඟින් නිරීක්ෂකයා B චලිත වන බව අවබෝධ කර ගනී. එනම් OP යනු A හි සමුද්දේශ රාමුවට සාපේක්ෂව B හි පිහිටුම් දෛශිකය වේ. නමුත් නිරික්ෂකයා A සමුද්දේශ රාමුව තුල සිටින බැවින් A වස්තුවේ චලිතය නොපෙනේ. නිරික්ෂකයා සිටින සමුද්දේශ රාමුවේ වස්තූන් නිශ්චල බව පෙනේ. එනම් සියලුම චලිත එම චලිත නිරීක්ෂණය කරනු ලබන්නාට සාපේක්ෂ වේ. එක් එක් නිරීක්ෂකයාට අනුව චලිතය නිරීක්ෂනය වන ආකාරය වෙනස් වේ.
මෙසේ කාලය සමඟ OP පිහිටුම් දෛශිකයේ (සාපේක්ෂ විස්ථාපනය) වෙනස්වීම එම වෙනස්වීමට ගත වූ කාලයෙන් බෙදීමෙන් ඒකක කාලයකදී සාපේක්ෂ විස්ථාපන වෙනස් වීම හෙවත් මධ්‍යක සාපේක්ෂ ප්‍රවේගය ලැබේ. නැවත සාපේක්ෂ ප්‍රවේග වෙනස්වීම එම වෙනසට ගතවූ කාලයෙන් බෙදීමෙන් ඒකක කාලයකදී ප්‍රවේග වෙනස්වීම හෙවත් මධ්‍යක සාපේක්ෂ ත්වරණය ලැබේ.
මෙසේ සාපේක්ෂ විස්ථාපන මූලධර්මය ආධාරයෙන් වස්තු දෙකක චලිතයන් සමුද්දේශ රාමු 3ක් හා සම්බන්ධ කර පහත පරිදි දැක්විය හැක.
ලිව්වේ ශිරෝෂන් රන්දික
Shiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com2tag:blogger.com,1999:blog-7363445756873744504.post-2195690073911520112011-06-14T04:03:00.000+05:302013-12-05T16:57:55.954+05:30සදාකාලික යොවුන් බව මිනිස් දිවියට උදාවේද?සෛල තිරිහන් කිරීම නිසා සදාකාලික යෞවනත්වය මිනිස් දිවියට උදාවේද? ජාන පිළිබඳ පවත්වන ලද අලුත්ම පර්යේෂණයක ප්‍රතිඵල වලින් පසුව බොහෝ නිරීක්ෂකයෝ බලාපොරොත්තු සහගතව එසේ ඇසූහ.
ඉතිහාසයේ ප්‍රථම වරට සොබාවික රසායනයක් පාවිච්චි කළ විද්‍යාඥයෝ එමඟින් විද්‍යාගාරයක් තුළදී මනුෂ්‍ය සෛලයක ආයුෂ පුදුම සහගත ලෙස වැඩි කළහ.මේ රසායනයම යෙදා අපේ සිරුරේ අග පසග ඇට නහර සම් මස් ලේ ඇතුළු මේ සියල්ල තැනී ඇති සෛල අමරණීය කළ හැකිද? මහලු වීම බාල කළ හැකිද? මිනිස් ආයුෂ දික්කරවිය හැකිද?මේ ආදී වශයෙන් කුතුහලය දනවන ප්‍රශ්න රාශියක් පර්යේෂණය නිසා පැන නැංගේය.
තරුණ සෛලවල දක්නට ඇති අසාමාන්‍ය රසායන ද්‍රව්‍යක් මඟින් සෛල මහලු වීමට එරෙහිව ආරක්ෂාව සපයන බවට බොහෝ කාලයක් තිස්සේ තිබූ සැකය ඇත්තක් බව මේ පර්යේෂණයෙන් ඔප්පු විය.මේ රසායන වර්ගය වැඩිහිටි සෛලවල බොහෝවිට දක්නට නොලැබේ.එහෙත් මහලු වීගෙන යන මිනිස් සෛලවලට මේ රසායනය එක්කළ විට තිරිහන් බවට පත් ඒ සෛල තරුණ ඕජයෙන් පිරී ඉතිරී ගියේය.
ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ නිරිතදිග වෛද්‍ය මධ්‍යස්ථානය සමග එක්ව මෙම සාර්ථක පර්යේෂණ කලේ කැලිෆෝනියාවේ ජීව තාක්ෂණ සමාගමක් වු “ජෙරෝන් කෝපරේෂන්”ය.
“ශරීරයේ ඇති වන ජීව විද්‍යාත්මක මහලු වීම නතර කළ හැකි බව අපි සොයා ගත්තෙමු”යයි පිරික්සුම ගැන උදම් අනන නිරිතදිග ටෙක්සාස් වෛද්‍ය මධ්‍යස්ථානයේ ජෙරී ෂේ පවසයි.
ශරීරයේ සෛල සදාකාලිකව තරුණ බවින්පැවතිය යුතු නම් ඒවා බෙදි බෙදී පැවතිය යුතුය.මෙසේ විද්‍යාගාරයක පිරික්සුම් තලියක් තුළ සදාකාලිකව බෙදෙමින් පවත්නා සෛල ඇති කිරීමත් ශරීරයේ ආයුෂ වැඩිකිරීමත් අතර මහත් වෙනසක් ඇතැයි පර්යේෂණ ප්‍රතිඵල වලින් උද්දාම නොවූ පිරිසක් පැවසූහ.සදාකාලිකව බෙදෙමින් පවතින යෞවන ගුණය ඇති භයානක ස්ථානයක් නම් පිළිකා සෛලය.ඒ නිසා මේ රසායනය මඟින් පිළිකාවලටත් මඟක් කැපේද කියා ඇතැමෙක් බිය පළ කළහ.
සදාකාලික යෞවනය පිළිබඳව මේ උද්යෝගය පැන නැංගේ මිනිස් ශරීරයේ සෛල තුළ ඇති අණුක ව්‍යුහයක් වූ ටෙලොමෙරස් නිසාය.මිනිස් සෛලයක් තුළ ඇති ක්‍රොමසෝම 46 අග,සපත්තු ලේස් පටියක් අග ඇති ප්ලාස්ටික් අන්තය වැනි ස්වරූපයෙන් මේවා පිහිටා තිබේ. ක්‍රොමසෝම වල අග ගෙවී යාම වළකින්නේ මේවා නිසාය.සෛලයක් බෙදෙන හැම වාරයකදීම ටෙලොමෙරස් කොට වෙයි.තරුණ සෛලවල නම් මේ ටෙලොමෙරස්(Telomeres) නම් කොටස ටෙලොමරේස්(Telomerase) නම් රසායන ද්‍රව්‍යක් නැත්නම් එන්සයිමයක් නිසා නැවත වැඩෙයි.එහෙත් මහලු සෛලවල මේ ටෙලොමරේස් නම් එන්සයිමය නැත.එය නැති විට සෛල බෙදීමක් සිදුවන හැම වාරයකදීම ටෙලොමෙරස් කොට වෙයි.මේ කොටවීම ඔරලෝසුවක් මඟින් කාලය යන බව කීමක් වැන්න.මේවා කොතරම් කොට වන්නේදැයි කිවහොත් සෛලයේ ක්‍රොමසෝම පැටලී එය බෙදීම නවතී.වෘධභාවයට පත්ව ක්‍රමයෙන් මරණය බලා ගමන් අරඹයි.
මහලු වියට පත්වන මිනිස් සෛලවලට යළිත් ටෙලොමරේස් එන්සයිමය නිපදවීමේ හැකියාව ඇති කළ හැකිනම් ඒවා මියයාම නතර කරවිය හැකිබව බොහෝ කාලයක් තිස්සේ විද්‍යාඥයෝ පළ කළහ.
විද්‍යාගාර තලිවල රෝපිත මිනිස් සෛල වර්ග තුනකට ටෙලොමරේස් යෙදූවිට ඒවා බෙදී අලුත්වන නිශ්චිත කාලයේදී ඒ ක්‍රියාමාර්ගය නතර නොවී දිගටම එය පැවතියේය.නිරිතදිග ටෙක්සාස් වෛද්‍ය මධ්‍යස්ථානය වෙනුවෙන් මේ පරීක්ෂණය මෙහෙයවන ලද්දේ ජෙරී ඩබ්ලිව්.ෂේ සහ වුඩ්රිංග් රයිට්ය.ජෙරෝන් කෝපරේෂන් වෙනුවෙන් පර්යේෂණය භාරව කටයුතු කලේ ඇන්ඩ්‍රියා බොඩ්නාර් මයිකල් ඕලට් සහ කැල්වින් බී.හාලිය.
“මේ සෛල අමරණීයභාවයට පත්කොට ඇතැයි අපි සැක කරමු”යි රයිට් උදම් වෙමින් පැවසුවේය.වයසට යාම තුළ සෛල වෘධභාවයට පත්වීමට වඩා වැඩි දෙයක් ඇතිබව කී රයිට් ඇතැම් ඉන්ද්රියයන් අනාගතයේදී තාරුණ්‍යයෙන් තබන්නට ටෙලොමරේස් විදීමෙන් හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවද ප්‍රකාශ කලේය.එහෙත් ශරීරයේ හැම සෛලයක්ම ක්‍රියා කරන්නේ එකම ආකාරයෙන් නොවේ.
මේ නව සොයාගැනීම නිසා සෞඛ්‍ය තත්වය ඉහලින් තබන්නටද ඒ මඟින් ආයුෂ වැඩි කරන්නටද පුළුවන් වනවා සිකුරුයි යන්න ඔහු ප්‍රකාශ කළේය.
ඒත් ටෙලොමරේස් නිසා පිළිකා රෝගය ඇතිවෙයිද?
ජෙරෝන් කෝපරේෂන්හි කැල්වින් හාලි නම් විද්‍යාඥයා කියන්නේ පිළිකා සෛල ඇතිවූ පසුව එය පැවැත්වීමට මිස ඇතිවීමට ටෙලොමරේස් හේතු නොවන බවයි.ඇත්තවශයෙන්ම ටෙලොමරේස් ඇද්දැයි කෙරෙන පරීක්ෂණ මඟින් පිළිකා ඇතිබව සොයාගත හැකිබවද ඔහු පවසයි.මියයන සෛලවලට යොවුන් ඕජයක් දීමෙන් නව ජීවනයට පත්කිරීමට සිදුකෙරුණු මේ සාර්ථක පර්යේෂණය හේතු කොටගෙන අනාගතයේදී මහලුවීමත් සමඟ ඇතිවන හම ඇකිලීම,ඇස් පෙනීම බාලවීම,රුධිර ධමනීන් ගල්වී ඇතිවන වාහිනී රෝගවලට පමණක් නොව පිළිකාවලට පවා පිළියම් සෙවීමට හැකිවනු ඇතැයි වෛද්‍ය විද්‍යාඥයෝ විශ්වාස කරති.
මේ ක්‍රමය යොදා ගනිමින් පිළිස්සුම් තුවාල ලත් රෝගීන්ට ඔවුන්ගේම සෛල ගෙන අලුත් සමක් සාදාගත හැකි යයිද ඔවුහු විශ්වාස කරති. ටෙලොමරේස් නිපදවීම අත්හිටවන බේත් සොයාගැනීමෙන් පිළිකාවලට සාර්ථක ඖෂධයක් සාදාගත හැකි යයිද ඔවුහු සිතති.
අමරණීයත්වය සෙවීමට ඉතිහාසය පුරා ඇල්කෙමිස්ට් නම් ආදී රසායන විද්‍යාඥයෝද,ගවේෂකයෝද,ගූඪවාදීහූද තැත් කළහ.අනාගතයේදී විද්‍යාඥයෝ එය සොයාගනීද?
By Rajith Sameera
Shiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com0tag:blogger.com,1999:blog-7363445756873744504.post-65431422730833340572011-05-06T02:48:00.000+05:302013-12-05T16:55:39.856+05:30නිනිති තාක්ෂණයවර්තමානයත් අනාගතයත් වෙන් කරන අලුත්ම තාක්ෂණය නිනිති තාක්ෂණය (Nano Technology) වේ. නැනෝ යනු 10-9m පරාසයේ පවතින මිනුමකි. එම 10-9m පරාසයේ පවතින අංශූන් සමඟ සබැඳුණු කටයුතු සිදු කිරීම නානෝ තාක්ෂණ ය ලෙස හැඳින්විය හැක.
නැනෝ අංශූන් සමඟ අප කටයුතු කිරීමේදී ඒවා සාමාන්‍ය භෞතික විද්‍යා නියම වලට යටත් නොවේ. එයට හේතුව සාමාන්‍යයෙන් අංශුන්ගේ ප්‍රමාණය කුඩා වෙත්ම සාමාන්‍ය භෞතික විද්‍යා නියම වලින් වෙනස් වී හැසිරීමට පටන්ගැනීමයි. මෙහිදී නැනෝ තාක්ෂණය 10-9m පරාසයට පැමිණෙන විට ඒවායේ හැසිරීමේ සිදුවන ප්‍රධාන වෙනස්කම් ලෙස ක්වොන්ටම් ආචරණය(Quantum effect) මතුවීම දක්නට පුළුවන. මෙම හැසිරීම් පිළිබඳව අධ්‍යයනයට ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ නියමයන් යොදා ගත යුතුයි. එම නිසා නැනෝ තාක්ෂණය ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව හා බැඳුණු අංගයක් ලෙස හැඳින්වීමට හැකි වේ. නැනෝ පරිමාණයට පිවිසෙන විට එහි ප්රතික්රියාකාරීත්වයද ඉතා ඉහළ මට්ටමක් ගනී.
නැනෝ තාක්ෂණය පිළිබඳ මුලින්ම අදහසක් ඉදිරිපත් කරන ලද්දේ 1959 දෙසැම්බර් 29 දින ඇමෙරිකානු භෞතික විද්‍යා සංගමය මඟින් පැවැත් වූ රැස්වීමකදී දේශනයක් ඉදිරිපත් කළ රිචඩ් ෆයිමාන්(Richard Feynman) නැමැති භෞතික විද්‍යාඥයා විසිනි. නොබෙල් ත්‍යාගලාභියෙකු වන මොහුගේ මාතෘකාව වී තිබුණේ “අප දන්නා විද්‍යාත්මක සීමාවෙන් ඔබ්බට තවත් බොහෝ දේ ඇති බව යන්න වේ. මෙහිදී ඔහු ලෝකයට නැනෝ තාක්ෂනය පිළිබඳ යම් ඉඟියක් ලබා දුන්නේය.
[caption id="attachment_540" align="aligncenter" width="180" caption="Richard Feynman"][/caption]
වර්තමානයේ නැනෝ අංශු වෙළඳපොළෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත. නැනෝ තාක්ෂණයේ සොයාගැනීම් රාශියක් ඇති අතර ඒ අතුරින් වැදගත් සොයාගැනීම් දෙක ලෙස Quantum Dots සහ Nano tubes හඳුන්වාදිය හැක.
Quantum Dots යනු දැනට ලෝකයේ භාවිතා වන තාක්ෂණයකි. මෙහිදී අප දන්නා විභව ළිඳ(Potential Well) තුලට නැනෝ පරිමාණික අංශුන් ඇතුළු කර මෙය නිර්මාණය කර ගනී. මෙය සාමාන්‍ය ක්වොන්ටම් ළිඳකට වඩා සිය දහස් ගුණයකින් ප්‍රබල වේ. මේවා භාවිතා කර දුබල සංඥා වර්ධනය කර අති ප්‍රබල සංවේදක(Sensor) නිර්මාණය කළ හැකියි.
[caption id="attachment_541" align="aligncenter" width="150" caption="Quantum Dot"][/caption]
තවද Nano tube යනු ඉතා ඉහළ මට්ටමේ සොයාගැනීමකි. කාබන් පරමාණුවක ඝනකම තිබෙන ස්ථරයක් නැනෝ මීටර කිහිපයක් විෂ්කම්භය තිබෙන සිලින්ඩරයක් ලෙස සාදාගත් විට නානෝ නලයක් ලැබේ. මෙහි දිග අවශ්‍ය පමණට සකස් කර ගත හැකියි. මෙම සිලින්ඩරයේ භෞතික මිනුම වෙනස් කරන විට භෞතික ගුණද වෙනස් වේ. උදාහරණයක් ලෙස පෘෂ්ඨයේ අණු සැකැස්ම වෙනස් කළ විට එය සන්නායක ගුණ දක්වයි. තවත් වෙනස්කම් සිදු කළ විට අර්ධ සන්නායක, පරිවාරක ගුණ පෙන්වයි. එසේම මෙම සිලින්ඩරය තුල ද්‍රව්‍ය රඳවා ගත හැකියි. එමෙන්ම මෙම සිලින්ඩරය, විද්‍යුත් ක්ෂේත්‍ර සහ චුම්භක ක්ෂේත්‍ර යොදාගෙන චලනයන්ට භාජනය කළ හැකියි.
[caption id="attachment_542" align="alignright" width="150" caption="Nano tubes"][/caption]
[caption id="attachment_543" align="alignleft" width="150" caption="Nano motor"][/caption]
වර්තමානය වන විට නැනෝ තාක්ෂණය ලොව සෑම ක්ෂේත්රයකම අණසක පතුරුවාගෙන සිටී. ඒවායින් කිහිපයක් නම් අභ්‍යාවකාශ ක්ෂේත්රය, රොබෝ තාක්ෂනය, ප්‍රවාහන ක්ෂේත්රය, රෙදිපිළි කර්මාන්තය, වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ න්‍යෂ්ටික විද්‍යාව වේ.
නැනෝ තාක්ෂනය භාවිතා කර අධි බලැති අභ්‍යාවකාශ නිරීක්ෂන දුදක්නද අභ්‍යාවකාශ සංවේදකද නිර්මාණය කර තිබේ. එලෙසම වෛද්‍ය විද්‍යාවේදී අති ප්‍රබල IR සංවේදක යන්ත්‍ර මඟින් සාමානය සංවේදක වලින් නිරීක්ෂනය කළ නොහැකි සෛල හා පිළිකා සෛල අතර ඇති කුඩා උෂ්ණත්ව වෙනස පැහැදිලිව දැක ගත හැකියි.
තවද අප දන්නා ආකාරයට ප්‍රබල ඖෂධ ශරීරයට අහිතකර වේ. මෙයට පිළියමක් ලෙස තුල පෙර කී ඖෂධය තැන්පත් කර විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍ර මඟින් රුධිර නාල දිගේ අවශ්‍ය තැනට යොමුකර ඖෂධය මුදා හැරීම සිදු කරනු ලැබේ. මෙය ඉතා සාර්ථක ක්‍රමයක් ලෙස ලෝක වෛද්‍ය විද්‍යාව පිළිගෙන ඇත.
තවද නැනෝ තාක්ෂණය යොදාගෙන නිර්මාණය කර ඇති රෙදිපිළි දුව්‍යද ඇත. මෙහි අංශු 10-9m ප්‍රමාණය බැවින් ජල අංශු වලට රෙදි අංශු තුලින් ගමන් කිරීමට නොහැකි වේ. මෙවිටශරීරය තෙමීමක් සිදු නොවේ. තවද දූවිලි අංශු පවා ගමන් කර නොහැකි වේ. මේ හේතුවෙන් රෙදි පිරිසිදු කිරීමක් අවශ්‍ය නොවේ.
මෙවැනි ඉතා විශාල ප්‍රමාණයක් පුරා වර්තමානයේ නැනෝ තාක්ෂනය ගමන් කර ඇත. ඉහත කී කරුණු වලට අමතරව තව බොහෝ කරුණු නැනෝ තාක්ෂණය හා සම්බන්ධ වේ. එම නිසා නැනෝ තාක්ෂණය ඉතා විශාල පරාසයක් පුරා පැතිර යන්නක් වේ.
By Supun Prabhath
Shiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com2tag:blogger.com,1999:blog-7363445756873744504.post-83282297111749131222011-02-25T20:02:00.000+05:302013-12-05T16:55:39.834+05:30පරමාණුවක සැකැස්ම
මෙයට පෙර අප පරමාණුක වාදය, පරමාණුවේ ව්‍යුහය සහ ඒවා සම්බන්ධ විවිධ වාදයන් සාකච්ඡා කළා. දැන් අප දන්නවා පරමාණුව යනු මධ්‍යයේ වූ න්‍යෂ්ඨිය වටා ඇති ඉලෙක්ට්‍රෝණවලින් සමන්විත ව්‍යුහයක් බව. මේ න්‍යෂ්ඨියත් ඒ වටා ඇති ඉලෙක්ට්‍රෝණත් නිසා මූලද්‍රව්‍යවලට විවිධ ගුණාංග ලැබෙනවා. ආගන් නිෂ්ක්‍රීය මූලද්‍රව්‍යයක් වන්නේත් පොටෑසියම් අධික ලෙස ක්‍රියාකාරී වන්නේත් මේ පරමාණු වල සිදු වන සුළු වෙනස්කම් නිසා. මේ වෙනස්කම් බොහොමයකට බලපාන්නේ පරමාණුවේ අඩංගුවන ඉලෙක්ට්‍රෝණයි. මෙම ඉලෙක්ට්‍රෝණ පරමාණුක න්‍යෂ්ඨිය වටා ඇසිරී ඇති ආකාරය එක් එක් ඉගෙනුම් තත්ත්ව අනුව විවිධාකාරයට විග්රහ කරනු ලබනවා. ඔබේ මට්ටමේ දී දේ ඉලෙක්ට්‍රෝණ වලාව විවිධ ශක්ති මට්ටම් අනුව සකස් වී ඇති බවයි පැහැදිළි කෙරෙන්නේ. ඒ නිසා ඒ මතයේ පිහිටා අපි ඒ ගැන කතා කරමු.
මෙසේ සකස් වී ඇති ඉලෙක්ට්‍රෝණ මුලින්ම කවච වලට බෙදෙනවා. මේවා ප්‍රධාන ක්වොන්ටම් අංකය, n = 1, 2, 3, 4, 5, ආදී ලෙස නම් කෙරෙන අතර K, L, M, N, O යනුවෙන් අකුරු දී තිබෙනවා. ප්‍රධාන කවච (නැත්නම් කක්ෂ) වලට ඉලෙක්ට්‍රෝණ අනුයුක්ත කෙරෙන්නේ ඒ ආකාරයටයි. මේ ප්‍රධාන කවච, නැවත වතාවක් උප කවච නොහොත් කාක්ෂික වලට බෙදෙනවා. s, p, d, f, g, h, යනුවෙන් බෙදෙන්නේ ඒ අනුව. මේ ප්‍රධාන ක්වොන්ටම් අංක මුලින්ම සඳහන් වෙන්නේ බෝර් ආකෘතියේදීයි, එහි අපි කතා කළා ඉලෙක්ට්‍රෝණ වෘතාකාර කක්ෂයක ගමන් කරන බව. මෙම අංකය යනු න්‍යෂ්ඨියේ සිට ඉලෙක්ට්‍රෝණය ඇති ස්ථානයට ඇති සාමාන්‍ය දුරයි. සමාන n අගයයන් ඇති සියළුම ඉලෙක්ට්‍රෝණ න්‍යෂ්ඨියේ සිට යම් දුරකින් චලනය වනවා, මේ නිසා මේවා කවච (Shell) ලෙස හඳුන්වනවා.
බෝර් ආකෘතිය පදනම් වන්නේ හයිඩ්රජන් වර්ණාවලිය ආශ්රිත කරගෙනයි. පහත දැක්වෙන්නේ හයිඩ්රජන් අවශෝෂක (Absorption) සහ විමෝචන (Emission) වර්ණාවලීන් දෙකක රූප සටහනක්. මෙහි අවශෝෂක වර්ණාවලියේ කළු පැහැති රේඛා ලෙස පෙනෙන්නේ ආලෝකයෙන් හයිඩ්රජන් පරමාණු ශක්තිය උරාගැනීමේ අවස්ථාවයි. මේ නිසා වර්ණාවලියේ හිදැසක් ඇති වෙනවා. එය කළු පැහැ රේඛාවක් ලෙස දිස් වෙනවා. මෙහිදී සිදු වන්නේ මුලින්ම ශක්තිය අවශෝෂණය කරගත් ඉලෙක්ට්‍රෝණ විවිධ ශක්ති මට්ටම් වලට ගමන් කිරීමයි. උදාහරණයක් වශයෙන්, n=1 කවචයේ ඇති ඉලෙක්ට්‍රෝණයක් n=2 කවචයට පැනීමේ දී අවශෝෂණය වන ශක්තිය ලයිමාන් ශ්‍රේණියේ (Lyman Series) රේඛා වලින් දැක්වෙනවා. මෙම වර්ණාවලී රේඛා නම් කර ඇත්තේ විමෝචනයකදී රිඩ්බර්ග් සූත්‍රයේ n1 පදය නොහොත් අවසානයට ඉලෙක්ට්‍රෝණය නවතින ශක්ති මට්ටම පදනම් කරගෙනයි. රිඩ්බර්ග් සූත්‍රයට පදනම් වී ඇත්තේ අප මුලින් සාකච්ඡා කර බෝර් ආකෘතියයි. එහි හයිඩ්රජන් පරමාණුවක ඇති එකම එක ඉලෙක්ට්‍රෝණය විවිධ ශක්ති මට්ටම්වලට පැනීමේදී අවශෝෂණය වන සහ එය නැවත පහළ ශක්ති මට්ටම්වලට පැමිණීමේදී විමෝචනය වන ශක්තිය ගණනය කිරීම සඳහා යොදා ගැණුනක්.
මෙහි R = 1.097373 x 107 m-1
n1
n2
ශ්‍රේණියේ නම
අභිසරණය වන තරංග ආයාම කලාපය (nm)
1
2→∞
ලයිමාන්
91.13 (UV)
2
3→∞
බාමර්
364.51 (Visible)
3
4→∞
පාෂාන්
820.14 (IR)
4
5→∞
බ්‍රැකට්
1458.03 (IR)
5
6→∞
ෆුන්ඩ්
2278.17 (IR)
6
7→∞
හම්ෆ්‍රීස්
3280.56 (IR)
ලයිමාන් ශ්‍රේණිය එය සොයාගත් තියඩෝර් ලයිමාන් නමින් නම්කර තිබෙනවා. ඔහු එය සොයා ගත්තේ 1906 – 1914 අතර කාළයේදීයි. ලයිමාන් ශ්‍රේණියේ සියළුම තරංග ආයාමයන් පාරජම්බුල කිරණ කලාපයට අයත් වෙනවා.
මෙසේම බාමර් ශ්‍රේණිය වන්නේ දෙවන කවචයේ (n=2) ඇති ඉලෙක්ට්‍රෝණ තෙවන හෝ ඊට ඉහළ ශක්තිමට්ටම් වලට ගමන් කර ආපසු පැමිණීමේදී විමෝචනය කරන ශක්තිය අනුව සැකසෙන වර්ණාවලි රේඛා වලිනි.
ඒ අනුව ඔබට වැටහෙනවා ඇති පරමාණුවක ඉලෙක්ට්‍රෝණ විවිධ ශක්ති මට්ටම්වල පවතින බව.
මේ ශක්ති මට්ටම් වල පවතින ඉලෙක්ට්‍රෝණ විවිධ උපශක්ති මට්ටම් වලට බෙදෙනවා. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු.
[caption id="attachment_526" align="aligncenter" width="499" caption="(ඉහළ) හයිඩ්රජන් අවශෝෂණ වර්ණාවලිය | (පහළ) හයිඩ්රජන් විමෝචන වර්ණාවලිය"][/caption]
By Dr. Piyal AriyannadaShiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com0tag:blogger.com,1999:blog-7363445756873744504.post-5826028201536406692010-12-27T22:09:00.000+05:302013-12-05T16:41:11.115+05:30ත්‍රිත්ව ලෝක - දෙවැනි කොටසදෙලොවටම පෑයු හිරු ඇමරිකානු ජනාධිපතිවරයාට තවත් කාර්යබහුල දවසක් උදාකරමින් පායා ආවේය.
ජනාධිපතිවරයා සිය අතෙහි තිබූ නවතම සංඛ්‍යාලේඛණ වාර්තා දෙස නැවතත් බැලුවේය. අසුනේන නැගිට සක්මනෙහි යෙදුනේය. කරන්නට කිසිවක් නැත. මුළු ලොවෙහි ඇති භාවිතයට ගත හැකි ගොඩබිම් වලින් 98.5% පමණ මේ වන විට ජනාවාස වී හමාරය. තව ඉතිරිව ඇත්තේ ලෝක උරුමයන් ලෙස සලකනු ලැබූ මහා වනාන්තර කිහිපයකුත් පහසුවෙන් තරණය කළ නොහැකි කඳුවැටි කිහිපයකුත් පමණි. සියළුම කාන්තාර ජනාවාස වී අවසන්ය. චන්ද්‍රයාගේ කොටසකටද මේ වන විට පදංචිකරුවන් යවා ඇත. අභ්‍යාවකාශයේ තැනූ අතිවිශාල නැවතුම්පොළවල් වලද මිනිසුන් පදිංචි වී ඇත. ඔවුන්ට සමහරවිට කෙදිනකවත් තම මාතෘභුමියට ආ නොහැකි වන්නට ඉඩ ඇත.
ජනාධිපතිවරයා හිස කැසුවේය. ඔහුට කිසිවක් කරකියාගත නොහැක. විවිධ රටවලින් ආධාර ඉල්ලමින් පණිවිඩ දුසිම් ගණන් එවා ඇත. වැඩි වූ ජනගහණයට සාපේක්ෂව ආහාරවල හා අනෙකුත් අවශ්‍යතාවල වැඩි වීමක් නොවුණි. නමුත් ප්රචණ්ඩ ක්‍රියා,මිනිමැරුම්,වංචා, දූෂණ ආදිය නම් අධික ලෙස ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් ලොවපුරා මිලියන ගණනක් ජනතාව පීඩිතව සිටී. මේ අතර 3වන ලෝකයේ රටවල් ප්‍රධාන තැනක් ගෙන තිබුණි. ලෝකයේ බලවත්ම පුද්ගලයා ලෙස ජනාධිපති ස්ටීවන් ආර්.විලියම්ට මේ සදහා යමක් නොකර සිටීමට නොහැක. නමුත් ඔහුට කල හැකි දෙයක්ද නොවීය.
ප්‍රධාන දියබල්ලා සිය වායුපායානය සුවිසල් මැදුරක දොරකඩ අසල නැවැත්වීය. දියබල්ලන්ගේ ලොවෙහි ඇති එකම ප්‍රවාහන මාධ්‍යය මෙය වේ. එහි වෙසෙන සෑම දියබල්ලකෙුටම එවැනි වායුපායානය බැගින් ඇති අතර ස්වකීය සන්තානයේ ඇති අසීමිත ශක්තියෙන් ඉතා ස්වල්ප ප්‍රමාණයක් ඔවුන් තමන්ගේ වාහනාය් ඉන්ධන ලෙස යොදාගනී.
මාළිගාවේ දොරවෙත ස්වකීය මොළයෙන් නිකුත් වන ජෛව සංඥා කිහිපයක් එක්තැන් කර යැවූ දියබල්ලා ඉදිරියේ ඒ සුවිසල් දොර විවෘත විය. සේවකයන් හා සම්බන්ධය ඇරඹුණු පසු ඔහු මෙම දොරින් ඇතුළු වන ප්‍රථම වතාව මෙය වේ. ඔහු නොපැකිලිව ඉදිරියට ගියේය. තවත් දියබල්ලන් කිහිප දෙනෙක් මාළිගය තුල සිටි නමුත් ඔවුන් ස්වකීය නායකයා කෙරෙහි එතරම්ම සැලකිල්ලක් නොදැක්වීය. ඒ ඔවුනට දැන් නව නායකයෙකු සිටින නිසා නොව සදාකාලිකවම එය ඔවුන්ගේ පිළිවෙත වූ නිසාවෙනි.
නායක දියබල්ලා දෙතුන් වරක් වමට හා දකුණට හැරෙමින් මාළිගාවේ කොරිඩෝව ඔස්සේ අවිද ගියේය. අවසානයේ ඔහුට හමුවිය. දෙපසින් වූ දිගුවන් කැරලි ගැසුණු කොණ්ඩය නිසා කැපී පෙණුනු විශාල තට්ට සහිත දිය බල්ලන්ගේ ලොවෙහි සිටින වයස්ගතම පුදුගලයා වූයේ මෙම පෞරාණික දියබල්ලාය. නායක දියබල්ලා ඔහු ඉදිරියේ සිටියේය.
“ඔව් මොනවද මගෙන් දැනගන්න අවශ්‍ය?” පෞරාණිකයා සිතුවේය. දියබල්ලා තමා රැගෙන ආ ආගන්තුක වස්තුව පෞරාණිකයා අතෙහි තබා පෙර දින සැඳැවේ සිදුවූ සියල්ල නැවත සිතුවේය. ඒ දෙස අවධානය යොමුකර බලා සිටි පෞරාණිකයා අධිරාජ්‍යයා පැවස සළකුණු ස්පර්ශ කර බැලුවේය.
අවකාශයේ වූ පදාර්ථවල ආසාමාන්‍ය පෙරලියක් ඇති විය. මොහොතක් ගත විය. ඔවුන් ඉදිරියේ අඩි 6ක පමණ විෂ්කම්භය සහිත නිමක් නොමැති උමං මගක් වැනි, සැබැවින්ම තිබේද නොතිබේද යන්න පවා පැහැදිලිවම සිතාගත නොහැකි යමක් දර්ශනය විය.
“බාද්-ෆිල්-හා-ඩා!” නායක දියබල්ලා කෑගැසුවේය. (බාද්-ෆිල්-හා-ඩා යනු දියබල්ලන්ගේ ලෝයේ අපේ නම් දෙවියාය.)
පෞරාණික දියබල්ලාල ඒ දෙස විශ්මයෙන් බලා සිටියේය. ඔහගේ ජීවිත කාලය තුලදී මෙවැනි දෙයක් දුටු පළමු වතාව මෙය විය.
“ඇත්තටම ඒ ගොල්ලෝ බොහොම දියුණු ජාතියක්” ඔහු කතා කළේය. “මම ඇතුළට යන්නද?” නායක දියබල්ලා ඇසුවේය.
පෞරාණිකයා මඳක් කල්පනා කර හිස සැලුවේය.
සිත තුළ වූ දෙගිඩියාවෙන් යුතුව දියබල්ලා මඳක් ඉදිරියට ගොස් උමඟ තුළට පා තබා ඉදිරියට එබුණි. ඔහු ඉදිරියේ වූයේ ගිනිගෙන දැවෙන කාන්තාරයකි. සම්පූර්ණ මුඩු බිමකි.
නායක දියබල්ලා මින්පෙර කිසි දිනෙක කාන්තාරයක් දැක නොතිබුණු අතර ඔහුගේ සිරුරේ ඉදිරිපසට මෙතරම් උණුසුමක් දැනී නොතිබුණි. මක්නිසාදයත් දියබල්ලන්ගේ ලෝකයේ කොතැනක හෝ කාන්තාර මුඩු බිම්ම නැත. සම ශීත උෂ්ණ සහිත දේශගුණයක් සෑම දිනකම පවතින ලෝකයක දිවි ගෙවන ඔවුන්ට මෙවැනි උණුසුමක් දරාගත නොහැකි සේය. ඔහු වහා තමාගේ ලොවටම ඉදිරිපයත් ගෙන ආවේය.
“පුදුම උණුසුමක්........ ඒ ලෝකේ ඉන්න අය කොහොම ඉන්නවද මන්දා. ඒක හරියට අපේ පැරණි ලේඛණ වල තියෙන වැලි බිමක් වගේ” නායක දියබල්ලා පැවසීය.
“ඔබ එහි තව මොනවද දැක්කේ?” පෞරාණික දියබල්ලා සිතුවේය.
“දිගටම වැලි බිම විතරයි. උැතින් නිකම් ක්ෂේම බූමියක් වගේ දැක්කා. හැබැයි ඒකත් හරි කෘතිමයි.” නායක දියබල්ලා පැවසීය.
ඔහු වෙනදානම් මෙවැනි පැන වලට පිළිතුරු පැවසීමට වෙහෙස නොවන නමුත් ඔහු තුල වූ තැතිගැස්ම ඔශුව ඔහුගේ ගොළුබවින් මුදවා ගත්තේය.
දියබල්ලෝ කලෙක ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කළ ඉතා අහිංසක ජන කොට්ඨාශයක් වූහ. එසමයෙහි ඔවූහු තමන්ට උපතින්ම ලැබී තිබුණූ ස්වකීය මනස පාලනය කිරීමේ ශක්තිය ප්‍රයෝජනයට නොගත්හ. නමුත් ඔවුන්ගේ ලොව තුළ ඇති වූ පුනරුද සමයෙන් පසු ඔවුන්ගේ දියුණුවට අඩිතාලම වැටුණි. ඔවුන් දියුණු වූයේ සීමා සහිතවය. දියබල්ලන්ට අවශ්‍ය වූයේ සිය මූලික අවශ්‍යතා නියමාකාරයෙන් සපුරාගැනීම පමණි. ඉන් එහාට වූ දියුණුවක් ලබාගැනීමට ඔවුන්ට හැකියාව තිබුණු නමුදු ඒ සඳහා උත්සහ නොකළහ. වසර සිය ගණනකට පසු සේවකයන්ගේ ලෝවැස්සන් දියබල්ලන්ගේ ලොවට ඇතුල් වන තුරුම ඔවූහූ තමන් විසින් තනාගත් පුංචි හුදෙකලා ලොව තුළ ස්වාභාවිකත්වයට ආදරය කරමින් ජීවත් වූහ. ඔවුන් අතර ගැටුමු ඇති නොවීය. එහි වූ සෑම දියබල්ලෙකුටම සම අයිතිවාසිකම් ලබාදී තිබුණි. කෙනෙක් තව කෙනෙකු පරයා වාසි ප්‍රයෝජන ලැබීමට උත්සහ නොකලෝය. සියල්ලෝම වෛරය, ක්‍රෝධය වැනි සිතුවිලි යටපත් කරගැනීමට පුරුදු වූහ. ඔවුන් තුල වූයේ එකිනෙකා කෙරෙහි වූ සෙනෙහසකි. ඔවුන් කිසිවෙක් කිසිවෙකුට කිදාක වෛර නොකළෝය. අවශ්‍ය තරමට පමණක් තාක්ෂණික අතින් දියුණු වූ ඔවුහූ සිය අධ්‍යාත්මික ගුණවගාව කෙරෙහි වැඩිපුර යොමුවූහ. සේවකයන්ගේ පැමිණීමෙන් පවා ඔවුන් වෙනස් නොවනු ඇත.
සේවකයන් යනුද දියබල්ලන් මෙන්ම අහිංසක ජන කොටසකි.ඔවුන්ට උදාවී ඇත්තේ දියබල්ලන්ට සිදුවූ දෙයෙහි ප්‍රතිවිරුද්ධ දෙයයි. එනම් පෙර ඉතා දියුණු ජාතියක් වූ සේවකයෝ දැන් අතිශය දුක්ඛිත තත්ත්වයකට පත්වෙමින් සිටිති.
එයට හේතුවී ඇත්තේ ඔවුන්ගේ අතීතයේ වූ අධිතාක්ෂයේ අතඅරු බලපෑමයි. මීට වර්ෂ දෙතුන් සීයයකට පමණ පෙර සිට සේවකයන්ගේ ලොවෙහි කාන්තාරකරණය ආරම්භ විය. සේවකයන්ගේ ලොවෙහි පෙර විසූ පරම්පරාවලට අවශ්‍ය වූයේ ස්වාභාවිකත්වය ඉක්මවා යෑමටය. එවුහූ විසින් නිපදවූ තාක්ෂණය භාවිතයෙන් වෘක්ෂලතාවන්ගේ වර්ධනය තමන්ට අවශ්‍ය පරිදි පාලනය කළෝය. වර්ෂාව තමන්ට අවශ්‍ය කලට නියමිත තැනට ලබාගැනීමට ඔවූහු සමත් වූහ. සැබැවින්ම ඔවුහූ ස්වාභාවධර්මය පාලන කළෝය. ස්වකීය මනුෂ්‍ය වර්ගයාට ලෙඩදුක් වලින් තොරව දිගුකලක් ජීවත් වීමට හැකි ක්‍රම ඔවුහූ සිය ඥාණ ශක්තිය මෙහෙයවා ලබාගත්හ. සැබැවින්ම ඔවුහු පරිපූර්ණ ලොවක ජීවත් වූහ.
නමුත් අවසානයේ ස්වාභාවධර්මය ඔවුන්ට එරෙහි විය. සේවකයන්ගේ පසහෙි තවදුරටත් බෝග හට නොගත්තේය. උල්පත් වලින් ජලය නොගැලුවේය. පරිසරයේ වූ ස්වාභාවික තුල්‍යතාවය බිඳ වැටිණි. එනමුදු ඔවුහු ස්වාභාවධර්මය සමඟ උරණ නොවූහ. පසු පරම්මපරාවල් මුල් පරම්පාරවල ක්‍රියාකලාපයන්ගේ ප්‍රතිඵල භුක්ති විදින්නෝය. එහෙත් එවුහූ නොසැලෙති. මෙය සේවකයන් තුල වූ වැදගත්ම ගතියයි. පැරැණ්නන් විසින් රචිත තාක්ෂණයේ බලයෙන් ඔවුහු දිවි රැකගත්තෝය.
දැන් ඔවුන්ගේ මූලික අරමුණ විනාශ වී යන ලෝකය රැක ගැනීමයි. ඒ සඳහා ඔවුහූ වෙනත් විශ්වයන් සොයමින් බහුමානයේ පිහිට පැතුවෝය. මේ වන විට එයින් යම් ප්‍රගතියක් ඔවුන්ට අත් වී ඇත. මක්නිසාදයත් ඔවුන්ට අවශ්‍ය තුරුලතා සරු පස් ආදිය දියබල්ලන්ගෙන් ලැබෙනු ඇත.
මිනිස් සම්පත සොයා ගැනීම දියබල්ලන්ගේ ප්‍රධානම අරමුණ වී ඇත. සේවකයන් නම් වූ මිනිස් කොට්ඨාශය විශ්වයෙන් අතුගෑවි යාම වැළැක්වීමටනම් එය අත්‍යවශ්‍යම වේ.
“අධිරාජ්‍යයාණෙනි, හෝදොන් හා ආදෝන අළුත් ලෝකයට යාම සඳහා දොරටුව විවෘත කර එහාට ඇතුල් වී තාබෙනවා. එසේම අද උදෑසන දියබල්ලන්ගේ ලොවේ සිට අපේ ලොවට ඒමට ඔවුන් දොරටුව විවෘත කර තිබෙන නමුතු ඔවුන් එයින් ඇතුල් වී නැහැ.” එදින තුළ ඒ දක්වා සිදුවූ දෑ අධිරාජ්‍යයාට දැන්වීමට තරම් වැදගත් කරුණු දැන්වීම සිය වෘත්තීය කරගත් එක් සේවකයෙක් අධිරාජ්‍යා හමුවේ පැවසීය.
“හොදයි සේවකයාණෙනි, මා ද දියබල්ලන්ගේ ලොවෙහි කටයුතු සඳහා අප විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග සම්පාදනය කර අවසානයි. වහාම ඒ බව දන්වා උත්තරීතර සේවක මණිඩලයේ නියෝජිතයෙකු මෙහි කැඳවාගෙන එනු මැනවි. අද සවස මම එය සේවක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් වෙමි.”
මොහොතකින් අධිරාජ්‍යයාගේ පුරෝහිත ලෙස කටයුතු කළ සේවකයා අධිරාජ්‍යයාගේ කුටිය වෙත පැමිණ ආපසු හැරී සිටියේය. ඒ දුටු අධිරාජ්‍යයා සිය වාර්තා යන්ත්‍රය සේවකයා අසල වූ මේසය මත තබා ආපසු හැරුණේය. මෙවිට සේවකයා ඒ දෙසට හැරී යන්ත්‍රයට සවන් යොමා වාර්තාව ඇසීය.
“සඳුදා සිට අපි ඔබලාගේ පාලනය භාර ගනිමු. අප මෙහිදී පාලනය භාර ගැනීමය යනු ඔබ සැම යුද්ධයකින් යටත් කරගත් කලෙක මෙන් මවිසින් නිකුත් කරන නියෝග අනුව ක්‍රියා කරන බව නොව අපේ විනාශ වී යන ලොව ජනාවාස කිරීම සඳහා හැකිනම් ඔබලාගේ ලොවෙහි වෙසෙන ජනතාවෙන් කොටසකුත් ලබාගැනීම හා අපේ ලොවෙහි අප සතුව ඇති එකම සම්පත වන අපේ තාක්ෂණික උපකරණ සහ දැනුම ඔබ වෙත ලබාදීම වැනි අන්තර් ලෝක සම්බන්ධතා ක්‍රමවත් ලෙස පවත්වා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමයි.”
අපට මෙහිදී ඔබගේ ලොවෙහි ඇති සරු පස් වලින් කොටසක් සෑම වෘක්ෂ වර්ගයකින්ම එක් වෘක්ෂයක් පමනක් ලැබීම සෑහේ. ඉන්පසු ඒවා ක්ෂණික ලෙස වර්ධනය කරගත හැකි තාක්ෂණය අප සතුය. එබැවින් අපට ඔබලාගේ වෘක්ෂ හා පස් හැකි ඉක්මනින් ලබාගත හැකිනම් අපට දින 30ක් වැනි කාලයක් තුල අපේ ලොවින් වැඩි ප්‍රමාණයක් ජනාවාස කිරීමට සුදුසු තත්ත්වයකට පත් කරගත හැකිය. එසේම ඔබලාගේ ලොවෙහි සිදුකිරීමට ඇති ඖනෑම තාක්ෂණික කටයුතුතක් සඳහා අවහ්‍ය ඖනෑම උපකරනයක් ලබාදීමට අපට හැකියාව ඇත.”
“අධිරාජයයාණෙිනි මේ වාර්තාව ඉතාම සුදුසුයි. නමුත් අපට දියබල්ලන්ගේ ලොවෙන් මිනිසුන් මෙහි රැගෙන ආ හැකිවේයැයි මම හිතන්නේ නෑ. එහි සිටින මිනිසුන්ට අවශ්‍ය තරම් ඉඩ පහසුකම් තියෙනවා. අනිත් එක ඔවුන් කාලයක් තිස්සේ ගොඩනගගෙත් ලෝකය අතහැරලා මෙහෙට එන්න කැමති වේයැයි හිතන්න අමාරුයි.”
“එහෙමයි සේවකයාණෙනි, නමුත් අපේ ලෝකයේ ජනතාව සම්පූර්ණයෙන්ම වඳ වෙන්න කලින් අපි මිනිස්සු සොයාගත යුතුයි. ඊයේ මට වාර්තාවක් ලැබුණා ඊසාන දිග කොටසේ පිහිට කෙම්ක්රිස්ප්වල මිනිස්සු කිහිපදෙනෙක් ආහාර හිඟවීම නිසා මිය ගියා කියලා. දැන් මේ මුළු ලෝකෙම ජනගහණය 1000ටත් අඩුයි. ජනගහණ වර්ධන වේගය අවමයට ඇවිත්. මේ විදියට ගියොත් තව වැඩි කාලයක් අපිව ඉතුරු වෙන එකක් නැහැ. මිනිස්සු නැතිව හරි වෘක්ෂ ටිකක් අපට ලබාගන්න පුළුවන් වුණොත්........”
-මතු සම්බන්ධයි
By Pathum AsankaShiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com0tag:blogger.com,1999:blog-7363445756873744504.post-74694351932226765692010-12-24T17:10:00.000+05:302013-12-05T16:41:11.105+05:30ත්‍රිත්ව ලෝක - පළමු කොටස
“අධිරාජ්‍යයාණෙනි, දිය බල්ලන්ගේ ලෝකයේ දොරටු විවෘත කරගන්න ඊයේ අපට හැකි වුණා. දැන් ඔබතුමා එහි සැපත් වී දිය බල්ලන්ගේ ලෝවැසියන්ට ඔබගේ ආඥාවන් දැන්විය යුතුයි.” පුරෝහිතයෙක් ලෙස ක්‍රියා කළ සේවකයා අධිරාජ්‍යයාට පිටුපා සිට පැවසීය.
“එසේය සේවකයාණෙනි” අධිරාජ්‍යයා දණක් බිමට නවමින් පැවසීය. සේවකයා නික්ම ගියේය. අධිරාජ්‍යයා නැගී සිටියේය.
සේවකයන්ගේ ලොවෙහි තත්වය මෙයයි. අධිරාජ්‍යයාට සියළු බලතල ඇත. නමුත් ඔහු සිය අතවැසියන්ට ගෞරව කළ යුතුය. එනම් මෙහි පිදුම් ලබන්නෝ දෙවර්ගයකි. ඒ පාලකයන් හා අතවැසියන්ය.
කිසිම සේවකයෙකුට සිය අධිරාජ්‍යයාගේ මුහුණ දෙස බලාගෙන කතා කිරීම සේවකයන්ගේ නීති වලට අනුව තහනම්ය. මෙහි සිටින සමහර සේවකයන් අධිරාජ්‍යයා එක් වරක් හෝ පියවි ඇසින් දැක නැත.
අධිරාජ්‍යයා සිය මාළිගාවෙහි වූ දැවැන්ත වෘක්ෂය වෙතට ගියේය. ගෙබිම පැන නැගී තිබුණ මුල් මත සිටගත් ඔහු පත්රයන් හිස මත තබා වෘක්ෂයේ ආශිර්වාය ලබා ගත්තේය. ඉන් අනතුරුව සිරිත් ලෙස සියලු කාර්යකය ක්‍රියාත්මක කර සිංහාසනය මත වාඩි විය. සියළු කාර්යකය මගින් දිය බල්ලන්ගේ ලොව පිළිබඳව මෙතෙක් අනාවරණය කරගත් කරුණු සියල්ල සිය වටකුරු හිස තුල තැන්පත් කරගත්තේය. ඉන් අනතුරුව සියළු කාර්යකය මගින් ලැබුණු විධානයකට අනුව එකම කලාව තුළ සිය සංඛ්‍යාතයේ පිහිටීම විචල්‍ය කරවමින් සේවකයන් කලින් සැලසුම් කල පරිදි දිය බල්ලන්ගේ ලොවෙහි අඳාළ සිථානයට ප්රක්ෂේපණය විය.
දිය බල්ලෝ අත් පොලසන් දෙමින්, හූ කියමින් සිය නව නායකයා පිළාගැනීමට සැදී පැහැදී බලා සිටියේය. ප්‍රක්ෂේපිත රුව සම්පූර්ණයෙන් සෑදුන පසු ප්‍රධාන දියබල්ලා මෙතෙක් වෙලා රැඳී සිටි සිය චිත්ත ශක්ත් යානයෙන් බැස සේවකයන්ගේ අධිරාජ්‍යයා වෙත ගියේය.
අධිරාජ්‍යයාගේ රූපය ඔහුට තමාගේ ක්‍රමයට ආචාර කළේය. ඒ සමගම ඔහු සිය සියළු කාර්යකයේ වූ බොත්තම් කිහිපයක් තද කළේය. දියබල්ලන්ගේ නායකයා එහි සිට අධිරාජ්‍යයාගේ රුවට තමාගේ ක්‍රමයට ආචාර කළේය. එය සේවකයන්ගේ ලොවෙහි වූ සියළු කාර්යකයේ තැන්පත් විය.
“උතුමාණෙනි, ඔබ අපව සොයා ගත්තා. ඊයේ වනතුරු අප සිතා සිටියේ මේ විශ්වයේ අපි තනිවෙලා කියලා. නමුත් අපේ ලෝකයට අයිති මාන දෝරටුව විවෘත වෙලා ඔබේ ලොවේ අය මෙහාට පැමිණි විට අපි පුදුම වුණා. මුලින්ම මම ඒක විශ්වාස කළේ නෑ. නමුත් පෞරාණික දියබල්ලා පැහැදිලි කළා මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි මම විශ්වාස කළේ.” නායක දියබල්ලා පැවසීය.
“මමත් එහෙම තමයි. මගේ ප්‍රධාන අතවැසියානන් කෙනෙක් ඔබලාගේ ලෝකයට අයිති සංඛ්‍යාත පරාසය සොයාගෙන ඒ බව මට සැලකලහම මම ඒක විශ්වාස කළේ නැහැ. නමුත් ඔවුන් අපේ ලෝක අතර දොරටු විවෘත කරපුවහම මට ඒක විශ්වාස කරන්න සිද්ධ වුණා.”
“ඔබතුමාගේ අකමැත්තක් නැතිනම් මම කැමතියි දැනගන්න ඔබතුමා මෙහාට ප්‍රක්ෂේපිත රුවක් පමණක් එවීමට හේතුව?”
“ඒක සම්බන්ධයෙන් මම දැන් කණගාටු වෙනවා. මගේ සේවක ජනතාව දන්වා සිටියා ඔබලා කෙබඳු පුද්ගලයන්දැයි නොදැන එහි යෑම අනතුරුදායක විය හැකියි කියලා. නමුත් මට දැන් පෙනෙනවා ඔබලා සාමකාමී මිනිසුන් බව.”
“එතකොට උතුමාණෙනි, ඔබතුමා ලැහැස්තිද දැන් අපේ නව නායකයා වීමට” දියබල්ලා ඇසීය. අධිරාජ්යාය පුදුම විය.
“ඔබ මාව නායකයා ලෙස පිළිගන්නවාද? මම හිතුවේ මට යුද්ධ කරන්න වෙයි කියලා.” ඔහු පැවසීය.
“ඒක එහෙම විය යුතුයි. පෞරාණීක දියලබල්ලාගේ අදහස්වලට අනුව කවදා හෝ උපතින් දියබල්ලෙක් නොවන පුද්ගලයෙක් අපේ ලොවට පා තැබුවහොත් ඔහුව අපේ පාලකයා ලෙස පිළිගත යුතුයි. මේක අපේ පරම්පරාගත නීතියක්.”
නායක සේවකයා සිය හිස දෑතින් බදා ගත්තේය. එය සේවකයන් පුදුම වූ විට දක්වන චලිතයයි.
“ඇයි ඔබ බය වෙලා වගේ. බය වෙන්න කිසිම දෙයක් නැහැ.” දියබල්ලා පැවසීය.
“නැහැ බය වුණා නෙමොයි. මට පුදුම හිතුණා. මට විශ්වාස කරන්න බැරිවූණා. ඒ වගේ වෙලාවේදී හිස බදා ගැනීම අපිට උපතින්ම උරුම වෙච්ච දෙයක්.” අධිරාජ්‍යයා පැහැදිලි කළේය.
“අපිට අපි ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.” දියබල්ලා පැවසීය.
හදිසියේම අධිරාජ්‍යයාගේ ප්‍රක්ෂේපිත රූපය අස්වාභාවික ලෙස සෙලවී ගියේය. එය දුටු දියබල්ල මඳක් වික්ෂිප්ත විය.
“ඔබ කොහොමද ඒක කළේ?”
“ඇත්තටම ඒක මම උවමනාවෙන් කළ දෙයක් නොවෙයි. දැන් අපේ ලෝකයට අඳුර වැටෙන්න ආසන්නයි. ඒ නිසා සූර්යාලෝකයේ ශක්තිය ක්‍රමයෙන් අඩුවීගෙන යනවා. ඉතින් මගේ ප්රක්ෂේපණයට සුළු සුළු බාධා ඇති වෙනවා.” දිය බල්ලා කිසිවක් නොකියා අසමින් සිටියේය.
“කොහොම වුණත් මට තව වැඩි වෙලාවක් ඔබත් එක්ක මේ විදියට සම්බන්ධ වෙලා ඉන්න අවසර ලැබිලා නෑ. වෘක්ෂයේ ශක්තිය සම්පූර්ණයෙන්ම වැය කරන එක තහනම් නිසා මම දැන් පිටව යනවා. මට බොහොම සන්තෝෂයි ඔබලව හඳුනගන්න ලැබීම ගැන. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා. මින් ඉදිරියට අපේ ලෝක දෙක අතර සම්බන්ධයක් පටන් ගන්න පුළුවන් වෙයි කියලා. අනිත් එක මම ළගදිම අපේ ලෝක දෙක අතර ස්ථීරවම දොරටුවක් විවෘත කරන්නට කටයුතු කරන්නම්. එතෙක් අපේ ලොවට ඇතුල් වීමට මේ උපකරණය පාවිච්චි කරන්න යැයි අධිරාජ්‍යයාගේ ප්‍රක්ෂේපිත රූපය ඝනකාභ හැඩැති උපකරණයක් දියබල්ලාගේ අතට දුන්නේය.
“මේකේ තියෙන මේ සංකේත තුන ස්පර්ශ කිරීමේන ඔබලාට අවශ්‍ය විටෙක මාන දොරටුව විවෘත කළ හැකියි.”
දියබල්ලා ඒ මේ අතර හරවමින් ඒ දෙස පුදුමයෙන් බැලුවේය. නමුත් ඔහුට ඒ පීළිබඳව අධිරාජ්‍යායගෙන් කිසිවක් දැනගැනීමට නොහැකි විය. මක් නිසායත් ඒ වන විටත් අධිරාජ්‍යයාගේ රුව මැකී යමින් තිබුන බැවිනි.
“ආදොන් මේ බලන්න. තවත් සංඥාවක්” හෝදොන් දර්ශක පැනලය දෙස බලමින් තම මිතුරාට පැවසීය. තිරයේ දකුණුපස කෙලවරින් තවත් සංඥාවක් ලැබෙන බව දැක්වෙමාන් තිබිණි.
“ඒ කියන්නේ තව ඒවා තියෙනවා. පොඩ්ඩක් ඒක තීව්ර කරන්න බලන්න.”
“ඒක සෑහෙන්න අමාරුයි. ඒ තරංග සෑහෙන්න විකෘති වෙලා. අපට අවශ්‍ය සංඛ්‍යාතය තෝරාගන්න අමාරුයි.” හෝදොන් උපකරණ සීරුමාරු කරමින් පැවසීය.
අධිරාජ්‍යායා සිය මාළිගාවේ වූ මහා වෘක්ෂය ඉදිරිපිට සක්මනෙහි යෙදුණි. ඔහුගේ සිත තුල සතුටකි. ලෝක දෙකක පාලකයා වීම.... එය ඔහුට සිතාගත නොහැකි අන්දමේ ත්‍යාගයකි. එමෙන්ම විශාලා වගකීමකි. නමුත් ඔහු සතුටිනි.
ද්විත්ව ලෝකයම එළිය කරමින් සූර්යයා පායා ආවේය. “අධිරාජ්‍යයාණෙනි, සුභ උදෑසනක්!” මාළාගයට පැමිණි සේවකයා පසුපස හැරී පැවසීය.
“ආදොන් හා හෝදොන් අපේ ලොවට දකුණු පසින් මඳක් ඇලව පිහිටා ඇති තවත් සමාන්තර ලොවක සංඛ්‍යාත පරාස ගණනය කරමින් සිටින නමුත් ඒවා එතරම් පැහැදිලි නැතැයි ඔවුන් කියනවා.” සේවකයා පැවසීය.
“අහා! එය ඉතාමත් සතුටට කාරණයක් සේවකයාණෙනි. ඔවුන්ට මාගේ සුභ පැතුම් පිරිනමන්න. ඔවුන් කෙබඳු මිනිසුන්ද?” සතුටට පත් අධිරාජ්‍යයා ඇසුවේය”
“ඒ ගැන තවම දැනගන්න විදියක් නැහැ කියලා ආදොන් පැවසුවා. අපේ සංඛ්‍යාතයන්වත් ඔවුන්ගේ ලොවට ඇතුල් කරන්න බැරිවෙලා. ඒ ලෝකයේ සංඛ්‍යාත එතරම්ම විකෘති වෙලා. නමුත් ආදොන් හා හෝදොන් උත්සහය අතහැරලා නෑ” සේවකයා ඉවත බලා පැවසීය.
“හොඳමයි සේවකයාණෙනි, තවත් තොරතුරු ඇතොත් මට වහාම දන්වනු මැන. මම දැන් දියබල්ලන්ගේ ලොවෙහි පාලනයට අවශ්‍ය නීති රීති සකස් කරමින් ඉන්නේ. ඒ සියල්ල නිම වූ වහාම සේවක මණ්ඩලයට දන්වන්නම්.” අධිරාජ්‍යායා යටහත් පහත් ලෙස පැවසුවේය. සේවක විද්‍යාඥයා යන්න ගියේය.
මතු සම්බන්ධයි...
By Pathum Asanka
Shiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com0tag:blogger.com,1999:blog-7363445756873744504.post-61861079208238455562010-12-16T17:59:00.000+05:302013-12-05T16:41:11.097+05:30විද්‍යාත්මක වාර්තාකරණයකට අපෙන් ඉඩක්
දැන් ඔබේ පාසලේ හෝ ආයතනයේ පවත්වන විද්‍යා දින, විද්‍යා ප්‍රදර්ශන, ව්‍යාපෘති, වැඩමූළු සහ විද්‍යාත්මක තාක්ෂණික අධ්‍යාපනික වැදගත්කමක් ඇති ඕනෑම සිදුවීමක් සඳහා දැනුවත් කිරීමක් විද්‍යාව.com ඔස්සේ කළ හැක. එවැනි පැවැත්වීමට නියමිකව තිබෙන හෝ පවත්වා අවසන් වැඩසටහන් පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් අප හට එවීමෙන් ඔබටත් එම තොරතුරු අනෙක් අය සමඟ බෙදා ගත හැක. ඡායාරූප, වීඩියෝ වැනි දේද ඒ සමඟ අමුණා එවිය හැක. තවද මෑතකදී විද්‍යා හා තාක්ෂණික වශයෙන් පෞද්ගලිකව හෝ කණ්ඩායමක් වශයෙන් ඔබ ලද අත්දැකීම් ලිපි, ඡායාරූප, වීඩියෝ මාධ්‍යයන් වලින් අපට එවන්න. එවිට එම අත්දැකීම් අනෙක් අයටද භුක්ති විඳින්නට සැලැස්වීමට පුළුවන. ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් තොරතුරු සැපයිය හැක. සියලු දේ අපේ විද්‍යුත් ලිපිනය වන admin{at}vidyawa{dot}com වෙත එවන්න. හැකි විගස අපි ඒවා පළ කිරීමට සූදානම්. ඔබේ විස්තරද අමුණා එවීමට අමතක නොකරන්න.
Shiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com0tag:blogger.com,1999:blog-7363445756873744504.post-8291334006108342512010-12-13T03:54:00.000+05:302013-12-05T16:41:11.082+05:30වර්නියර් මූලධර්මය සහ වර්නියර් කැලිපරය
සාමාන්‍ය භාවිතයන් වලදී මෙන් නොව පරීක්ෂණ වලදී ලබා ගත යුතු පාඨාංක හැකිතාත් නිවැරදි විය යුතුය. සාමාන්‍ය අඩි කෝදුවක ඇති පරිමාණයේ රේඛා දෙකක් අතර මිනුමක් පිහිටයි නම් එයින් අපට නිවැරදි පාඨාංකයක් ලබා ගත නොහැක. මෙයට පිළියමක් ලෙස වර්නියර් මූලධර්මය හඳුන්වා දිය හැක. මෙය ප්‍රංශ ගණිතඥ පියරේ වර්නියර් විසින් හඳුන්වා දුන් නිසා ඔහුගේ නාමයෙන් මෙම මූලධර්මය නම් කෙරිණි.
රේඛීය පරිමාණයක කිසියම් දිගක් සමාන කොටස් වලට බෙදා සාදන නව පරිමාණය වර්නියර් පරිමාණය ලෙස හැඳින්වේ. මෙහිදී ප්‍රධාන පරිමාණය ලෙස මිලිමීටර් පරිමාණය ගනිමු. එමඟින් ඉතා කුඩා මිනුම් නිවැරදිව ලබා ගත හැක.
[caption id="attachment_414" align="aligncenter" width="300" caption="(1-රූපය)ප්‍රධාන පරිමාණය දිගේ එහා මෙහා ගෙන යා හැකි වර්නියරය"][/caption]
ඉහත රූපයේ දක්වා ඇති ආකාරයට ප්‍රධාන පරිමාණයට(Main Scale) ස්පර්ශව හා සමාන්තරව වර්නියර් පරිමාණය(Vernier Scale) එහා මෙහා ගෙන යා හැක. මෙම පරිමාණ දෙකම භාවිතා කොට ප්‍රධාන පරිමාණයට වඩා වැඩි නිරවද්‍යතාවයකින් යුතු මිනුම් ලබා ගත හැක. මෙම පරිමාණ දෙකම අඩංගු කොට නිමවා ඇති වර්නියර් කැලිපරය භාවිතා කර ඉතා පහසුවෙන් මිනුම් ලබා ගත හැක. පහත රූපයේ ඇත්තේ එවැනි වර්නියර් කැලිපරයකි.
[caption id="attachment_416" align="aligncenter" width="500" caption="(2-රූපය) වර්නියර් කැලිපරයේ කොටස්"][/caption]
ඉහත රූපයේ අංක කර ඇති පරිදි ඒ ඒ කොටස් මෙසේ හඳුන්වනු ලැබේ.
1-බාහිර හනු (පිට හනු) | මෙම හනු දෙක අතර වස්තුවක් තබා සිර කර ගැනීමෙන් බාහිර විෂ්කම්භය හා දිග මැනිය හැක.
2-අභ්‍යන්තර හනු(ඇතුළු හනු) | මෙම හනු සිලන්ඩරයක් තුළට ඇතුළු කර සිර කර ගැනීමෙන් අභ්‍යන්තර විෂ්කම්භය මැනිය හැක.
3-ගැඹුර මනින කූර | මෙම කූර සිලන්ඩරයක් වැනි දේක පතුලට දමා ගැඹූර මැනිය හැක.
4-ප්‍රධාන පරිමාණය | බොහෝ කැලිපර වල ප්‍රධාන පරිමාණය සඳහා මිලිමීටර් වලින් ලකුණු කර ඇත.
5-වර්නියර් පරිමාණය | මෙය සර්පණ හනුව තුල පිහිටා ඇත. බොහෝ විට වර්නියර් කොටස් 10කින් සමන්විතය.
6-අචල හනුව | මෙය වර්නියර් කැලිපරයේ නිශ්චලව තබාගත යුතු කොටසයි. මෙම කොටසට එක් බාහිර හනුවකුත එක් ඇතුළු හනුවකුත් ප්‍රධාන පරිමාණයත් අයත්ය.
7-සර්පණ හනුව | මෙය වර්නියර් කැලිපරයේ චලනය කළ යුතු කොටසයි. මෙම කොටසට එක් පිට හනුවකුත් එක් ඇතුළු හනුවකුත් වර්නියර් පරිමාණයත් ගැඹුර මැනීමේ කූරත් අයත් වේ.
පහත වීඩියෝව නැරඹීමෙන් වර්නියර් කැලිපරයේ භාවිතය ගැන හොඳ අවබෝධයක් ලබා ගත හැක.
<object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" width="480" height="385" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="allowFullScreen" value="true" /><param name="allowscriptaccess" value="always" /><param name="src" value="http://www.youtube.com/v/ZUNoWWw6V10?fs=1&hl=en_US" /><param name="allowfullscreen" value="true" /><embed type="application/x-shockwave-flash" width="480" height="385" src="http://www.youtube.com/v/ZUNoWWw6V10?fs=1&hl=en_US" allowscriptaccess="always" allowfullscreen="true"> </embed></object>
වර්නියර් මූලධර්මයෙන් දිග මැනීමට පෙර එහි කුඩාම මිනුම(least count) සොයාගැනීම වැදගත්. කුඩාම මිනුම යනු අඳාළ වර්නියර් කැලිපරයෙන් මැනිය හැකි කුඩාතම මිනුමයි. වර්නියර් කැලිපරයේ කුඩාම මිනුම යනු ප්‍රධාන පරිමාණ එක් කොටසකින් මුළු වර්නියර් කොටස් ගණනේ දිගෙන් අඩු කිරීමෙන් ලැබෙන අගයයි. එය පහත රූපය ඇසුරෙන් මෙසේ පෙන්වා දිය හැක.
[caption id="attachment_427" align="aligncenter" width="433" caption="(3-රූපය) "][/caption]
ප්‍රධාන පරිමාණ කොටසක දිග 1mm වේ. වර්නියර් කොටස් ගනන 10කි. වර්නියර් කොටස් 10, ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් සමඟ සමපාත වන නිසා මූළු වර්නියර් කොටස් ගණනනේ දිග 9mm වේ. ඒ අනුව එක් වර්නියර් කොටසක දිග 9/10mm විය යුතුයි. දැන් කුඩාම 1mm - 9/10mm වේ. එවිට කුඩාම මිනුම 0.1mm වේ. බොහෝ වර්නියර් කැලිපර වල කුඩාම මිනුම සටහන් කර තිබේ. තවද කුඩාම මිනුම පහත සූත්‍රයෙන් පහසුවෙන් සෙවිය හැක.
කුඩාම මිනුම=ප්‍රධාන පරිමාණයේ කොටසක දිග/මුළු වර්නියර් කොටස් ගණන
වර්නියර් කැලිපරය භාවිතා කර දිග මනින ආකාරය සහ අඳාළ ගණනය කිරීම් සිදු කරන ආකාරයත් මූලාංක දෝෂ පරීක්ෂාව ගැනත් මීළග ලිපියෙන් සලකා බලමු.෴
By Shiroshan RandikaShiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com0tag:blogger.com,1999:blog-7363445756873744504.post-50789414460251584442010-12-01T12:59:00.000+05:302013-12-05T16:41:11.061+05:30බෝර් ආකෘතියේ දුර්වලතා සහ කැතෝඩ කිරණබෝර්වාදයේ දුර්වලතා (Shortcomings of Bohr Model)
දැනට වඩාත්ම පිළිගත් මූලික පරමාණුක ආකෘතිය වන බෝර් ආකෘතියත් පසු කලෙක යම් යම් ප්‍රශ්න හමුවේ පසු බෑමකට ලක් වුනා. මෙහිදී සිදු වූ විශාලතම වැරැද්ද වූයේ පළමු පාදස්ථ අවස්ථාවේ වූ කක්ෂීය කෝණික ප්‍රවේගය සඳහා ලබා දුන් අගයයේ වැරැද්දයි. සාමාන්‍යයෙන් පාදස්ථ අවස්ථාවේ ඇති කක්ෂයක ඇති ඉලෙක්ට්‍රෝනයක කක්ෂීය කෝණික ප්‍රවේගය ශුන්‍ය අගයයක් ගන්නා නමුත් ඒ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මවා ගැනීම අසීරු වුනා. ඉලෙක්ට්‍රෝන ඉලිප්සාකාර කක්ෂ වල ගමන් ගන්නා බව සඳහන් වූ නමුත් අර්ධ පෞරාණික යාන්ත්‍ර විද්‍යාවට අනුව මෙය නියත ලෙස පැහැදිලි කිරීම අසීරු වුනා. සත්‍ය වශයෙන්ම පාදස්ථ අවස්ථාව යනු ගෝලීයාකාර සමමිතික අවස්ථාවක් ය යන්න පැහැදිලි කිරීමට උසස් යාන්ත්රවිද්යාත්මක ආකෘති පවා අසමත් වුනා. මේ නිසා බෝර් ආකෘතියේ සුපිරි බව තරමකට බිඳ වැටුනා.
නූතන ක්වොන්ටම් යාන්ත්රවිද්යාවට අනුව හයිඩ්රජන් පරමාණුවේ පාදස්ථ අවස්ථාවේ කවචය යනු ඉලෙක්ට්‍රෝණය පැවතිය හැකි සම්භාවිතාව සහිත ගෝලීය අවකාශයක් පමණක් වන අතර මෙම සම්භාවිතාවය න්‍යෂ්ඨිය අසළ දී ඉතා ඉහළය. එසේම බෝර් ආකෘතිය පහත දැක්වෙන කරුණු විස්තර කිරීමට අපොහොසත් වීම ද එහි දුර්වලතාවයක් ලෙස දකින්නට පුළුවන්.
විශාල පරමාණුවලට අදාල පරමාණුක වර්ණාවලිය.
පරමාණුක වර්ණාවලියේ රේඛාවල සාපේක්ෂ තීව්‍රතාවය විස්තර කිරීමටද බෝර් ආකෘතිය අසමත් වී ඇත.
අතිසූක්ෂම සහ සූක්ෂම වර්ණාවලීන්ගේ පැවැත්ම. මෙය බෝර් සූත්‍රයට යම් යම් සාධාරණ උපකල්පන සිදුකර තරමකට විස්තර කළ හැකිය.
“සීමාන් ආචරණය” (Zeeman effect) චුම්භක ක්ෂෙත්රයකදී වර්ණාවලි රේඛාවල වෙනස්වීම විස්තර කිරීමට අපොහොසත් වීම.
බෝර් ආකෘතියට අනුව ඉලෙක්ට්‍රෝණ නියත අරයයන් සහිත කක්ෂවල ගමන් කරතැයි සිතීම නිසා මෙම ආකෘතිය අවිනිශ්චිතතා මූලධර්මය උල්ලංඝනය කිරීම ද සිදු කරයි.
කැතෝඩ කිරණ (Cathode Rays)
[caption id="attachment_404" align="aligncenter" width="250" caption="සරල කැතෝඩ කිරණ නලයක්"][/caption]
සරළ වශයෙන් කියතොත්, කැතෝඩ කිරණ යනු රික්තකයක් තුළ දී ඇති කරන ඉලෙක්ට්‍රෝණ කදම්භයකි. කැතෝඩ කිරණ මුලින්ම නිරීක්ෂණය කරන ලද්දේ ජර්මානු භෞතික විද්‍යාඥ ජොහෑන් හිටෝෆ් විසින් 1869 දී වුවත්, එය කැතෝඩ කිරණ ලෙස නම් කෙරුණේ 1876 දී ඉයුජින් ගෝල්ඩ්ස්ටීන් විසින්. 1897 දී බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥ ජේ. ජේ. තොම්සන් විසින් කැතෝඩ කිරණවල ඍණාරෝපිත අංශූන් ඇති බවට පෙන්වාදීමන් පසු ඉලෙක්ට්‍රෝණ මුල්වරට කැතෝඩ කිරණ වල අංගයක් ලෙස සොයාගනු ලැබුවා. බොහොමයක් ලාංකීය නිවෙස්වල ඇති රූපවාහිනී මෙම කැතෝඩ කිරණ නළ (Cathode Ray Tubes – CRT) වෙනස් කිරීමෙන් තනාගනු ලැබුවක්.
කැතෝඩ කිරණ වලට එම නම ලැබී ඇත්තේ ඒවා කැතෝඩයෙන් හෙවත් ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝඩයෙන් නිකුත් වන බැවිනි. ඉලෙක්ට්‍රෝණ කැතෝඩයෙන් නිකුත් වීම සඳහා ඒවා පරමාණුවල ආකර්ෂණයෙන් මිදිය යුතු වේ. මේ සඳහා ඉහළ ධන ආරෝපණයක් ඇනෝඩයට ලබා දීම සිදු කෙරේ: මෙයට සමාන ඍණ ආරෝපණයක් කැතෝඩයට ලැබීම නිසා ඍණ කැතෝඩයෙන් - ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝණ පහසුවෙන් නිකුත් වේ. මෙසේ නිකුත් වන ඉලෙක්ට්‍රෝණ සරළ රේඛීයව ඇනෝඩය කරා රික්ත නලය දිගේ ගමන් කරයි. ඇනෝඩය සහ කැතෝඩය අතර වූ ඉහළ වෝල්ටීයතා වෙනස මෙම ඉලෙක්ට්රෝණවල ප්‍රවේගය වැඩි කරයි. මේ කැතෝඩ කිරණ පියවි ඇසින් දැකිය නොහැකි වුවත්, කැතෝඩ කිරණ නලයේ බිත්ති මත පතිතවන කිරණ වීදුරුව වර්ණගන්වයි. මෙයට ප්‍රතිදීප්තිය (Flourescence) කියා කියනු ලැබේ. එම නිසාම මේ කැතෝඩ කිරණ නිරීක්ෂණය සඳහා කැතෝඩකරණ නල තුළට ප්‍රතිදීප්ත තිරයක් ඇතුලත් කර ඇත. කැතෝඩ කිරණ යනු ඉලෙක්ට්‍රෝණ කදම්භයක් නිසා එයට ගාමක බලයක් ඇත. මේ පිළිබඳ වැඩිදුර විස්තර පහත දැක්වෙන වීඩියෝවෙන් නැරඹිය හැක.
(http://www.youtube.com/watch?v=Z61zCaAFky4)
<object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" width="480" height="385" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="allowFullScreen" value="true" /><param name="allowscriptaccess" value="always" /><param name="src" value="http://www.youtube.com/v/Z61zCaAFky4?fs=1&hl=en_US" /><param name="allowfullscreen" value="true" /><embed type="application/x-shockwave-flash" width="480" height="385" src="http://www.youtube.com/v/Z61zCaAFky4?fs=1&hl=en_US" allowscriptaccess="always" allowfullscreen="true"></embed></object>
By Dr. Piyal AriyannadaShiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com0tag:blogger.com,1999:blog-7363445756873744504.post-36798695915186156082010-11-30T16:34:00.000+05:302013-12-05T16:41:11.075+05:30හොදම සමූහ බ්ලොග් අඩවිය 2010
[caption id="attachment_398" align="aligncenter" width="290" caption="හොඳම සමූහ බ්ලොග් අඩවියට හිමි සම්මානය"][/caption]
කොළඹ රාජකීය විද්‍යාලීය සාහිත්‍ය ඒකකය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පූර්ණ අනුග්‍රහය ඇතිව පැවැත්වූ 2010 සිංහල බ්ලොග්කරණ තරගාවලියෙහි සම්මාන ප්රදානෝත්සවය වන "අසෙනිය කුසුම" පසුගිය නොවැම්බර් 29වන දින සිදු කෙරිණී. එහිදී හොදම සමූහ බ්ලොග් අඩවියට හිමි සම්මානය විද්‍යාව.com වෙත ලැබුණු බව පවසන්නේ හඳ පිරි සතුටිනි. එය විද්‍යාව.com කණ්ඩායමට මෙතෙක් ලැබුණු හොදම දිරිගැන්වීමයි. ඒ පිළිබඳව මෙම තරගාවලිය සංවිධානය කළ සභාපති ඇතුළු රාජකීය විද්‍යාලීය සාහිත්‍ය ඒකකයට අපේ අවංක ස්තූතිය පුද කර සිටිනවා. ඒ වගේම මෙතෙක් විද්‍යාව.com වෙත දායකත්වය සැපයූ සියලු දෙනාටත් තුති පුද කර සිටිනවා. විශේෂයෙන් සක්‍රීය දායකත්වයක් සැපයූ පියල් ආරියනන්ද, විද්‍යා ප්‍රබන්ධ සැපයූ පැතුම් අසංක, දේදුනු ධනන්ජය, සචිත් පෙරේරා, විශ්ව රංගනාත් යන අයත් විද්‍යා කාටූන් නිර්මාණ සැපයූ සියලු දෙනාවත් මේ අවස්ථාවේදී ගෞරවයෙන් මතක් කර සිටිනවා. ඒ වගේම Vidyawa.com වෙත අනුග්‍රහය දක්වමින් සියලු වෙබ් සේවාවන් නොමිලේ සැපයීම පිළිබඳව eWebCities ආයතනයේ නිරුත්, ශක්ති ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපේ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම මෙම බ්ලොග් අඩවිය අරඹා තවම මාස අටක් පමණක් ගත වී ඇතත් එම කෙටි කාලය තුල නිතර මෙහි පැමිණී පාඨක පිරිසටත් නන් අයුරින් සහයෝගය දැක්වූ සැමටත් ස්තූතිය පුද කරනවා! ඒ සියලු දෙනාගෙන් ඉදිරියටත් අප හා රැඳෙන මෙන් ඉල්ලා සිටිමු. එසේම අනාගතයේදී මෙම අඩවිය වඩා නැවුම් ආකාරයෙන් ඉදිරිපත් කිරීමට අපි සෑම උත්සහයක්ම දරන්නෙමු . ස්තූතියි෴
By Shiroshan Randika
Shiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com0tag:blogger.com,1999:blog-7363445756873744504.post-74619926622435143982010-11-24T16:39:00.000+05:302013-12-05T16:41:11.053+05:30සරල දෝෂවාදය (Simple Error Theory)
භෞතික විද්‍යාවේදී දෝෂ ලෙස හැඳින්වෙන්නේ ලබාගන්නා මිනුම් හෝ පාඨාංක වල අවිනිශ්චිතබාවයයි. එම අවිනිශ්චිතබාවය ඇති වන්නේ මිනුම් ලබා ගන්නා පුද්ගලයාගේ හෝ උපකරණයේ හෝ වස්තුවේ වැරැද්දක් නිසා නොවේ.
උදාහරණයක් ලෙස මීටර කෝදුවෙන් යම් වස්තුවක දිග මැනීමේදී වස්තුවේ අවසාන ලක්ෂ්‍යය මිලිමීටර ලකුණු දෙකක් තිබිය හැක. එවිට ආසන්නතම මිලිමීටර ලකුණ සලකා අපි පාඨාංක ගන්නෙමු. නමුත් මෙය 100%ක්ම නිවැරදි නොවේ. මෙවැන්නක් දෝෂයක් ලෙස හැඳින්විය හැක.
ඉතින් මෙම දෝෂ භෞතික විද්‍යාවේදී කොටස් දෙකකට වර්ග කෙරේ. එනම් පහත පරිදි වේ.
ඒකාංග දෝෂ (Systematic Errors)
සසම්භාවී දෝෂ (Random Errors)
ඒකාංග දෝෂ
කිසියම් නිශ්චිත හේතුවක් නිසා ඇති වන දෝෂ ඒකාංග දෝෂ (Random Errors) ලෙස හඳුන්වයි. මේවා අවම කරගැනීමට හෝ ශෝධනය කිරීමට හැකි වේ.
උදාහරණයක් ලෙස අපි තාපය සම්බන්ධ පරික්ෂණයකදී උෂ්ණත්වය මැනිය යුතු යැයි සිතමු. එවැනි අවස්ථාවකදී තාප පරිවාරක යොදා උෂ්ණත්වය අපතේ යෑම අවම කර ගත හැක.
[caption id="attachment_383" align="aligncenter" width="300" caption="තාප පරිවාරකයකින් ආවරණය කළ බඳුනක් සහ නිරාවරණය කළ බඳුනක්"][/caption]
ඒ වගේම මීටර කෝදුවක් '0' කෙළවර යම් හෙයකින් ගෙවී ගොස් තිබුණොත් අපි ඊළඟ ලකුණේ සිට මනිනු ලබයි. පසුව ලබාගත් පාඨාංක වලට ගෙවී ගිය ප්‍රමාණය ගණනය කර එකතු කරනු ලැබේ. එවිට පෙර කී දෝෂය ශෝධනය(ඉවත් වී) යයි. මෙසේම ව'නියර් කැලිපර, ඉස්කුරුප්පු ආමාන යන උපකරණ වල හනු හෝ වෙනත් කොටස් ගෙවී ගොස් ඇත්නම් එම දෝෂය ගණනය කර ලබාගත් පාඨාංක වලට එකතු කිරීම හෝ අඩු කිරීම සිදු කෙරේ. මෙම දෝෂ මූලාංක දෝෂ (zero error) ලෙසද හඳුනවනු ලැබේ.
[caption id="attachment_384" align="aligncenter" width="330" caption="ව'නියර් කැලිපරයේ මෙම හනු ගෙවී යාමේන් මූලාංක දෝෂයක් ඇති විය හැක"][/caption]
සසම්භාවී දෝෂ
සසම්භාවි දෝෂ (Random Errors) ශෝධනය කිරීමේ හැකියාවක් නොමැත. නමුත් යම් තාක් දුරට අවම කර ගත හැක. උදාහරණයක් ලෙස කම්බියක විෂ්කම්භය මැනීමේදී ස්ථාන කිහිපයකින් මනිනු ලැබේ. මක්නිසාදයත් කම්බියේ විෂ්කම්භය සෑම ස්ථානයකදීම ඒකාකාරී නොවන නිසාය. ඉතින් මෙම දෝෂ සසම්භාවි දෝෂ ලෙස හැඳිනවේ. මෙවන් අවස්ථාවකදී ස්ථාන කිහිපයකින් මිනුම් කිහිපයක් ගෙන මධ්යනන්ය අගය ගැනීමේ මෙම දෝෂය අවම කර ගත හැක.
මෙවරනි අවස්ථා වල දෝෂය ප්‍රමාණාත්මකව ගණනය කිරීම භාගික දෝෂය (fractional error) හා ප්‍රතිශත දෝෂය (percentage error) ලෙස රාශි 2ක් අර්ථ දැක්වේ. එ්වා පහත දැක්වෙන පරිදි ගණනය කළ හැක.
භාගික දෝෂය = උපරිම දෝෂය / ලබාගත් මිනුම
ප්‍රතිශත දෝෂය =උපරිම දෝෂය / ලබාගත් මිනුම X 100
මෙහි උපරිම දෝෂය යනු කුඩාම මිනුමයි. උදාහණයක් ලෙස මීටර කෝදුවේ කුඩාම මිනුම මිලිමීටර 1 ලෙස ගත හැක. භාගික දෝෂය මඟින් ඕනෑම මිනුමක දෝෂය ප්‍රමාණාත්මකව ගණනය කළ හැක. ප්‍රතිශත දෝෂය මඟින් කිසියම් මිනුමක දෝෂය සංඛ්‍යාත්මකව ගණනය කළ හැක. ඒ වගේම හොඳ තත්වයේ මිනුමක් නම් එහි ප්‍රතිශත දෝෂය 1%ක් හෝ ඊට වඩා කුඩා විය යුතුයි. ප්‍රතිශත දෝෂය 1%ට වැඩි නම් එම උපකරණය එවැනි මිනුම් ලබා ගැනීමට සුදුසු නොවේ.
By Shiroshan RandikaShiroshhttp://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.com0