කලින් භෞතික විද්‍යාව හැඳින්වීමේ ලිපියේදී මම කිව්වා භෞතික විද්‍යාව පරීක්ෂණාත්මක විෂයයක් කියලා. සෑම විටම පර්යේෂණ ප්‍රතිඵල මත තමා නිගමනයකට එළඹෙන්නේ. ඉතින් මේ පර්යේෂණ මඟින් ලබාගන්නා මිනුම් සහ පාඨාංක වලින් නිරෑපණය කරන්නේ සංඛ්‍යාත්මක අගයයන්. නිකන්ම අගයයන් ටිකක් නෙමේ. මෙම අගයන් ප්‍රකාශ කරනු ලබන්නේ අඳාළ ඒකකයත් සමඟයි. ඒ අනුව භෞතික විද්‍යාවේදී මේ ඒකක ප්‍රකාශනය නැතුවම බෑ. එම නිසා මෙම ඒකක පිළිබඳ අධ්‍යයනය ඉතාම වැදගත්.

ලෝකයේ විවිධ රටවල් කිරුම් මිනුම් කටයුතු සඳහා ඔවුන්ට ආවේණික ඒකක ක්‍රම භාවිතා කරන ලදී. නමුත් රටවල් අතර සම්බන්ධතාව වැඩි වීමේදී (වෙළඳ සම්බන්ධතා වැනි) ඒකක ක්‍රමය රටකින් රටකට වෙනස් වීම නිසා භාවිතය බෙහෙවින් අසීරු වුණා. පසුකාලීනව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ලොව පුරා පැතිරීමත් සමඟ එම යටත් විජිත වල ඔවුන්ගේ පහසුව තකා එකම ඒකක ක්‍රමයක් භාවිතා කිරීමට නියම කළා. මෙම එංගලන්ත ඒකක ක්‍රම අදටත් අපිට දක්නට ලැබෙනවා. උදාහරණ ලෙස අඟල්, පර්චස්, රාත්තල් වැනි ඒකක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය නිසා අපට ලැබුණ දේවල්. ඒ අතරේ අපිටම ආව්ණික වූ දුර මැනීමට බඹ, වී වැනි දේ මැනීමට බුසල් වැනි සම්ප්‍රදායික ක්‍රම භාවිතා කළා. කෙසේ වූවත් ලෝකයටම පොදු වූ ඒකක ක්‍රමයක් ඒ වන විටත් බිහි වී තිබුණේ නෑ. මොකද ඒවා වල යම් යම් දෝෂ තිබුණා.
ඉතින් කෙසේ හෝ අවසානයේ විවිධ ක්ෂේත්‍ර වල විද්‍යාඥයන් එක් වී එක් පොදු සම්මත ඒකක ක්‍රමයක් පිහිටුවා ගත්තා. මේ අනුව අපේ රටටත් මේ ක්‍රමය පසු කාලීනව හඳුන්වා දුන්නා. ඒ තමා SI ඒකක ක්‍රමය. SI කියන අකුරු දෙකේ තේරුම ඇවිල්ලා තියෙන්නේ ප්‍රංශ වචන දෙකකින්. ඒ තමා le Système International d'unités වදන් පෙළ. ඒක ඉංග්‍රීසියෙන් International System of Units වේ. සරල සිංහලෙන් කිව්වවොත් අන්තර්ජාතික ඒකක ක්‍රමය.

ඔන්න ඔහොම තමා SI ඒකක ක්‍රමයේ ආරම්භය. මේකට මෙට්‍රික් ක්‍රමය කියලත් කියනවා. මෙම සංකල්පය ඉදිරිපත් කළ අය අතර Antoine-Laurent Lavoisier කියන පුද්ගලයාත් වැදගත් තැනක් ගන්නවා. ඔහුව නූතන රසායන විද්‍යාවේ පියා ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඉතින් පේනවනේ රසායන විද්‍යාවටත් මෙම ඒකක ගැන අධ්‍යයනය කිරීම ගොඩක් වැදගත්. කොහොම හරි පස්සේ විවිධ සමුළු පවත්වමින් විද්‍යාඥයෝ එකතු වී එක් එක් මිනුම් සඳහා සම්මත ඒකක හඳුන්වා දීලා තියෙනවා. විශේෂයෙන් CGPM සමුළු වලදී තමා මූලික ඒකක ටික හඳුන්වා දුන්නේ.
ඉතින් මේ ඒකක භාවිතා කළේ මොනවටද? වෙන මොනවටත් නෙමේ භෞතික රාශීන් සඳහා. මම හිතන විදියට භෞතික රාශීයක් කියන්නේ ප්‍රමාණාත්මක අගයකින් නිරෑපණය කළ හැකි භෞතික ක්‍රියාවක් හෝ වස්තුවක ප්‍රමාණාත්මතාවක්. ඉතින් මේ ගැන වැඩි දුර විස්තර ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරමු. තව SI ඒකක ගැන කියන්නත් ගොඩක් දේ තියෙනවා.
About the Author

Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
භෞතික විද්‍යාවේදී සාපේක්ෂ චලිතය හා සම්බන්ධ සිද්ධාන්ත මෙහිදී අපි අධ්‍යයනය කරමු. භෞතික වස්තූන්ගේ අවකාශය මෙහිදී ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙද...
-
මාන විශ්ලේෂණය (dimensional analysis) යනු විද්‍යාවේදී බහුලව ප්‍රයෝජනයට ගැනෙන එක්තරා ගණිතමය ක්‍රමවේදයක්. විශේෂයෙන් සමීකරණ ගොඩනෑගීමට බෙහෙවින් උ...
-
සාමාන්‍ය භාවිතයන් වලදී මෙන් නොව පරීක්ෂණ වලදී ලබා ගත යුතු පාඨාංක හැකිතාත් නිවැරදි විය යුතුය. සාමාන්‍ය අඩි කෝදුවක ඇති පරිමාණයේ රේඛා දෙකක් අතර ...
-
ජේ. ජේ. තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය - ක්‍රි.ව.1904 පරමාණුව පිළිබඳ පැහැදිලි ආකෘතියක් මුලින්ම ඉදිරිපත් කළේ 1904 දි ජේ. ජේ. තොම්සන් විසින්. ...
-
ලෝහ කැටායන මිශ්‍රණයක් දී ඇති විට එම එක් එක් කැටායනය හඳුනා ගන්නා ආකාරය අපි මෙහිදී සලකා බලමු. මේ සඳහා s, p හා d ගොනු වලට අයත් ලෝහ කැටායන අඩං...
-
කලින් ලිපියේ අපි මූලික ඒකක යොදාගෙන ව්‍යුත්පන්න භෞතික රාශීන් සඳහා ඒකක ලිව්වා. ඒ අනුව බලය නැමැති රාශියෙ හි ඒකකය විදියට අපට kgms -2 යන පිළිතු...
-
රදර්ෆඩ් ඉදිරිපත් කළ මූලික පරමාණුක ආකෘතිය වන දැඩි ලෙස ධනාරෝපිත න්‍යෂ්ටිය වටා ඇති ලිහිල්ව ඇසිරුණ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝණ වලින් සමන්විත පරමාණුක ආක...
-
සිංහල බසින් නම් චන්ද්‍රිකාව යනු පරිවාර ග්‍රහයා යන අර්ථයයි. නමුත් ඒ ස්වාභාවික චන්ද්‍රිකා වේ. මීට අවුරුදු ගණනකට පෙර කෘත්‍රිම චන්ද්‍රිකා කරළි...
-
දිග යනු එදිනෙදා ජීවිතයේදී බහුලවම භාවිතා කරන භෞතික රාශීයක්. දිග සඳහා අවස්ථානුකූලව දිග, පළල දුර හා උස යන යෙදුම් භාවිතා කරයි. දිග පරාසය ගණිතම...
-
මේ පදාර්ථ සියල්ලේ කුඩාම ඒකකය වන්නේ පරමාණුවයි. පරමාණුව යනු පරම-අණුව යන්න බිඳීමෙන් සෑදුනක්. එනම්, තවත් නොබිඳිය හැකි කුඩාම කොටස යන්නයි. ජෝන් ඩෝ...
Like Us On Facebook
Labels
රසායන විද්‍යාව
(24)
භෞතික විද්‍යාව
(22)
විද්‍යාව
(18)
Science
(14)
Chemistry
(11)
Introduction of Science
(10)
පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා
(10)
විද්‍යා ප්‍රබන්ධ
(10)
Physics
(7)
පරමාණුව
(6)
Atom
(5)
Fictions
(5)
Sci Fi
(5)
න්‍යෂ්ටිය
(5)
පැතුම් හේරත්
(5)
World
(4)
ඉලෙක්ට්‍රෝන
(4)
කාටූන්
(4)
ජීව විද්‍යාව
(4)
පදාර්ථය
(4)
පුවත්
(4)
භෞතික රාශි
(4)
ලෝක විනාශය
(4)
Matter
(3)
Theoretical Chemistry
(3)
නිවේදන
(3)
නීල් බෝර්
(3)
පරමාණූක ආකෘති
(3)
පරිගණක විද්‍යාව
(3)
පරිණාමයේ වේදනාව
(3)
මාන විශ්ලේෂණය
(3)
මිනුම
(3)
විදයා ප්‍රබන්ධ
(3)
සමීකරණ
(3)
Materials Chemistry
(2)
Physical Chemistry
(2)
cartoon
(2)
measurement
(2)
vidyawa.com
(2)
ගණිතය
(2)
තාක්ෂණය
(2)
තාරකා විද්‍යාව
(2)
ද්‍රව්‍යමය රසායනය
(2)
භෞතික රසායනය
(2)
සංයෝග
(2)
Analytical Chemistry
(1)
Article
(1)
Barcode
(1)
Biochemistry
(1)
Biology
(1)
Bohr Model
(1)
Cosmos
(1)
Dengue
(1)
Engineering
(1)
Hydrogen
(1)
Inorganic Chemistry
(1)
Main Scale
(1)
Nano
(1)
NatGeo
(1)
Organic Chemistry
(1)
SI ක්‍රමය
(1)
Simple Error Theory
(1)
Triple World
(1)
Units
(1)
Vernier
(1)
Vernier Scale
(1)
carbon
(1)
cathode rays
(1)
dimensional analysis
(1)
least count
(1)
zero error
(1)
අකාබනික රසායන විද්‍යාව
(1)
අනාගතය
(1)
අභ්‍යාවකාශය
(1)
ඇන්ඩ්‍රොයිඩ්
(1)
ඉරට්ටේ
(1)
ඉලක්කම්
(1)
ඉලෙක්ට්‍රොනික විද්‍යාව
(1)
ඒකක
(1)
ඒකාංග දෝෂ
(1)
ඔත්තේ
(1)
ක්ලෝරයිඩ
(1)
කාටායන විශ්ලේෂණය
(1)
කාණ්ඩ විශ්ලේෂණය
(1)
කාබන්
(1)
කාබනික රසායන විද්‍යාව
(1)
කාබනේට
(1)
කැතෝඩ කිරණ
(1)
කියන කතා
(1)
කුඩාම මිනුම
(1)
කෘත්‍රිම චන්ද්‍රිකා
(1)
චාරිකා
(1)
ජංගම දුරකථන
(1)
ජීව රසායන විද්‍යාව
(1)
ජේ. ජේ. තොම්සන්
(1)
ඩෙංගු
(1)
ත්‍රිත්ව ලෝක
(1)
තාක්ෂණික
(1)
දියමන්ති
(1)
දුර්වලතා
(1)
දෝෂ
(1)
නිනිති තාක්ෂණය
(1)
පරමාණුවේ ඉතිහාසය
(1)
ප්‍රතිශත දෝෂය
(1)
ප්‍රධාන පරිමාණය
(1)
පියරේ වර්නියර්
(1)
බැක්ටීරියා
(1)
බෝර් ආකෘතිය
(1)
භාගික දෝෂය
(1)
මනුෂ්‍යයා
(1)
මිනිස් දිවිය
(1)
මූලාංක දෝෂ
(1)
මූලාංක දෝෂය
(1)
යාන්ත්‍ර විද්‍යාව
(1)
යොවුන්
(1)
රදර්ෆර්ඩ්
(1)
රසායනික විශ්ලේෂණය
(1)
රූපවාහිනි වැඩහටහන්
(1)
ලෝකය
(1)
ලෝහ
(1)
වර්ණවත් සංයෝග
(1)
වර්ණාවලිය
(1)
වර්නියර්
(1)
ව්‍යවහාරික ගණිතය
(1)
වාර්තා
(1)
විදයාවෙන් පහදමු
(1)
විශ්ලේෂණාත්මක රසායනය
(1)
වෛරස
(1)
ශ්‍රී ලංකාව
(1)
ශූද්ධ ගණිතය
(1)
සංඛ්‍යා රටා
(1)
සරල දෝෂවාදය
(1)
සල්පයිඩ
(1)
සසම්භාවි දෝෂ
(1)
සාපේක්ෂ චලිතය
(1)
සාපේක්ෂතාවාදය
(1)
සිද්ධාන්තමය රසායනය
(1)
හයිඩ්රජන්
(1)
හයිඩ්රජන් විමෝචන වර්ණාවලිය
(1)
හයිඩ්රජන් සල්පයිඩ්
(1)
හයිඩ්‍රොක්සයිඩ
(1)
නොදන්න දෙයක් ස්තූතියි ඔබට
ReplyDeletegreat/// good thama
ReplyDelete@චතුරංග රූපසිංහ
ReplyDeleteබොහොම ස්තූතියි! ඊළඟ ලිපියත් බලන්න.
@Amila Dilanka Perera=ADP
බොහොම ස්තූතියි! ලිපියක් එහෙම ලියලා දෙන්නකෝ!
එල කිරි වගෙ ලිපියක්.
ReplyDelete@Dinindu De Silva
ReplyDeleteThank you very much!