නවමු අත්දැකීමක්! එක් වන්න!



මෙම වෙබ් අඩවියෙන් ඔබගේ විද්‍යා  ඥාණය වැඩි කරගැනීමට හැකි වෙනු ඇතැයි අපි විශ්වාස කරමු. තවදුරටත් විද්‍යාත්මක සංවාද සඳහාත් මෙය විවෘත බව කාරුණිකව දන්වා සිටිමු. ඔබටත්

  1. භෞතික විද්‍යාව.

  2. රසායන විද්‍යාව,

  3. ජීව විද්‍යාව,

  4. පරිගණක විද්‍යාව,

  5. තාරකා විද්‍යාව,

  6. සමාජ විද්‍යාව,

  7. ආර්ථික විද්‍යාව,

  8. දේශපාලන විද්‍යාව.

  9. මනෝ විද්‍යාව


යන විෂයය ක්ෂේත්‍ර ඔස්සේ යම් හෝ දැනුමක් ඇත්නම් අප සියලු දෙනා සමඟ එම දැනුම බෙදා ගත හැක. ඒ සඳහා ඔබ විසින් රචිත විද්‍යා ලිපිය අඳාළ විද්‍යාව සඳහන් කොට අපගේ පහත ඉ-තැපැල් ගිණුමට එවිය හැක. ඒ සමඟම ඔබේ විස්තරද එවිය යුතුවේ. පසුව අප විසින් එම ලිපියේ ගුණාත්මකභාවය සලකා බලා දින 5ක් ඇතුළත අපගේ වෙබ් අඩවියේ පල කෙරේ. ඒ සඳහා අප විසින් කතෘ අයිතිය සුරකින බවට අප සහතික වන අතර ඔබේ විස්තර අපේ වෙබ් අඩවියට ඇතුලත් කරනු ලැබේ. දිගින් දිගටම ඔබ ගුණාත්මකභාවයෙන් ඉහළ ලිපි අප හට සපයන විට මෙම අඩවියට ඍජුවම ලිපි ලිවීමට ඔබ හට අවසර දෙනු ලැබේ. එවිට ඉ-තැපැල් ගිණුමට එවීමට අවශ්‍ය නැත. සෑම ලිපියක්ම පහත ලිපිනයට යොමු කළ හැක. වැඩිදුර තොරතුරු ලබා ගැනීමටද මෙම ලිපිනය භාවිතා කළ හැක.

admin{at}vidyawa{dot}com


ලිපි ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු:

  1. සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලිවිය හැකි අතර සිංහලෙන් ලියන්නේනම් සිංහල යුනිකොඩ් අනිවාර්යය වේ. හැකි පමණ පාරිභාෂික වචන භාවිතා කළ යුතුයි. සුදුසු පරිදි අඳාළ ඉංග්‍රීසි වචනය වරහන් තුළ යෙදිය හැක.

  2. වචන 200ත් 1000ත් අතර අන්තර්ගතයක් තිබිය යුතු අතර එම ලිපියට අඳාළව අවම වශයන් එක් පිංතූරයක්වත් අන්තර්ගත විය යුතුයි.පිංතූර වල ප්‍රකාශන හිමිකම සහ අන්තර්ගතයේ ප්‍රකාශන හිමිකම සම්බන්ධයෙන් කතෘ විසින් වඟකීම දැරිය යුතුයි.

  3. ලිපි ලිවීමේදී සුදුසු පරිදි ව්‍යවහාරික භාෂාවෙන් ලිවිය යුතුයි. ලිඛිත භාෂාවෙන්ද ලිවිය හැක. ලිඛිත භාෂාවේ ලියන්නේනම් හැකි තරම් ව්‍යාකරණ පිළිපැදිය යුතුයි.  කුමන ආකතාරයට ලිවූවද අක්ෂර වින්‍යාසය හැකි තරම් නිවැරදි විය යුතුයි. සිංහල බසින් ලියන ලද ලිපි වල අක්ෂර වින්‍යාසය www.subasa.net වෙබ් අඩවිය මඟින් පහසුවෙන් නිවැරදි කරගත හැක.


ස්තූතියි!

Shiroshan Randika
Administrator
www.Vidyawa.com

Comments

  1. Shiroshan Randika15 April 2010 at 15:29

    Join with us!

    ReplyDelete
  2. අමිල ඩිලංක15 April 2010 at 15:44

    ela

    ReplyDelete
  3. ධනික | Dhanika15 April 2010 at 16:30

    සුභපැතුම්!

    ReplyDelete
  4. Shiroshan Randika18 April 2010 at 03:29

    @අමිල ඩිලංක
    Thanks for your valuable support!

    @ධනික | Dhanika
    Thank you very much brother!

    ReplyDelete
  5. බිඟුවා...!20 April 2010 at 05:16

    sinhala wikiye livvanam katath kiyawanna puluwanne

    http://si.wikipedia.org/

    ReplyDelete
  6. Shiroshan Randika20 April 2010 at 06:02

    @බිඟුවා
    ඔබේ අදහසට බෙහෙවින් ස්තූතියි! නමුත් මේක බ්ලොග් අඩවියක්. බ්ලොග් ලිපියකදී බ්ලොග්කරුවා භාවිතා කරන ශෛලිය ඔහුටම ආවේණිකයි. ඉතින් එවැනි ශෛලිගත ලිපියක් විකිපීඩියා වැනි පොදු මහජන විශ්ව කෝෂයකට ගැලපෙන්නේ නෑ. අනෙක එසේ ලිව්වොත් විකිපීඩියාව කුණුගොඩවල් වලින් පිරෙන්න පුළුවන්. සමහර විට තව කෙනෙකු විසින් එය නිවැරදි කරන්නටත් පුළුවන්. ඔබ කියන ආකාරයට මෙම ලිපි නිසි ආකාරයට විකිපීඩියාවේ ලියනවනම් බොහොම හොඳ වැඩක්! නමුත් අද වන විට සිංහල විකිපීඩියාවට වඩා බොහෝ වැදගත් කරුණු සිංහල බ්ලොග් අඩවි වලින් ලබාගන්න පුළුවන්. ඉතින් මේ හැම කරුණක්ම සිංහල විකිපීඩියාවේ ලිව්වම සිංහල බ්ලොග් අඩවියකින් ඇති ඵලේ කුමක්ද? කෙසේ වෙතත් ඔබේ අදහසත් නරකම නෑ! හැබැයි කවදාහරි දවසක සිංහල විකිපීඩියාවේ මේවා ලිය වෙන එකනම් විශ්වාසයි!

    ReplyDelete
  7. i want to get sinhala facts about atoms
    i searched in this site 'atoms' but found nothing
    what to do
    if u have a n answer email me
    rihpbbs@gmail.com

    ReplyDelete

Post a Comment

Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.