පරිගණක විද්‍යාවේ ආගමනය

කොම්පියුටරය (Computer) හෙවත් අපේ භාෂාවෙන් හඳුන්වන පරිගණකය නැමැති යන්ත්‍රය අද වන විට නැතුවම බැරි දෙයක්. අතීතයේදී ‍පරිගණකය බිහි වීමට මුල් වූ පර්යේෂණ සිදු කරන විට පරිගණකය නැමැති යන්ත්‍රය මේ ලෝකය තුල මෙතරම් විප්ලවයක් සිදු කරයි කියා එවකට කිසිදු පුද්ගලයෙක් නොසිතන්නට ඇත. ඇත්තම කිව්වොත් ඔවුන් එම පර්යේෂණයන් වල නිරත වූයේ පරිගණකයක් නිර්මාණයට නොවේ. එහෙනම් ඔවුන් ඒ සඳහා තම කාලය හා ශ්‍රමය වැය කළේ කුමටද? ඒ පහසුවෙන් ගණනය කිරීම් කටයුතු සිදු කළ හැකි යන්ත්‍රයක් නිර්මාණය කරගැනීමටය.

එදිනෙදා භාවිතයට ගණිතය නැමැති විෂයය එකතු වීමත් සමඟ සෑම ක්‍රියාවකටම සහ සෑම දෙයකටම යම් වටිනාකමක් හෙවත් අගයක් දීමට මිනිසා පුරුදු විය. එම නිසා මනුෂ්‍ය වර්ගයාගේ ගැටලු නිරාකරණයට ගණිතයෙන් පිළිතුරු සෙවීමට පෙළඹිණි. ඒ හේතුවෙන් මෙම  අගයයන් ගණනය කිරීම ක්‍රම ක්‍රමයෙන් සංකීර්ණ විය. විටෙක එය සාමාන්‍ය මිනිස් බුද්ධියට දරාගත නොහැකි සංකීර්ණ විශාල ගැටලුය. ඉතින් මෙවැනි ගණනය කිරීමක් කෘත්‍රිම යන්ත්‍රයකට භාර දීමට මිනිස් බුද්ධිය සමත් වුණා. ඒ තමා පරිගණකයේ මුල් අවස්ථාව වන ගණක යන්ත්‍රය (Calculator). ඉතින් ගණක යන්ත්‍රය දිනෙන් දින සංකීර්ණ වෙන්න පටන් ගත්තා. එය තට්ටු ගණනක ගොඩනැගිල්ලක් තරමටම විශාල වුණා.

ට්‍රාන්සිස්ටරය නැමැති ඉලෙක්ට්‍රොනික උපාංගය සොයා ගැනීමත් සමඟ ප්‍රසාරණය වූ මෙම යන්ත්‍රය නැවත සංකෝචනය වෙන්නට පටන් ගත්තා. එසේ සංකෝචනය වෙලා අද ඔබේ ඔඩොක්කුව මතට (Laptop) පැමිණිලා තියෙනවා.  මෙසේ ඔබේ ඔඩොක්කුවට ලැප්ටොප් පරිගණකයක් විදිහටත් ඔබේ අත්ල මතට ස්මාට් දුරකථනයක්(Smart Phone) විදිහටත් එන්නට පෙර පරිගණකය විවිධ අවදි පසු කරමින් පැමිණියා. එහිදී එකතු වූ නවාංග ගණන අති විශාලයි.
ඔන්න ඔහොම ඉදිද්දී තමයි මේ සඳහා විද්‍යාවෙන් තවත් අනු විෂයයක් විදියට පරිගණක විද්‍යාව කරළියට පැමිණියේ. අද වන විට එය පුළුල් වූ විෂයයක් වගේම එයින් බිහි වූ ප්‍රජාවත් තාක්ෂණයත් නිර්මාණත් අති විශාලයි. විශ්ව විද්‍යාල මට්ටමටම අද එය පැමිණ තිබෙන්නේ ඒ නිසයි.  මෙම විෂයය අනෙක් විද්‍යා විෂයයන්ට වඩා ගණිතය සමඟ බද්ධව සිටිනවා. ඇත්තෙන්ම මෙහි පරිගණකය පිළිබඳව මුලික පදනම් කරුණු අධ්‍යයනය කරන විෂයයකි. සංඛ්‍යාන සිද්ධාන්ත , ඇල්ගෝරිතම් විශ්ලේෂණ , විධිමත් ක්‍රම , සංගමන ක්‍රම , දත්ත සමූදායන් , පරිගණක චිත්‍රක , වැඩසටහන්කරණය හා පද්ධති විශ්ලේණ වැනි වැනි ක්ෂේත්‍ර ඔස්සේ මෙම විෂයෙහි වැඩි දුර අධ්‍යයනය කෙරේ. ප්‍රධාන ව‍ශයෙන් මෙමඟින් මෘදුකාංග ඉංජිනේරුවෙකුට හොඳ අඩිතාලමක් දමනවා. 

තව දෙයක්! සමහරු පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය පටලවා ගන්නවා. පරිගණක විද්‍යාවේ දී සිදු කරන අධ්‍යනයන් ගැන මම කලින් කිව්වා. තොරතුරු තාක්ෂණය කියන්නේ පරිගණකයේ ආගමනයට පසුව බිහි වූ දෙයක්. මෙයට නූතන සන්නිවේදන තාක්ෂණයත් ඍජුවම බද්ධ වී තිබෙනවා. මෙමඟින් සිදු කරන්නේ තොරතුරු හුවමාරුවයි. නූතන සමාජයේදී තොරතුරු හෙවත් දැනුම කියන්නේ වටිනා සම්පතක්. ඉතින් මේ සම්පත සෑමදෙනෙකු අතරට යවන තාක්ෂණික ක්‍රමවේදයන්ට අපි තොරතුරු තාක්ෂණය යයි කියනවා. ඇත්තටම පරිගණක විද්‍යාව හැදෑරු කෙනෙකු ඊළගට පිවිසෙන්නේ තොරතුරු තාක්ෂණ ලෝකයටයි.

ඉතින් මම මේක ලිව්වේ පරිගණක විද්‍යාව ලිපි පෙළට හොද ආරම්භයක් ලබා දෙන්නයි. ඔබට මේක වැදගත් වුණානම් කියන්න. ඉතින් ඉදිරියේදී තවත් හරවත් ලිපි පෙළකින්  නැවත හමු වෙමු.෴


“මෙම ලිපිය ශිරෝෂන් රන්දික<
/b> විසින් ලියන ලද ලිපියකි. ඔහුගේ අවසරය මත උපුටාගැනීම් සිදු විය යුතුයි” ‍
Copyrights © 2010 Shiroshan Randika All rights Reserved.

Comments

  1. ඉන්දරේ | Indranama19 April 2010 at 05:22

    හොඳ ලිපි පෙලක ඇරඹුමක් වගේ පේනවා..
    දිගටම ලියන්න..

    ReplyDelete
  2. Shiroshan Randika19 April 2010 at 05:30

    @ඉන්දරේ | Indranama
    බොහොම ස්තූතියි පළමු ප්‍රතිචාරයට! අනිවා මම දිගටම ලියනවා! ඕනෑම කෙනෙකුට මේකට ලියන්න අවස්ථාව තියෙනවා.

    ReplyDelete
  3. hondai
    ohoma yan ohoma yan

    ReplyDelete
  4. ජාතික චින්තන නඩයට අනුව කම්පියුටර් සයන්ස් යනු අමු බොරුවකි. නලින් තුමා කොලඹ විශ්ව විද්‍යාලයේ කම්පියුටර් දෙපාර්තුමෙන්තුව ගිනි තියන්න අන දුන්නේ එනිසාය. සයන්ස් යන්න ද බටහිර හෝ බෞද්ධ යනුවෙන් බෙදා වෙන් කර ගත් යුතුය.

    සුස්ති ගුනේ

    ReplyDelete
  5. ඔවු, දිගටම ලියන්න!

    ReplyDelete
  6. first post.. great indeed... maxx

    ReplyDelete
  7. හසිත ජයසූරිය19 April 2010 at 17:51

    නියම ආරම්භයක්.....දිගු ගමනකට මගෙන් සුභ පැතුම්

    ReplyDelete
  8. @hasitha... - others can also join to this

    ReplyDelete
  9. Shiroshan Randika19 April 2010 at 20:57

    @Pradeep
    ස්තූතියි ඔබට! මාව උන්නදු කරනවට.

    @Anonymous
    ඔබ කියන ආකාරයේ දෙයක් පිළිබඳව මා නම් දැනුවත් වී නෑ. නමුත් පරිගණක විද්‍යාව ඔය කියන ආකාරයට අපට අවඥාණ ලෙස බැහැර කරන්න කොහෙත්ම බැහැ. කෙසේ වෙතත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි!

    @budhajeewa
    අනිවා දිගටම ලියනවා! ස්තූතියි ඔබටත්!

    @Amila
    මගේ සහායක සොයුරාටත් බොහොම ස්තූතියි! ඇත්තටම නිකමට වගේ හිතුණු කරුණු ටිකක් ගැන හදිස්සියෙන් තමයි මේ විදිහට ලිව්වේ.

    @හසිත ජයසූරිය
    සතුටුයි හොඳ ආරම්භයක් ලබා දීමට හැකි වීම ගැන. ඔව්! නොනවතින ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ස්තූතියි ඔබටත්!

    @Assistant
    ඔබ හරි! ඕනෑම කෙනෙකුට විවෘතව මෙම අඩවිය සමඟ එක් වීමට හැකියාව තියෙනවා.වැඩි විස්තර පහත සබැඳියෙන්...
    http://wearescientific.blogspot.com/2010/04/blog-post.html

    ReplyDelete
  10. හොඳ උත්සාහයක් දිගටම කරගෙන යන්න .... සුබ පැතුම් මලේ

    ReplyDelete
  11. Shiroshan Randika20 April 2010 at 03:24

    අපේ වැප් අයියාටත් බොහොම ස්තූතියි! ඔබ ලබා දෙන සහයත් වටිනවා!

    ReplyDelete
  12. නියමයි මලේ.. ගොඩක් හොඳ වැඩක්. අපෙන් සුභ පැතුම්! දිගටම ලියමු.

    ReplyDelete
  13. ධනික | Dhanika20 April 2010 at 04:10

    අගනා ගමනක ඇරඹුමක්..! සුභපැතුම්!! දිගටම ලියන්න.

    ReplyDelete
  14. Shiroshan Randika20 April 2010 at 04:42

    @KaniRockz
    බොහොම ස්තූතියි අයියණ්ඩි!

    @ධනික | Dhanika
    බොහොම ස්තූතියි! අයියණ්ඩි ඉතින් පරිගණක ඉංජිනේරුවනේ! මේ ගැන මට වඩා හොදට දන්නවා ඇති නේද?

    ReplyDelete
  15. හොදයි..හොදයි ;) දිගටම ලියන්න ;)

    ReplyDelete
  16. අමිල ඩිලංක20 April 2010 at 16:09

    අඩවිය හොදට නැගල යනො.. එලම තමා

    ReplyDelete
  17. Shiroshan Randika20 April 2010 at 20:42

    @Namila
    බොහොම ස්තූතියි!

    @අමිල ඩිලංක
    ඔව් නැගලා නම් යනවා! තාව කවුරුහරි ලියන්න සෙට් වෙනකම් බලන් ඉන්නේ

    ReplyDelete
  18. Sri Lanka Best Site www.shikare.net

    ReplyDelete
  19. වැඩේ නම් නැගල යනවා…. එල කිරි වගේ වැඩක්.
    නියම ආරම්භක ලිපියක්.
    අමිලට හා රන්දිකට සුබ පැතුම්!.....

    ReplyDelete
  20. Shiroshan Randika24 April 2010 at 06:14

    @Anonymous
    බොහොම ස්තූතියි! කමෙන්ටුවට! නමත් සඳහන් කරානම් වටිනවා. මේ... දිනිඳු ද?

    ReplyDelete
  21. මම හිතන්නේ කොම්පියුටර් වගේ අපිට පටස් ගාලා අත්හදා බලන්න වෙන කිසිම දෙයක් ලේසි නෑ

    ReplyDelete

Post a Comment

Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.