කලින් භෞතික විද්‍යාව හැඳින්වීමේ ලිපියේදී මම කිව්වා භෞතික විද්‍යාව පරීක්ෂණාත්මක විෂයයක් කියලා. සෑම විටම පර්යේෂණ ප්‍රතිඵල මත තමා නිගමනයකට එළඹෙන්නේ. ඉතින් මේ පර්යේෂණ මඟින් ලබාගන්නා මිනුම් සහ පාඨාංක වලින් නිරෑපණය කරන්නේ සංඛ්‍යාත්මක අගයයන්. නිකන්ම අගයයන් ටිකක් නෙමේ. මෙම අගයන් ප්‍රකාශ කරනු ලබන්නේ අඳාළ ඒකකයත් සමඟයි. ඒ අනුව භෞතික විද්‍යාවේදී මේ ඒකක ප්‍රකාශනය නැතුවම බෑ. එම නිසා මෙම ඒකක පිළිබඳ අධ්‍යයනය ඉතාම වැදගත්.
ලෝකයේ විවිධ රටවල් කිරුම් මිනුම් කටයුතු සඳහා ඔවුන්ට ආවේණික ඒකක ක්‍රම භාවිතා කරන ලදී. නමුත් රටවල් අතර සම්බන්ධතාව වැඩි වීමේදී (වෙළඳ සම්බන්ධතා වැනි) ඒකක ක්‍රමය රටකින් රටකට වෙනස් වීම නිසා භාවිතය බෙහෙවින් අසීරු වුණා. පසුකාලීනව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ලොව පුරා පැතිරීමත් සමඟ එම යටත් විජිත වල ඔවුන්ගේ පහසුව තකා එකම ඒකක ක්‍රමයක් භාවිතා කිරීමට නියම කළා. මෙම එංගලන්ත ඒකක ක්‍රම අදටත් අපිට දක්නට ලැබෙනවා. උදාහරණ ලෙස අඟල්, පර්චස්, රාත්තල් වැනි ඒකක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය නිසා අපට ලැබුණ දේවල්. ඒ අතරේ අපිටම ආව්ණික වූ දුර මැනීමට බඹ, වී වැනි දේ මැනීමට බුසල් වැනි සම්ප්‍රදායික ක්‍රම භාවිතා කළා. කෙසේ වූවත් ලෝකයටම පොදු වූ ඒකක ක්‍රමයක් ඒ වන විටත් බිහි වී තිබුණේ නෑ. මොකද ඒවා වල යම් යම් දෝෂ තිබුණා.

ඉතින් කෙසේ හෝ අවසානයේ විවිධ ක්ෂේත්‍ර වල විද්‍යාඥයන් එක් වී එක් පොදු සම්මත ඒකක ක්‍රමයක් පිහිටුවා ගත්තා. මේ අනුව අපේ රටටත් මේ ක්‍රමය පසු කාලීනව හඳුන්වා දුන්නා. ඒ තමා SI ඒකක ක්‍රමය. SI කියන අකුරු දෙකේ තේරුම ඇවිල්ලා තියෙන්නේ ප්‍රංශ වචන දෙකකින්. ඒ තමා  le Système International d'unités වදන් පෙළ. ඒක ඉංග්‍රීසියෙන් International System of Units වේ. සරල සිංහලෙන් කිව්වවොත් අන්තර්ජාතික ඒකක ක්‍රමය. 

ඔන්න ඔහොම තමා  SI ඒකක ක්‍රමයේ ආරම්භය. මේකට මෙට්‍රික් ක්‍රමය කියලත් කියනවා. මෙම සංකල්පය ඉදිරිපත් කළ අය අතර Antoine-Laurent Lavoisier කියන පුද්ගලයාත් වැදගත් තැනක් ගන්නවා. ඔහුව නූතන රසායන විද්‍යාවේ පියා ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඉතින් පේනවනේ රසායන විද්‍යාවටත් මෙම ඒකක ගැන අධ්‍යයනය කිරීම ගොඩක් වැදගත්. කොහොම හරි  පස්සේ විවිධ සමුළු පවත්වමින් විද්‍යාඥයෝ එකතු වී එක් එක් මිනුම් සඳහා සම්මත ඒකක හඳුන්වා දීලා තියෙනවා. විශේෂයෙන් CGPM සමුළු වලදී තමා මූලික ඒකක ටික හඳුන්වා දුන්නේ.

ඉතින් මේ ඒකක භාවිතා කළේ මොනවටද? වෙන මොනවටත් නෙමේ භෞතික රාශීන් සඳහා. මම හිතන විදියට භෞතික රාශීයක් කියන්නේ ප්‍රමාණාත්මක අගයකින් නිරෑපණය කළ හැකි භෞතික ක්‍රියාවක් හෝ වස්තුවක ප්‍රමාණාත්මතාවක්. ඉතින් මේ ගැන වැඩි දුර විස්තර ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරමු. තව SI ඒකක ගැන කියන්නත් ගොඩක් දේ තියෙනවා. 





“මෙම ලිපිය ශිරෝෂන් රන්දික විසින් ලියන ලද ලිපියකි. ඔහුගේ අවසරය මත උපුටාගැනීම් සිදු විය යුතුයි” ‍
Copyrights © 2010 Shiroshan Randika All rights Reserved.

About the Author

Ali Bajwa
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Facebook dolor quam, pretium eu placerat eu, semper et nunc. Nullam ut turpis dictum, luctus mi quis, luctus lorem. Nullam porttitor consectetur nunc in tempor!

Related Posts

5 comments:

  1. නොදන්න දෙයක් ස්තූතියි ඔබට

    ReplyDelete
  2. great/// good thama

    ReplyDelete
  3. @චතුරංග රූපසිංහ
    බොහොම ස්තූතියි! ඊළඟ ලිපියත් බලන්න.

    @Amila Dilanka Perera=ADP
    බොහොම ස්තූතියි! ලිපියක් එහෙම ලියලා දෙන්න‍කෝ!

    ReplyDelete
  4. Dinindu De Silva25 April 2010 at 19:47

    එල කිරි වගෙ ලිපියක්.

    ReplyDelete
  5. @Dinindu De Silva
    Thank you very much!

    ReplyDelete

Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.