SI ඒකක ‍ව්‍යුත්පන්න කරමු

මේ SI ඒකක ‍සඳහා වන සංකේත වලට යොදාගනුයේ බොහො විට ඉංග්‍රීසි අක්ෂර. ඊට අමතරව ග්‍රීක අක්ෂරත් යොදා ගැනෙනවා. විශේෂයෙන් ඉංග්‍රීසි අක්ෂර යොදා ගනිද්දී විටෙක සිම්පල් අකරුද තවත් විටෙක කැපිටල් අකරුද යොදාගන්නවා. මේකටත් සම්මත ක්‍රමයක් තියෙනවා. උදාහරණයක් විදියට මීටර් සඳහා යොදා ගැනෙන සංකේතය වන්නේ m අක්ෂරයයි. නමුත් කෙල්වින් වැනි ඒකකයට යොදාගන්නේ K අක්ෂරයයි. මෙහිදී සිම්පල් කේ(k) වෙනුවට කැපිටල් කේ(K) භාවිතා කරලා තියෙනවා. මේක වෙන්නේ කොහොමද


මෙ‍හෙමයි කෙල්වින් කියන ඒකකයට එම නම ලැබුණේ කෙල්වින් සාමිවරයාගෙන්. එක් එක් සොයාගැනීම් වෙනුවෙන් එම විද්‍යාඥයින්ට ගෞරවයක් පිණිස එම ඒකක ඔවුන්ගේ නම් වලින් නම් කරනවා. එවැනි ඒකකයක් තමා කෙල්වින් කියන්නේ. ඉතින් එවැනි විද්‍යාඥයෙකුගේ නාමයකින් ඒකකයක් නම් කරනවනම් එම ඉංග්‍රීසි අක්ෂරය කැපිටල් විය යුතුයි. නමුත් මීටර් එවැනි විද්‍යාඥයෙකුගේ නමක් නෙමේ. ඒක හින්දා ඒක සිම්පල් අකරකින් සංකේතවත් තරනවා. ඉතින් මේ වගේ ඒකක ගොඩක් තියෙනවා. ඒවා අපිට ඉස්සරහදී මුණ ගැසේවී.


මූලික භෞතික රාශි සහ ඒවාට අඳාළ මූලික SI ඒකක ගැන අපි කලින් ඉගෙන ගත්තා. ඉතින් සෑම භෞතික රාශියකටම අර්ථ දැක්වීමක් තියෙනවා. ඒවා අපිට සූත්‍රයක් මගින් ගොඩනගා ගන්නත් පුළුවන්. මෙසේ ව්‍යුත්පන්න භෞතික රාශියක අර්ථ දැක්වීම උපයෝගී කරගෙන මූලික SI ඒකක වලින් ලියනු ලබන ඒකකය අඳාළ භෞතික රාශියේ ව්‍යුත්පන්න SI ඒකකය කියලා හඳුන්වන්න පුළුවන්. දැන් අපි එවැනි ව්‍යුත්පන්න SI ඒකකයක් ගොඩ නගලා බලමු.


උදාහරණයක් ලෙස වේගය නැමැති භෞතික රාශිය බලමු. මෙහි අර්ථ දැක්වීම තමා ඒකක කාලයක් තුල ගමන් කරන මුළු දුර. ඉතින් මේක සූත්‍රයක් විදියට මෙහෙම ලියන්න පුළුවන්. 

දැන්  මේ අර්ථ දැක්වීම අනුව ගොඩ නගා ගත් සූත්‍රයට අපි අර කලින් ඉගෙන ගත්ත මූලික SI ඒකක ආදේශ කරගත්තා. ඊට පස්සේ එම ඒකක සුළු කරගෙන ms-1 කියන ව්‍යුත්පන්න SI ඒකකය ගොඩ නගා ගත්තා. ඔන්න ඔහොම තමා ව්‍යුත්පන්න SI ඒකක හදා ගන්නේ. ඉතින් ඔය ආකාරයට අපිට ඕනෑම සූත්‍රයකට මූලික  SI ඒකක ආදේශ කරලා ව්‍යුත්පන්න  SI ඒකක හදන්න පුළුවන්.


ඉතින් අපි වැඩි අවබෝධයට පහත උදාහරණ ටිකත් බලමු.


තව ගොඩක් සූත්‍ර තියෙනවා. ඉතින් ඒ සෑම එකක් සදහාම ලියන්න වෙලා මදි වෙයි. ඉතින් දැනට මම නවතිනවා. ඊළඟ ලිපියෙන් හමුවෙමු.



මෙම ලිපිය ශිරෝෂන් රන්දික විසින් ලියන ලද ලිපියකි. ඔහුගේ අවසරය මත උපුටාගැනීම් සිදු විය යුතුයි 
Copyrights © 2010 Shiroshan Randika All rights Reserved.

Comments

  1. Supun Sudaraka12 May 2010 at 22:06

    පට්ට! මේ බ්ලොග් එක තව දියුණු කරන්න පුලුවන් පැති ගොඩක් මට පේනව. ඒක නිසා දිගටම අතඅරින්නෙ නැතුව කරගෙන යන්න මොන විදිහෙ ගැටලු ආවත්.

    මරු! හුඟක් වටිනවා!!

    ReplyDelete
  2. Shiroshan Randika12 May 2010 at 22:22

    @Supun Sudaraka
    අඛණ්ඩව ලබා දෙන ඔබේ සහයට බොහොම ස්තූතියි! ඔබේ අදහසුත් මේ කාර්යයට ප්‍රයෝජනවත්. අනිවා දිගටම ලියනවා!

    ReplyDelete
  3. තැංකූ වේවා මචං!

    ReplyDelete
  4. හෙළයා13 May 2010 at 00:54

    නියමයි. ඉදිරියටම යමු...

    ReplyDelete
  5. නියමයි මල්ලී.. දිගටම ලියමු.. මම හැමදාම කියනව වගේ මේ කරන වැඩෙන් අනිත් අයට වගේම ඔයාටත් ලොකු ප්‍රයෝජනයක් තියනව.. අපෙන් සුභ පැතුම්!

    ReplyDelete
  6. Ade uba nam marai
    ela ela
    go on
    go on

    ReplyDelete
  7. ela ban.. siraa.. mama amila

    ReplyDelete
  8. Shiroshan Randika14 May 2010 at 02:25

    @budhajeewa
    ලිපි කියවනවට ඔබට බොහොම ස්තූතියි සහෝ!

    @හෙළයා
    ඔව් ඔබලගේ සහයත් සමඟ ඉදිරියට යනවා. බො‍හොම ස්තූතියි.

    @KaniRockz
    ඒක ඇත්ත. හැමදාම මාව දිරිමත් කරනවට බො‍හොම ස්තූතියි!

    @Anonymous
    ඔබේ නමත් දැනගන්න පුළුවන්නම් බොහොම වටිනවා! බොහොම ස්තූතියි ඔබටත්. අනිවා දිගටම ලියනවා.

    @Amila
    බොහොම ස්තූතියි! නිතර මේ අඩවිය වෙතට එන යනවට!

    ReplyDelete
  9. ඔබට බොහෝම ස්තුතියි...දිගටම කරගෙන යන්න..

    ReplyDelete

Post a Comment

Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.