ඔන්න රසායන විද්‍යාව මුල සිට පටන් ගන්නයි යන්නේ. රසායන විද්‍යාව කියන්නේ මොකක්ද කියලා මම කලින් ලිපියක ලිව්වා. ඉතින් දැන් මුල් පාඩම පටන් ගන්නයි යන්නේ.
මේ ලෝකේ තියෙන හැම ද්‍රව්‍යයක්ම අපේ මේ ඇස් දෙකට පේනවා. නමුත් සමහර දේ පේන්නේ නෑ. ඒ ඉතා කුඩා විම හේතුවෙන්. අපි මොකක් හරි ද්‍රව්‍යයක් අන්වීක්ෂයකින්(ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින්) විශාල කරගෙන කරගෙන ගියොත් අපි කිසිදාක දැක නොමැති දේවල් ටිකක් පේනවා. නමුත් අන්වීක්ෂයක විශාල කර බැලීමේ සීමාවක් තියෙනවා. හරියට අපේ ඇසනුත් කුඩා දේවල් බලන්න බෑ වගේ. උදාහරණයක් විදියට අපි ජීවී සෛලයක් අරගෙන උපරිම විශාල කිරීමේ හැකියාවක් ඇති අන්වීක්ෂයකින් බැලුවොත් අපිට තවදුරත් සෛලයේ අන්තර්ගත විවිධ කොටස් බලන්න පුළුවන්. ඉතින් ඕනෑම ද්‍රව්‍යයක් අරගෙන බැලුවොත් මේ දේම තමා වෙන්නේ. ඒක නිසා අපිට කියන්න පුළුවන් ඕනෑම ද්‍රව්‍යයක් සෑදිලා තියෙන්නේ තවත් ද්‍රව්‍ය ගණනාවකින්. ඒ කියන්නේ එම ද්‍රව්‍ය වල තැනුම් ඒකකය හැදිලා තියෙන්නේ තවත් තැනුම් ඒකක වලින්. එම තැනුම් ඒකකය හැදිලා තියෙන්නෙත් තවත් තැනුම් ඒකක වලින්. ඔය විදියට අපිට කෙළවරක් නැති තැනුම් ඒකක හමුවේවි.
නමුත් තැනුම් ඒකක වල කෙළවරක් තිබිය යුතුයි කියලා විද්‍යාඥයෝ හිතුවා. එම නිසා එහි අග කෙළවරට සීමාවක් දෙමින් පරමාණුව(Atom) නැමැති කිසිදාක දැක නොමැති අංශුවක් ඔවුන් නම් කරගත්තා. ඉතින් එම පරමාණුව පදාර්ථයේ තැනුම් ඒකකය කියලා හඳුන්වන්න පටන් ගත්තා. ඉතින් මේ කිසිදාක දැක නොමැති අද්භූත අංශුව(භූතාර්ථය) ගැන විද්‍යාඥයෝ විසින්ම කුතුහලයක් නිර්මාණය කරගත්තා.
මෙහෙම පරමාණු ට්‍රිලියන ගණන්(සංඛ්‍යාත්මකව ප්‍රකාශ කිරීමට අපහසුයි) එකතු වෙලා විවිධ ද්‍රව්‍ය හැදෙනවා කියලා මතයක් ගොඩ නැගුණා. මෙහෙම මතයක් ගොඩ නැගෙන්න හේතු සාධක තිබුණා. දැන් හිතන්නකෝ ටිකක් ලොකු ලුණු කැටයක් ජල වීදුරුවකට දානවා කියලා. එතකොට ඒක පතුලට බහිනවා. ටික වේලාවක් යද්දී අපිට මේ ලුණු කැටය දකින්න ලැබෙන්නේ නෑ. ඒ ලුණු කැටය හොඳටම දිය වෙලා. ඔය ලුණු කැටය තනි කැබැල්ලක් වුණා නම් දිය වෙයිද? ඒ කියන්නේ ඒ කැටයම තනි පරමාණුවක්(අංශුවක්) වුණානම් ඔය විදියට වතුරේ දී ඉතාමත් කුඩා කැලී වලට කැඩි කැඩි දිය වෙන්නේ නෑ. එන්න ඒකෙන් අපිට ලුණු කැටය ඉතා කුඩා අංශු(පරමාණු) වලින් සෑදිලා තියෙන බව පේනවා. ඒ වගේම මෙහිදී ලුණු කැටයක් වෙනුවට කොන්ඩිස් කැටයක් දැම්මොත් මේක ලස්සනට දැක ගන්න පුළුවන්. මොකද ටික වේලාවකින් කොන්ඩිස් කැටය කුඩා අංශු වලට වෙන් වෙලා මුළු ජලයම දම් පැහැ ගැන්වෙනවා. එහිදී දම් පැහැය පැතිරී යන ආකාරයෙන් අපිට හිතාගන්න පුළුවන් මේ අංශු, ජල අංශු සමඟ එකට මිශ්‍ර වෙන ආකාරය.
දැන් හිතන්න සුදුළුණූ ගෙඩියක් පොඩි කරලා අපි මේසයක් උඩ තියෙනවා කියලා. අපි ඉන්නේ මේසයට ටිකක් ඇතින්. ඒ කියන්නේ අපි සුදුළුණූ ගෙඩිය සමඟ කිසිම ස්පර්ශයකින් සම්බන්ධයක් නෑ(කිසිම සම්බන්ධයක් නෑ). ටික වෙලාවකින් සුදුළුණු ගෙඩියේ ගඳ(සුවඳ) දැනෙනවා. ඒ කියන්නේ සුද ළුණූ ගෙඩියේ ගන්ධ ද්‍රව්‍ය(ඇසට නොපෙනන කුඩා සංඝටක) අපේ නාසයට ඇතුළු වෙලා කියන එකනේ. ඒ කියන්නේ සුදුළුනු ගෙඩියෙහි යම් අංශු ප්‍රමාණයක් වාතයේ අංශු සමඟ මුසු වෙමින් අප වෙත පැමිණිලා කියන එකයි. ඒකෙනුත් පේනවා සුදුළුනු ගෙඩිය හැදිලා තියෙන්නෙත් කුඩා අංශු ගොන්නකින් කියලා. අනෙක් අතට වාතය එකම තනි කැබැල්ලක් සේ පැවතියොත් අපිට ගඳ සුවඳ දැනෙන එකක් නෑ. අඩුම ගානේ හුස්ම ගන්නේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්?
මේ විදියට සිදුවෙන ක්‍රියාවලිය අපි විසරණය කියලා හඳුන්වන්න පුළුවන්. අංශූන්ගේ අහඹු චලනය නිසා එම අංශූන් එක් තැනක සිට තවත් තැනකට සංක්‍රමණය වීම විසරණය කියලා හැඳින්වෙනවා. ඉතින් විසරණය මඟින් අපිට ඔප්පු කරන්න පුළුවන් සෑම ද්‍රව්‍යයක්ම ඉතා කුඩා අංශු විශාල ප්‍රමාණයකින් හැදිලා තියෙන බව. ඒ කියන්නේ පදාර්ථය අසන්තතිතයි. "අසන්තතිතයි", යනු අංශූන් සමූහයකින් සෑදී ඇති බවයි. මේ අසන්තතිත සංකල්පය, පරමාණු සංකල්පයක් ගොඩ නැගීමට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. මෙහෙම පදාර්ථය අසන්තතියි කියලා මුලින්ම කිව්වේ මෑත කාලයේ දී නෙමේ. අවුරුදු දහස් ගනනකට එහා හිටපු දාර්ශනිකයෝ. විශේෂයෙන් ග්‍රීක දාර්ශනිකයො මේ පිළිබඳව විවිධ මත ඉදිරිපත් කළා.
ඒ කොහොම වුණත් නූතන විද්‍යාඥයෝ මේ පිළිබඳව පර්යේෂණාත්මකව කරණු අධ්‍යයනය කළා. ඒ ගැන පියවරෙන් පියවර ඉදිරියේදී අපි අධ්‍යයනය කරමු. එතකන් අසන්තතිත බව ගැන පොඩ්ඩක් හිතලා බලන්න.
machan post eka nam elatama deela thiyenne.. aye supiri
ReplyDeleteමේ බ්ලොග් අඩවිය කාලීන අවශ්‍යතාවක් සපුරාලන බ්ලොග් අඩවියක් කියා දැනෙනවා. තව අය එකතු කරගෙන හොඳට කරගෙන යන්න.... ජය!
ReplyDeleteඔහොම යමු කොල්ලෝ..ඔහොම යමු....
ReplyDeleteඅපි දිගටම ඉන්නවා ඔයත් එක්ක....
හොද වැඩක්නේ මලයෝ ... දිගටම කරන් යමු
ReplyDelete[ වෙලාවකට දුකත් හිතෙනවා ... අපි ඉස්කෝලේ යන කාලේ මේවගේ තොරතුරු දැන ගැනීමේ ක්‍රමයක් තිබුනේ නැහැ නොවැ ... ]
තේරුමක් නැතිව කුණුහරප බ්ලොග් ලියන අයත් මේ වාගෙ බ්ලොග් ආදර්ශයට ගත්තනම් තමා හොඳ.දිගටම ලියන්න.
ReplyDelete@Amila
ReplyDeleteපාඨකයෙකු ඉල්ලීමක් කළා රසායන විද්‍යාව ගැන පාඩමක් ලියන්න කියලා. ඉතින් ලියන්න පටන් ගත්තා. බෙහොම ස්තූතියි!
@ශාකුන්තල
කාලීන අවශ්‍යතාවයක් ඉටු කිරීමට ලැබීම සතුටට කරුණක්. බොහොම ස්තූතියි උනන්දු කරනවට සහෝ! හොඳ කතෘ මණ්ඩයක් සෙට් වෙනකම් තමයි මමත් බලන් ඉන්නේ.
@චමිදේවා
බොහොම ස්තූතියි! අහන්නත් සතුටුයි! දිගටම රැදෙන්න!
@වැප්
ඒකනම් එහෙම තමා. නමුත් ඔබ සතුටු වෙන්න ඕනේ තාක්ෂණය එතරම් සමීප නොවූ යුගයක ඔබගේ ඉලක්ක යම් තරමකට හෝ සපුරාගැනීමට හැකි වීම ගැන! දැන්නම් තාක්ෂණය අපිට බොහොම සමීපයි! දැන් ඒ යුගය ඉවරයි. ඉතින් අපි දැන් මේ තාක්ෂණයෙන් උපරිම ඵල ප්‍රයෝජන නෙලාගන්න ඕනේ. බොහොම ස්තූතියි කමෙන්ටුවට!
@dinesh
අනෙක් බ්ලොග්කරුවන්ට ආදර්ශයක් වෙන තරමටම මේක හොඳයිද? ඇත්තටම මට සතුටුයි! බොහොම ස්තූතියි.
එහෙමනං ඒ පාඩමටත් ආවා! :D
ReplyDeleteනියමයි එල හොද වැඩක් ඉදිරියටත් තවත් හොද ලිපි ලියන්න.
ReplyDelete@Budhajeewa
ReplyDeleteඔව් ඒ පාඩමටත් ආවා. අයියා රසායනය කරන්නේ නැති වුණාට කමක් නෑ මේ ලිපි පෙළත් කියවන්න. බොහොම ස්තූතියි!
@Dinindu De Silva
අනිවා වැල නොකැඩී ලියන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තූතියි!
hoda wadak nawa nirmana diyunuwana viddyawa gana lipi idiriyatath danna jaya
ReplyDelete