විද්‍යාව.com අඩවියෙන් දැන් "විද්‍යා කාටූන් පෙළහර" නමින් විද්‍යා කාටූන් සිකුවම් ඉදිරිපත් තිරීමට තීරණය කර ඇත. මේ සඳහා කාටූන් සිතුවමට දක්ෂ ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක. සෑම කාටූනයක් තුළින්ම විද්‍යාව හා සම්බන්ධ මාතෘකාවක් නිරෑපණය විය යුතුයි. එමෙන්ම කාටූන් චිත්‍ර ශිල්පීන්ගේ විස්තර අප වෙබ් අඩවියේ දක්වනු ලැබේ. විද්‍යා දැනුම බෙදා දෙන අතරවාරයේ පාඨක ඔබට රස වින්දනයක් ලබා දීම මෙහා මූලික අරමුණ වේ. සියලුම කාටූන පහත විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කළ හැක.
[caption id="attachment_62" align="aligncenter" width="382" caption=""විද්‍යා කාටූන් පෙළහර" "]

කාටූනයක් ඉදිරිපත් කිරීමේදී සැළකිලිමත් විය යුතු කරුණු
- සෑම කාටූනයක්ම ස්වතන්ත්‍ර නිර්මාණයක් විය යුතුයි. අන් චිත්‍ර ශිල්පියෙකුගේ කාටූනයක් හෝ එවැනි කාටූනයක් වෙනස් කොට ඉදිරිපත් කිරීම සපුරා තහනම්ය. යම් හෙයකින් එවැනි අවසර නොලත් කාටූනයක් පළ වුවහොත් ඒ පිළිබඳව සියලුම වඟකීම නිර්මාණය ඉදිරිපත් කරන්නා විසින් දැරිය යුතුයි.
- හාස්‍යය, දැනුම හා කාලීන සිඳුවීම් ඉස්මතු කරමින් නිර්මාණය කළ හැක. මනඃකල්පිත රූප හැකි පමණ යෙදිය යුතුයි. නින්දා අපහාස වන ආකාරයේ දේවල් ඉදිරිපත් කිරීමෙන් වැළකි සිටීම නුවණට හුරුය.
- කාටූනය ද්විමාන හෝ ත්‍රිමාන අකාරයෙන් ඕනෑම මෘදුකාංගයකින් නිර්මාණය කළ හැක. මේ සඳහා යොදාගත් මෘදුකාංග සහ උපකාරක විස්තරයක් ලබා දිය යුතුයි. කඩදාසියක් මත අඳින ලද සිතුවමක් නම් එය ඩිජිටල් මාදලියෙන් අප හට එවිය යුතුයි.
- අවසන් කළ නිර්මාණය(පිංතූරය) .JPG මාදිලියෙන් එවිය යුතු අතර පිංතූරයේ අවම විශාලත්වය 500 x 500 pixels විය යුතුයි.
- කාටූනයේ තේමාව(මාතෘකාව/සිඳුවීම/ආදර්ශය) පිළිබඳ කෙටි හැඳින්වීමක්(ගද්‍ය හෝ පද්‍ය) සිංහල හෝ ඉංග්‍රීසි හෝදෙමළ භාෂාවෙන් ඉදිරිපත් කළ හැක.
- විද්‍යුත් තැපෑලෙන් එවීමේදී පිංතූරය අමුණා එවිය යුතු අතර ඔබේ නම, වෙබ් අඩවිය(ඇත්නම්), කාටූනයට සුදුසු නමක් සදහන් කළ යුතුයි.
ඔබේ කාටූනය අපි හැකි විගස ඔබේ විස්තරද සමඟ අප වෙබ් අඩවියේ පළ කරන්නෙමු. එම කාටූනයට ලැබෙන පාඨක ප්‍රතිචාර වලට ඔබටම පිළිතුරු සැපයිය හැක. තවද මෙම වෙබ් අඩවියේ කාටූනය පළ කලද කාටුනයේ සියලුම අයිතිය ඔබට හිමි වේ.
ස්තූතියි෴
[...] මෙම කාටූනය පිළිබඳව ඔබට හැඟෙන දේ ගැන ප්‍රතිචාරයක් එක් කර යන්න. තවද උපුටාගැනීම් සියල්ල චිත්‍ර ශිල්පියාගේ අවසරය මත පමණක් සිදු විය යුතුයි. (වැඩි විස්තර…) [...]
ReplyDelete[...] විද්‍යාව.com කාටූන් පෙළහර 1 comment(s) | 20 view(s) | posted on August 20, 2010 [...]
ReplyDelete