රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද? – II කොටස

ජීව රසායන විද්‍යාව – Biochemistry

ජීව රසායන විද්‍යාව යනු සජීවී දේවල (ක්‍ෂුද්‍ර ජීවීන්, සතුන්, ශාක) සිදුවන රසායනික ක්‍රියා පිළිබඳ හැදෑරීමයි. මෙය සජීවී දැ තුළ අඩංගු ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට වැනි සරල සංයෝග මෙන්ම DNA වැනි සංකීර්ණ අණුක ව්‍යුහයන් ද හැදෑරීම සඳහා වැදගත්. මා සිතන අන්දමට අනාගත ලෝකයට වැඩිපුරම සේවයක් කරන පර්යේෂණ සිදු වන්නේ මෙම ජීව රසායන විද්‍යාව හරහායි. මක් නිසාද යත් වෛද්‍ය විද්‍යාවට අදාල පර්යේෂණ බොහොමයක මූලය මෙය නිසා.  ජීව රසායන විද්‍යාවට බොහෝ මානයන් තිබෙනවා. සෛලමය සංඝටක, ක්‍ෂුද්‍ර ජීවීන් සිට පිළිකා මර්දන පර්යේෂණ, ඒඩ්ස් නිවාරණය, දක්වා විශාල පරාසයක ජීව රසායන විද්‍යා පර්යේෂණ පැතිර තිබෙනවා. විවිධ රෝග වලට ඖෂධ සොයාගැනීම, ජාන වෙනස් කිරීම මගින් විවිධ ආහාර ද්‍රව්‍ය වල ගුණාත්මක තත්ත්‍වයන් වෙනස් කිරීම ආදී ප්‍රයෝජනවත් දෑ මෙන්ම, සත්ත්‍ව සංහතියටම වින කරන ජීව රසායන අවි නිෂ්පාදනයත් කරන්නේ මෙම ජීව රසායන විද්‍යාවේ පරගෙරට ගිය පුද්ගලයින්.

ජීව රසායන විද්‍යාවේ උපත ලෙස සලකනු ලබන්නේ 1823 දී Anselme Payen විසින් ඇමයිලේස් නම් වූ එන්සයිමයේ සොයාගැන්ම කියලයි සමහර තොරතුරු පවසන්නේ. නමුත් 1796 තරම් ඈත කාලයේ එඩ්වර්ඩ් ජෙනර් (Edward Jenner)  විසින් වසූරිය එන්නත සොයාගැනීමත් මේ  කටයුත්තේ කොටසක් කියලයි මට හිතෙන්නේ. කෙසේ වුවත් මෙය කවදා පටන්ගත්තේ දැයි කීමට පැහැදිලි නිර්ණායක අප සතුව නැහැ. කළ යුත්තේ මෙය යොදාගෙන සත්ත්‍ව සංහතියට ඵලදායී යමක් කිරීමයි. නමුත් මේ පර්යේෂණ බොහොමයක් සරළ තත්ත්‍ව යටතේ සිදු කළ නොහැකි වීම නිසා ඒ සඳහා පුහුණුව ලත් විද්‍යාඥයින්ගේ සේවය අවශ්‍යව තිබෙනවා.

[caption id="attachment_49" align="aligncenter" width="300" caption="බැක්ටීරියා ගණයේ ක්ෂුද්‍ර ජීවීන්"]බැක්ටීරියා ගණයේ ක්ෂුද්‍ර ජීවීන්[/caption]

සාමාන්‍ය ජීවිතයට ජීව රසායන විද්‍යාව බොහෝ දෙනෙක් යොදා ගන්නවා. පාන් පිපෙන්න, ආප්ප පිපෙන්න යීස්ට් දැමීම, මාළු ජාඩි දැමීම මෙන්ම අපද්‍රව්‍ය කොම්පෝස්ට් කිරීම, ජීව වායු නිෂ්පාදනය ආදී දෑ ද ක්‍ෂුද්‍ර ජීවීන් භාවිතාකර සිදු කරගන්නක්. තවද විවිධ ‍‍රෝග, ඩෙංගු, සෙම්ප්‍රතිශ්‍යාව,  දෙයියන්ගේ ලෙඩ නමින් හඳුන්වන විවිධ ‍වයිරස් රෝග, ආදී සියලුම ලෙඩ රෝග සහ හෘද රෝග, දියවැඩියාව වැනි දරුණු තත්ත්‍වයේ රෝගාබාධ වලට පිළියම් සෙවීමත් මේ ඇසුරින් සිදු කෙරෙනවා. මේ ජීව රසායන විද්‍යාව අපගේ සාමාන්‍ය ජීවිතයට ප්‍රයෝජනවත් වන අන්ත දෙකක්.

[caption id="attachment_50" align="aligncenter" width="300" caption="මද්‍යසාර නිෂ්පාදන කර්මාන්තශාලාවක්"]මද්‍යසාර නිෂ්පාදන කර්මාන්තශාලාවක්[/caption]

ඒ වගේමයි, යුරෝපයේ ජැක් ඩැනියෙල් මහත්තයා මෙන්ම දංකොටුවේ ධර්මදාස මහත්තයාත් සිය ජීවිකාව ගෙනියන්න කරන මත්පැන් පෙරීම ආදිය කෙරෙන්නෙත් ක්‍ෂුද්‍ර ජීවීන් ආශ්‍රිත ජීව රසායන විද්‍යාව මූලික කරගෙනයි.  ඒ වගේම ඔබට මතක ඇති සාර්ස් (SARS) නම් වූ රෝගයේ කොරෝනා වෛරසයේ සොයාගැනීම AIDS වැනි රෝග වලට පිළියම් සෙවීම වැනි

මිනිස් වර්ගයාට උපකාරීවන මෙවැනි දැවැන්ත සොයාගැනීම් ද ජීව රසායන විද්‍යාවේ බල මහිමයෙන් අපට ලැබී තිබෙනවා. ජීව රසායන විද්‍යාව යනු පුළුල් පරාසයක් පුරා විහිදුන විෂයයක්. මෙය ලෝකයේ සෑම සත්ත්ත්‍වයෙක්ගේම පැවැත්ම වෙනුවෙන් විශාල සේවයක් කරන විෂයය ක්‍ෂෙත්‍රයක්, ඉදිරියේදී මෙය තව තවත් පුළුල් වෙනවා, ඔබට උසස් අධ්‍යාපනය මේ ක්‍ෂෙත්‍රයෙන් හදාරන්න හැකි නම් ඔබේ අනාගත සැලසුම් දැන්ම සකසාගන්න…

මේ අයුරින් අපේ ජීවිත වලට අපි නොදැනුවත්ව හෝ දැනුවත්ව ජීව රසායන විද්‍යාවත් එකතු කරගන්නවා…

මීළඟ ලිපියෙන් අකාබනික රසායනය (Inorganic Chemistry) පිළිබඳ හැඳින්වීමක් බලාපොරොත්තු වන්න…

By Dr. Piyal Ariyananda

Comments

  1. හොඳ ලිපියක්! මේ දේවල් ජීව රසායනයේ බල මහිමයෙන් කෙරෙන දේවල් කියලා දැනගත්තේ දැනුයි. ස්තූතියි දැනුවත් කළාට!

    ReplyDelete
  2. aha vidyaawa bak in action.. gud note ekak...

    ReplyDelete

Post a Comment

Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.