භෞතික රසායනයෙන් කෙරෙන්නේ විවිධ භෞතික පද්ධතීන්, රසායනික පද්ධතීන්, රසායන විද්‍යාවේ මූලික හරයන්, සාධනයන්, නියම ආදියට අදාලව කෙරෙන හැදෑරීම් වේ. මේ බොහොමයක් ඍජුව සාමාන්යහ ජීවිතයට සම්බන්ධ නොවුවත් වක්‍රාකාරයෙන් බොහෝ දෙනාට භෞතික රසායනය වැදගත් වෙනවා. භෞතික රසායනය යන යෙදුම මුලින්ම හඳුන්වා දුන්නේ පීටර්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් කළ මිකායිල් ලොමනොසෙව් නම් රුසියානු විද්‍යාඥයා විසින්1752 දී.
[caption id="attachment_176" align="aligncenter" width="123" caption="මිකායිල් ලොමනොසෙව් "]

නමුත් නූතන භෞතික රසායනයට අඩිතාලම වැටුනේ 1860 ගණන්වල කෙරුණ තාපරසායනය (Chemical Thermodynamics), එන්තැල්පි සහ එන්ට්‍රොපි (Enthalpy & Entropy) ආදී විෂයයන් එක් වීමෙන්. භෞතික රසායනයේ දැවැන්තයන් ලෙස ගිබ්ස් (Josiah Willard Gibbs), වැන්‘ට් හොෆ් (Jacobus Henricus van’s Hoff), අර්හීනියස් (Svante August Arrhenius) ආදීන් මතක් වෙනවා.
[caption id="attachment_175" align="aligncenter" width="129" caption="Josiah Willard Gibbs"]

පශ්චාත් නූතන භෞතික රසායනය මේ මූලික සංකල්පවලින් බොහෝ දුරට අපගමනය වූ විෂයයක්. එයට ක්වොන්ටම් රසායනය, ස්ථර හෝ යම් වස්තූන්වල මතුපිට පිළිබඳ හැදෑරෙන Surface Chemistry, සහ විවිධ පරමාණුක ගණනය කිරීම්, විවිධ උපකරණ ආශ්‍රයෙන් කෙරෙන පරීක්ෂණ ( IR, VU-Vis, Raman, EPR, Microwave, NMR – spectroscopies) ආදිය විද්‍යුත් රසායනය (Electrochemistry) ආලෝක රසායනය (Photochemistry) පදාර්ථයේ ඝන අවස්ථා,(ලෝහ සහ අලෝහ පමණක් යොදා කෙරෙන ප්‍රතික්‍රියා) පිළිබඳ හැදෑරීම සහ නූතන තාරකා රසායනය (Astrophysics) ආදිය ඇතුලත් වෙනවා. භෞතික රසායනය සාමාන්‍ය ජීවිතයේ දී වැදගත් වන ප්‍රධාන ස්ථානයක් වන්නේ නිවසක මුළුතැන්ගෙයයි. ලුණ පොල්කට්ටේ ලුණු කැට වෙනුවට ලුණු කුඩු පාවිච්චි කර ඉක්මනින් දිය කර ගැනීම, ඝන වූ පොල්තෙල් රත් කර ද්‍රව කරගැනීම, ඉක්මනින් ගිනි දැල්වීමට කුඩා දර කරබලි පාවිච්චි කිරීම ආදී සරළ සංකල්ප අදාල වන්නේ මේ භෞතික රසායනයටයි. එසේම සබන් හෝ සෝදන කුඩු භාවිතාකර රෙදි සේදීමේදී කුණු අංශු ඉවත් කිරීමේ කාර්යය සිදු වන්නේ ඒ ඒ රසායන ද්‍රව්‍ය කුණු අංශු වටා “මිසෙල්ලාව“ නම් වූ ආකාරයට රොක් වී ඒ කුණු අංශු රෙදි වලින් ගලවා ගැනීම මඟින්. අප නොදැනුවත්වම භෞතික රසායනය මෙසේ අපේ ජීවිත වලට එකතු කරගන්නේ මෙහෙමෙයි.
ද්‍රවයමය රසායනය (Materials Chemistry)
මේ අංශය වැඩිපුරම අදාල වන්නේ ඉගැන්වීම් කටයුතු වලදීයි. සාමාන්‍ය ජීවිතයට එතරම් ප්‍රයෝජනවත් නොවුනත් ඒ ඒ පර්යේෂණ වලින් සොයාගන්නා දෑ අපට ප්‍රයෝජනවත් වන අවස්ථා එමටයි. දැන් දැන් භාවිතා වන පටක නිර්මාණය (Tissue Engineering) මෙම ද්‍රව්‍යමය රසායනයේ පර්යේෂණ වල ප්‍රතිඵලයක්. වාහනවල විවිධ කොටස් ගෙවී යාම හො ඒවා වැලැක්වීම, අභ්‍යාවකාෂ ෂටලවල මතුපිට සහ අභ්‍යන්තර කොටස් සකස් කිරීම වැනි භාරධූර කටයුතු මෙමඟින් කෙරෙනවා. එසේම නැනෝ තාක්ෂාණය වඩාත් නැඹුරු වන්නෙත් මේ අංශයටයි. මෙය ඉංජිනේරු විද්‍යාව පැත්තට බොහෝ නෑකම් කියන නිසා බොහොමයක් විශ්ව විද්‍යාලවල මේ අංශයේ ඉගැන්වීම් කරන්නේ ඉංජිනේරු පීඨ වලයි.
[caption id="attachment_178" align="aligncenter" width="322" caption="අභ්‍යාවකාශ ෂටල වායුගෝලයට ඇතුළු වීමේදී සිදුවන අධික රත්වීම වැළැක්වීමට ද්‍රව්‍යමය විද්‍යාව යොදාගනී"]

සිද්ධාන්තමය රසායනය (Theoretical Chemistry)
මේ අංශය නම් සාමාන්‍ය ජීවිතයට සම්බන්ධ වෙනවා බොහොම අඩුයි. නමින්ම පෙනෙනවා සේම මේ අංශයට නැඹුරු වෙලා ඉන්නේ සිද්ධානත පිළිබඳ ඇල්මක් දක්වන මොළය බොහෝ වෙහෙසා කටයුතු කරන සුවිශේෂී පිරිසක්. ඔබත් ගණනය කිරීම් වලට ඇල්මක්, දක්ෂකතාවයක් දක්වනවා නම් මේ පිළබඳ හැදෑරීම කලාට කමක් නෑ. නමුත් රුකියා වෙළඳපොලේ මේ අංශයට ඇති ප්‍රමුඛතාවය නම් බොහොම අඩුයි. ඉතින් අප මේ ලිපි පෙළෙන් රසායන විද්‍යාවේ විවිධ මානයන් ගැන කතා කළා. දැන් අපි රසායන විද්‍යාවේ ඔබට වඩා වැදගත් කොටස් වන උසස් පෙළට අදාළ මාතෘකා ගැන මින් පසුව කතා කරමු. මා මෙම ලිපි පෙළ ඉදිරිපත් කළේ ඔබට රසායන විද්‍යාව පිළිබඳ යම් ඇල්මක් ඇති කරන්නයි. අවම වශයෙන් එක් අයෙකු හෝ මෙයින් ප්‍රයෝජනයක් ගතහොත් එය අප ලැබූ ජයක් වේවී! ළඟදීම නව පාඩම් පෙළකින් හමුවෙමු.....
By Dr. Piyal Ariyannada
නියම ලිපි පෙළක අවසානයක්! රසායන විද්‍යාවේ පුළුල් බව කියාපාන්න මේ ලියවිලි ටික ගොඩක් වැදගත් වුණා. බොහොම ස්තූතියි! ඉතින් මීළඟට පළ කරන ලිපි වලින් අපට රසායනය මුල ඉදලා දැනගන්න පුළුවන් වේවි... දිගටම ලියන්න.
ReplyDeletemaxxa brah.. keep on writin...
ReplyDeleteMaterials Chemistry.... මේක මෙහෙම නෙමෙයි, "Materials Science" කියල හඳුන්වමු.
ReplyDeleteමම Materials Engineering හදාරන කෙනෙක් විදිහට කියන්න පුලුවන් මේක තමයි හැමතෙනකටම ඕනෙ වෙන විද්‍යාව කියල.
ඔබ මෙහි කියන දේවල් විතරක් නෙමෙයි, සැමතැනම ද්‍රව්‍ය විද්‍යාව පවතිනවා. අප එදිනෙදා භාවිතා කරන හැම දෙයකම.
semiconductor fabrication, traditional and advanced ceramics, smart materials, quantum physics, nanotechnology, Bio materials, Polymers, Metals, ......
මේ හැම දෙයක්ම Materials Science and Engineering තුළ තිබෙනවා.
ලංකාව තුළ මේ ගැන ඔබට ඉගෙන ගන්න පුළුවන් එකම තැන, මොරටුව ඉංජිනේරු පීඨයේ ද්‍රව්‍ය විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුව තුළ පමණයි.
තව දෙයක්, එක එක කට්ටිය තමුන්ට නැනෝ තාක්ෂණය ඈඳා ගන්න හදනවා, නමුත් නැනෝ තාක්ෂණයේ මූලිකම සංකල්ප උගන්වන්නේ මේ කිව්ව මොරටුව ඉංජිනේරු පීඨයේ Department of Materials Science and Engineering තුළ හා Departments of Physical Science තුළ පමණයි.