පරිණාමයේ වේදනාව 2 - පළමු කොටස

ක්‍රි.ව. 2424 පෙබරවාරි 23 දින ශ්‍රී ලංකාවෙන්,

ක්‍රි.ව. 2000 අප්‍රියෙල් 28 දින ශ්‍රී ලංකාවට,

මා ප්‍රිය මිතුර,

ඔබ මා එවූ ලිපිය පිළිබඳ සැලකිලිමත් වීම ගැන මම මගේ මුළු හඳින්ම ඔබට කෘතඥ වෙමි. නමුත් එහි වූ සමහර කරුණූ සම්බන්ධයෙන් මා තුළ යම් ආකාරයක ගැටළු සහිත බවක් පැන නැඟී ඇත. මක්නිසාදයත් එහි එක්තරා තැනක සඳහන් වන පරිදි ඔබ හා මා අතර වසර 400ක පමණ කාල පරතරයක් ඇති බවත් එබැවින් අප තුළ ඔබලාට සාපේක්ෂව බුද්ධිමය, අධ්‍යාත්මික හා පරිණෘමික දියුණුවක් ඇති බවක් ඔබ සිතන බව පෙනේ. එය මම පිළිගනිමි. එනමුදු අපි තවමත් පෘථග්ජන මිනිසුන් වෙමු. එබඳු මිනිසුන් තුළ ආශාව, ආදරය ඇති වීම ස්වාභාවික බව ඔබ දන්නා බව මම සිතමි. එය ජීවමයද යාන්ත්‍රිකද යන්න මත රඳා නොපවතින බව මගේ අදහසයි.

එසේම ඔබ දකින ලෙස මා තුළ පැමී කෙරෙහි ඇති වූ ආදරය, විවාහය දක්වාම පැවතිය යුතු බවත් මානව සංහතියේ මූලික අරමුණ ඔබ දකින අන්තරාභිජනන ක්‍රියාවලිය අනිවාර්යෙන්ම සිදුවිය යුතු බවත් ම නොසිතමි. මක්නිසාදයත් මා දන්නා පරිදි ඔබ ජීවත්වන කාලයෙන් වසර 100කට පමණ පසු මිනිසා ජීවමය ලෙස පරිණාමය වීමට වඩා අධ්‍යාත්මික ලෙස පරිණාමය වීමට උත්සහ දැරූ බවත් එබැවින් මා ජීවත්වන සමය වන විට මිනිසා තුළ වැඩි වශයෙන් ඇත්තේ එකිනෙකා කෙරෙහි වූ රා‍ගයෙන් තොර ආදරයන් වන නිසාත්ය. ඒ බව ඔබ නොදන්නා බැවින් ඔබ මෙසේ සිතන්නට ඇතැයි සිතමි.

එලෙසම ඔබේ ලිපියෙහි තවත් තැනක මානවයා ආදරය වෙනුවෙන් නොපවතින බව සඳහන් වී ඇත. එසේනම් ඔබ ජීවත් වන්නේ කුමක් සදහාදැයි මට නොවැටහේ. මෙහිදී ඔබ ජීවත් වූ අතීතය දෙසත් ජීවත් වන්නට බලාපොරොත්තු වන අනාගතය දෙසත් මඳක් ගැඹුරින් කල්පනා කර බලන මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිමි. මන්දයත් ඔබත් විරහ වේදනාවට පත්ව සිටින බවක් ඔබේ ලිපියේ අග භාගයෙන් ගම්‍ය වන බැවිනි.

ඔබ තුළ අපගේ වර්තමානය පිළිබඳව එතරම් පැහැදිලි අවබෝධයක් නොමැතිකම නිසි ඔබට මාව හොදින් තේරුම් ගැනීමට නොහැකි වුවත් ඔබගේ ලිපිය තුළින් මට මඳ අස්වැසිල්ලක් ලැබුණූ බව සතුටින් දනවමි. එසේම ඔබේ ලිපියේ අවසාන වැකියේ සඳහන් වන පරිදි “කාලය සියල්ල විඳනු ඇත.” යන්න සම්පූර්ණ සත්‍යයක් බවත් මේ ලිපිය ඉදිරියට කියවන විට ඔබට වැටහෙනු ඇත.

ඔබේ ලිපිය මා වෙත ලැබෙන විට මම පැමී පිළිබඳව තීරණයකට එළඹ සිටියෙමි. (මාගේ කාල තැපැල් හුවමාරුවේ සිදුවී තිබුන පුමාද දෝෂයක් කරණ කොටගෙන මට ඔබගේ ලිපිය ලැබුණෞ සතියක් පමණ ප්‍රමාදවය.නමුත් ඒවන විට සියල්ල තීරණය වී තිබිණි.)

දැන් මේ ලිපිය ඔබට ලියන මම, ඔබට මුලින ලිපිය එවූ තැනැත්තාම නොවෙමි. මක්නිසාද යත් මම පූර්ණ මිනිස් බවින් අත්මිදී අර්ධ මිනිස් හා අර්ධ යන්ත්‍ර සයිබොග් (Cybogue) වරයෙකු බවට පරිවර්තනය වී සිටින බැවින්. ඒ මක්නිසාදැයි මේ ලිපිය ඉදිරියට කියවන විට ඔබට වැටහෙනු ඇත.

සමහර විට මෙය මා ඔබට එවන අවසාන ලිපිය වනු ඇත. මක්නිසාදයත් අපගේ වර්තමාන ලෝකය බේරාගැනීමේ උදාර කටයුත්තකට මම පැමී වෙනුවෙන් සහභාගී වීමට තීරණය කර තිබීමයි. ඒ කටයුත්ත සඳහා මම අපේ කාලයෙන් හෙට උදෑසන පිටත්ව යා යුතුය. එය සාර්ථක වුවහොත් පැමී මට හිමිවනු ඇත. නැතිනම් සියල්ල නිමවනු ඇත.

මම පසුගිය සතිය තුළ වූ සිද්ධි මාලාව මට ලැබී තිබෙන කාලය අනුව හැකි පමණ පැහැදිලිව ඔබ වෙත ඉදිරිපත් කරමි.

* * * * * * * * *

2424 පෙරවාරි 14 දින, මගේ එකම හිතවතිය මගේ මිතුරිය මට අහිමි විය. ඇය මා අතහැර දමා ගියාය. එය ඔබ දන්නෙහිය. මගේ දිවියේ ගෙවූ ඉතා දීර්ඝතම රාත්‍රිය නිමා කරමින් පසුදිනට පහන් විය. මගේ සිතිවිලි ලෝකය බිඳ හෙලමින් මා වෙත දුරකථන ඇමතුමක් ලැබුණි.

“මිස්ට ට්‍රෙවෝ, වහාම සිකයි ලැබ් එකට එන්න. ඉතාම හදිස්සියක්.” එයින් කියවිණි.

මට සියල්ලම අමතක විය. මක්නිසාදයත් මගේ ප්‍රධානියා වූ වෛද්‍ය මෝගන් එක්ස්සේවියර් මින් පෙර කිසි දිනෙක මේ ආකාරයෙන් කතාතර නැත. මම මොහොතකින් ස්කයි ලැබ් වෙත ගියෙමි. මගේ පුදුමයට මෙන් ඒ තුළ ප්‍රධාන පෙලේ වෛද්‍යවරු හා ඉංජිනේරුවෝ රැසක් පැමිණ සිටියහ.

මා දුටු වෛද්‍ය මෝගන්, “ අයිසේ ට්‍රෙවෝ මේ බලනවකෝ. මාර ප්‍රශ්නයක්නේ” පැවසීය.

“මොකද වෙලා තියෙන්නේ?” යැයි අසමින් මම පරීක්‍ෂණාගාරය වෙත ගියෙමි.

“අර බලන්න පස්වෙනි මොනිටරය දිහා” පරීක්ෂණාගාරය භාර දෙවන සහාය වෛද්‍ය ටොම් ෆීලික්ස් පැවසීය.

“ඒ මොකක්ද ඒ?” මම ඇසුවෙමි.

“ඒක ගමයි ලෝක විනාශය” ටොම් පැවසීය.

“තේරෙන්න කියනවකෝ අයිසේ. ඒක උල්කාපාතයක්ද? ඇස්ටරොයිඩයක්ද?” මම ඇසීමි.

“ඒ මොකක්වත් නෙවෙයි. ඒක තමයි අපිට දකින්න ලැබෙන අවසාන ධූමකේතුව. දැනට අපි ඒක RY6179AW ලෙස නම් කලා. ඒක කෙලින්ස එන්නේ මෙහාට.”

“කොච්චර දුර තියෙනවද?”

“වැඩි දුරක් නෑ. මෙහෙ ඉදලා සැතපුම් 5.8976 x 107 විතර. කොහොම නමුත් තව සතියකින් විතර ඒක අඟහරුත් පහුකරයි.” මෝගන් පැවසීය.

“කොහොමද විශ්වාස කරන්නේ ඒක එන්නේ මෙහෙටමයි කියලා. බ්‍රහස්පතිට කිට්ටුවෙනකොට ඒකේ ගමන්මඟ වෙන්න ඉඩ තියෙනවා.” මම කීවෙමි.

“ඒක වෙන්න බෑ. අපිට යුරෝපා වලින් පණිවිඩයක් ආවා ඒක බ්‍රහස්පතිටත්, ගැනිමිඩ්ටත් අතරින් ගැනිම්ඩ් දෙසට ආතර් 34ක ආනතියක් සහිතව එයි කයලා.”

“අනිත් එක ඒකේ වේගය පැයට සැතපුම් 350000ක් විතර වෙනවා. ඒක නිසා බ්‍රහස්පතිගේ ගුරුත්වය එච්චර බලපාන එකක් නෑ.”

“අපි කොහොමද හරියටම දන්නේ පෘථිවිය දෙසට එනවා කියලා?” මාත් සමඟම එතැනට පැමිණි රොබොට් ආයතනයේ ප්‍රධානියා ඇසීය.

“අපට මැගලන් චක්‍රාවාටයේ ඉදලා පණිවිඩයක් ආවා. ඒකෙ තියෙන්නේ මට තේරුන විදියට නම්, පෘථිවියේ තියෙන සියළුම කාබනික ජීවී ද්‍රව්‍ය ඉලක්ක කරගෙන එන ධූමකේතුවක් කියලා. ඒක හැදිලා තියෙන ද්‍රව්‍යය හරියට කාන්දමට යකඩ ඇ‍ඳෙන විදියට කාබනික ජීවී ද්‍රව්‍ය දෙසට ඇ‍ඳෙනවාලු. පණිවිඩේ තිබුණ සිංහල වචන ටික තේරුම්ගත්ත හැටි තමයි ඒ. සිංහල හරියට ඉගෙන නොගත්ත එකේ මෝඩකමග” මෝගන් කනස්සලක් සහිත බැල්මකින් සිය කතාව නැවැත්වීය. ඉන්පසු ඔහු එම පණීවුඩය අප ඉදිරියේ වූ තිරය මතට ගෙන ආවේය.

“අහස් පරීක්ෂක වෙත,

රහසිගතව.

හෝකින් චතුරස්‍රයෙන් නිකුත් වූ වල්ගාතරුවක් පැයට කිලෝමීටර 350000ක වේගයෙන් අපේ ග්‍රහ ලොව පසුකලා. අපේ ගණනය කිරීම් නිවැරදිනම් ඒක ක්ෂීරපථයට ඇතුල් වී 3 වැනියා වෙත එනවා. පස්වැනියාගේ යුරො‍්පාට අපි දැන්වීමක් කළා. ඒක කෙලින්ම එන්නේ සජීවී ජීවමය කාබන් සොයාගෙන. හරියට යකඩ සොයාගෙන කාන්දම් එනවා වගේ. තවම ඒක හැදිලා තායෙන මූලද්‍රව්‍ය පිළිබඳව ස්ථීර නිගමනයකට එන්න බෑ. නමුත් එයට එතරම් තද නැති ඔබලා ළඟ ඇති හිම වැනි දුව්‍යයකාන් සැදුන න්‍යෂ්ටියක් තිබෙන බව අපිට දඇනගන්නට ලැබුණා. නමුත් එම මූලද්‍රව්‍යය කුමක්දැයි ස්ථීරවය පැවසිය නොහැකියි.

අවශ්‍ය ආරක්ෂක පියවර ගන්න. යුරො‍පාගෙන් උදව් ගන්න. අවසානයි”

මැගලන්ගේ යාත්‍රාව.

මම පණිවිඩය කියවීම්. රැස්ව සිටි සියල්ලන්ගේම මුහුණු බැරෑරුම් විය.

“සර් යුරෝපාගෙන් පණිවිඩයක්” ප්‍රධාන පරිගණක පාලක ස්ටෑන්ස්, මෝගන්ට දැන්වීය

“ට්‍රෙවෝ පොඩ්ඩක් මේක බලනවද? මට මේ සිංහල හරියට තේරුම් ගන්න බෑ.” මම වහා පණිවිඩය දෙස බැලීමි.

“අහස් පරීක්ෂක වෙත,

රහසිගතව

මැගලන්ගේ යාත්‍රාවෙන් පණිවිඩය ලැබුණූ විදියට අපි අධිබලැති න්‍යෂ්ටික ටොර්පීඩෝවක් වදින්න යැව්වා. ඒක සාර්ථක වුණොත් ඔබලා ආරක්ෂිතයි. මේක පිටතට දන්වන්න එපා. සාර්ථක වුණොත් දන්වන්න. කලබල නොවන්න. දෙවියන් විශ්වාස කරන්න.

අවසානයි.”

මුහුදු අශ්වයා

එය ඇසූ පිරිස සැනසුම් සුසුම් හෙළනු පෙනුණි. “මේක එවලා තියෙන්නේ අපේ යාළුවා. මයිකල් ජෝන්ස්.” මම කීවෙමි.

“ ආ... මුහුදු අශ්වයා. මිනිහගේ පවුලම ඉන්නේ යුරෝපා වලනේ. හරි හොඳ මනුස්සයා ඒ කාලේ....”

“ඇති ඇති මෝගන්. ඕක නවත්වනවකෝ. අපිට ඔක්කොම දන්නවනේ මිනිහා ගැන. තමුසේ හැමදාම ගිරවා වගේ කච කච ගානවා. පොඩ්ඩක් කට වහගන්නවකෝ.” සුපුරුදු පරිදි රිකී නෙල්සන් රණ්ඩුව පටන් ගත්තේය.

“අනේ මේ රිකී, තමුසෙට බෑ මගේ කට වහන්න.” මෝගන් ඔහු දෙසට හැරී රණ්ඩුවට පැටලෙන්නට සූදානම්ව පැවසීය.

“ඇයි තමුසේ මට ගහන්නද?” රිකීද අතහරින පාටක් නත. ත්ත්වය උග්‍ර අතට හැරෙන්නට විය. වෙලාවට ටොමී ෆීලික්ස් දෙදෙනාව දෙපැත්තට කළේය.

“මොකද අයිසේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් තමුසෙලාට වැදගත් විදියට ඉන්න බැරිද? තාම ප්‍රශ්න විසඳුනේ නැහැනේ. පොඩිවුන් වගේ ගහගන්නවා.” එවිට දෙදෙනා මඳක් පසු බැසීය.

“ප්ලීස් මෝගන් පොඩ්ඩක් බලන්න මේක සාර්ථකද කියලාග සාර්ථක නොවුණොත් ඇති තරම් ගහගන්නවා. මොකද ඒ තමුසෙලාගේ අන්තිම ගහගැනිල්ලනේ.” නැවත්ත පිරිස පෙර පරිදිය.

“යුරෝපා අසාර්ථක වුනොත් මොකද කරන්නේ?” ර්කී ඇසීය.

“අසාර්ථක වෙන්න විදියක් නැහැ. යුරෝපා වල තාක්‍ෂණය සෑහෙන්න දියුණුයි.” ටොමී ෆීලික්ස් පැවසීය.

“ඒක ඇත්ත අපේ අයයි චැංග්ස්ලයි එකතුවෙලා සෑහෙන්න ලොකු දේවල් යුරෝපා වල කරලා තියෙනවා. චැංග්ස්ලාගේ තාක්ෂණය නම් කියලා වැඩක් නෑ. ඒගොල්ලොත් එක්ක බලපුවහම අපි සෑහෙන්න පහලයි.” රිකී පැවසීය.

“හැබැයි මට මෙහෙම දෙයක් හිතෙනවා. වල්ගාතරුව සජීවී ජීවමය කාබන් වලට ඇදෙනවා කිව්වා නේද? යුරෝපා අසාර්ථක වෙන්න පුළුවන්.” මෙච්චර වෙලා නිහඬව සිටි මෝගන් පැවසීය.

“ඇයි එහෙම කියන්නේ?” රිකී ඇසුවේය.

“මේකනේ රිකී.......”

“සර් තවත් පනිවිඩයක්” පණිවිඩ ගුහකයා පැවසීය.

“ට්‍රෙවෝ පොඩ්ඩක් බලනවද?” මෝගන් මට දැන්වූවේය.

“දෙවියනේ සර්, අපි ඉවරයි. ඔවුන් අසාර්ථක වෙලා.” මම කෑ ගැසුවෙමි.

“මම කිව්වේ නැද්ද? මම ඕක හිතුවා” මෝගන් කල්පනාකාරීව පැවසීය.

“තව මොනවද එයාලා කායන්නේ?”

“මුහුදු අශ්වයා තමා පණිවිඩය එවලා තියෙන්නේ. ඒ ගොල්ලන්ට හිතාගන්න බැරිව ගියාලු. ටොර්පිඩෝ එක ටික ටික ධුමකේතුවට ලංවෙනකොට ධූමකේතුව ටික ටික ඒකෙන් ඉවතට අපගමනය වෙන්න පටන් අරන්. හරියට ඒක පදවගෙන යනවා වගේ. කොහොම හරි ඒක ටෝර්පිඩෝ එක මඟ ඇරලා අපේ දිශෘවට එන්න පටන් අරන්. එයාලා කියනවා අපිට අවශ්‍ය උදව්වක් තියෙනවනම් කියන්න කියලා.”

“ඔය ටික මම හිතුවා” මෝගන් පැවසීය. ඒ සමඟම

“අයිසේ ව්ල්ස් තමුසෙගේ අර පරීක්ෂණයට මොකද වුණේ?”

“මොන පරීක්ෂණයද?” විලිස් කර්නෝච් ඇසීය.

“අර තමුසේ කියපු ලෝහ සැකිල්ලේ වැඩේ?”

“ආ... ඒකද? ඒක කරලානම් ඉවරයි. ඒ වුණත් සාර්ථකද දන්නේ නැහැ.”

“එහෙමද?” මෝගන් බිම බලාගෙන කල්පනා කරන්නට විය.

“සර් මොකද අපි මේකට කරන්නේ?” මම ඇසීමි.

“ඒක තමයි ට්‍රෙවෝ මටත් එක පාරටම මොකුත් කියන්න බැහැ. මම රෑට ජනාධිපතිත් එක්ක මේක ගැන කතා කරන්නම්. ඊට පස්සේ අපි තීරණයකට බහිමු.” මෝගන් එක්ස්සේවියර් පැවසීය.

මම මගේ රථයෙන් නිවස බලා පැමිණියෙමි. “ලෝක විනාශය!” පෙර දින සැදෑවේ මට අහිමි වූ ලෝකය ගැන මගේ මතකයට නැගිණ. මම සිහින මැවූ සුන්දර ලෝකය පෙරදින විනාශ විය. දැන් සැබෑ ලොව විනාශ වන්නට සැරසෙයි. මට පැමී ගැන සිහිවිය. කරන්නට කිසිවක් නැත. උපදෙස් ලබා ගැනීමට පැමීවත් නැත. පෙරදින සිදු වූ ස්ද්ධියෙන් පසු ඇය මගේ නිවස හැර දමා ගියාය. ඇය කොහේ සිටිනවාදැයි මම නොදනිමි. නමුත් කොහේ හෝ හොඳ තැනක සිටින බව නම් විශ්වාසය. මක්නිසාදයත් ඈ වැනි අතිශය සුරූපි දක ෂ රොබෝවක් තබා ගැනීමට මේ නගරයේ කිසිවකු අකමැති නොවන බැවිනි.”

“මම විලිසට කතා කළෙමි. “ විලිස් අපි මොකද මේකට කරන්නේ? මටනම් මොකුත් හිතාගන්න බෑ.”

“මටත් එහෙමයි. මට දැන් රිකීත් කතා කළා. එයා නම් කියන්නේ යුරෝපා කළා වගේ මිසයිල ගහලා විනාහ කරමු කියලා.”

“ඒක හරි යයිද?” මම ඇසීමි.

“මට නම් විශ්වාස නෑ. අච්චර දියුණු යුරෝපා අසාර්ථක වුනානම් අපි ගැන වැඩි විශ්වාසයක් තියන්න බැහැනේ.” ඔහු පැවසීය.

රාත්‍රී 9.00ට පමණ අපි සියළු දෙනා නැවත පරීක්ෂණාගාරයේදී හමුවීමු. ඒ වන වි මෝගන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තිබුණි.

“මේකයි මහත්වරුනි තත්වය.” මෝගන් කතාව පටන් ගත්තේය.

“දැන් කොහෙන් නතර කරයිද දන්නේ නෑ”රිකී මගේ කනට කර මිමිණුුවේය. මම ඔහුව නිශ්ශබ්ද කර ඇහුම්කන් දුනෙමි.

“ජනාධිපතිතුමා කියන්නේ දැනට මෙහෙ තියෙන ප්‍රබලම ආයුධ පාවිච්චි කරලා යවමු කියලා. අකමැත්තෙන් වුනත් අපට කරන්න තියෙන එකම දේ ඒකයි. නිකම්ම පරාජය පිළිගන්නවට වැඩිය අවසාන මොහොත තෙක් සටන් කරලා පරදින එක හොඳයි.” මෝගන් කීවේය.

ඔහුගේ මුහුණේ වූයේ බලාපොරොත්තු කඩ වූ ස්වභාවයකි.

“සර් අපිට මෙහෙම දෙයක් කරන්න බැරිද?” මම ඇසුවෙමි.

“ඔව් ට්‍රෙවෝ......”

“සර් මම එකඟයි මිසයිල යවන වැඩේට. ඒ වුණාට යුරෝපා අසාර්ථක වුණ නිසා අපිට ඒ ගැන දෙපාරක් හිතන්න වෙනවා. සියල්ලෝම හිස සලා මට එකඟ වූහ.

මගේ අදහස මේකයි. යුරෝපා කියපු විදියට ධූම කේතුව ඒ ගොල්ලෝ යවපු ටෝර්පිඩෝ එකෙන් විකර්ෂණය වුණා. එහෙම වුනේ ඒකේ සජීවී ජීවමය කාබන් වලින් තැනුණ කිසිම දෙයක් තිබුණේ නැති නිසා කියලයි මම හිතන්නේ.”

“මම හිතුවෙත් ඒකම තමයි.” මෝගන්ද පැවසීය.

“මේ අයිසේ තමුසේ මාව අවුස්සන්නද හදන්නේ?” කෝපයෙන් ඔහු දෙස බැලූ මෝගන් ඇසුවේය. නමුත් මෙවෙලේ රණ්ඩුවක් ඇති නොවීය.

“ට්‍රෙවෝ තමුසේ කියනවා.” ටොමි ෆීලික්ස් පැවසීය. “මම කියන්නේ අපි සජීවි ජීවමය කාබන් සහිත මිසයිලයක් යැව්වොත් ඒක ධූමකේතව දෙසට ආකර්ෂණය වෙයි.”

“නමුත් අපි කොහොමද ඒක කරන්නේ. සජීවි ජීවමය කාබන් තවම කෘතිමව නිපදවලා නැහැනේ.” රිකී ඇසුවේය.

“ඒකට තමයි රිකී මිනිස්සු ඉන්නේ. මම කියන්නේ අපි මිනිහෙගක් එක්ක මිසයිලයක් යවමු.”

“මමත් ඖක කියන්න තමයි හිටියේ.” මෝගන් පැවසීය.

“ඔන්න ඖ තමයි කියන්නේ උගත්තු නිතරම එකම විදියට හිතනවා කියලා.” මෝගන් රිකී දෙස අවඥාවෙන් බලා පැවසීය.

“අනේ නිකන් ඉන්නව මෝගන්.” රිකී මඳ කෝපයෙන් යුතුව පැවසීය.

“නමුත් ඔතනේදී සෑහෙන්න ප්‍රශ්න ඇති වෙනවා.” ටොම් ෆීලික්ස් පටන් ගත්තේය.

“අපි හිතමු මිනිහෙක් යැව්වා කියලා. ධූමකේතුව මුණ ගැහුණා කියලත් හිතමුකෝ. නුම්ත් ඒ දෙකේ ඝට්ටනයෙන් ඇතිවන කම්පනයයි අධීක ත්වරණයයි මිනිසි සිරුරට දරාගන්න බැරිවෙයි. කොටින්ම අපේ ඇට සැකිල්ල විනාශ වෙන්න පුළුවන්.” ජීව වෛද්‍යවරයා පඅවසීය.

“ඒකට තමයි හියුමන් රොබොට්ස්ලා ඉන්නේ” මෝගන් පැවසීය.

විල්ස් දැන් කියනවා තමුසෙලා කරපු පරීක්ෂණ ගැන.” මෝගන් විල්ස් දෙස බැලීය.

“හොඳයි මම හිතන්නේ මේක සාර්ථක වෙයි කියලා. නමුත් මම කියන්නම්” විල්ස් කථාව ඇරඹීය.

“අපේ ආයතනය මෙච්චරකල් කළේ මිනිස් අවයව වලින් රොබෝලාව දියුණු කරන එකනේ.නමුත් අපි සැලසුම් කලා මිනිහෙක් තුලට කෘතිම ඒ කියන්නේ ලෝහමය අවයව සවි කරලා මිනිහගේ සවිමත් බව වැඩි කරන්න. ඒ සඳහා අපි අපේ ආයතනය විසින්ම නිපදවපු මෙතෙක් කලක් ලෝකයට එළ නොදක්වපු ලෝහ වර්ගයකින් ඇට සැකිල්ලක් හැදුවා. ඊට අමතරව ඊටම සරිලන පේශි පද්ධතියකුත් තියෙනවා. මේක අපිට කාගේ හරි ශරීරයකට සාර්ථකව සවි කරන්න පුළුවන් වුණොත් එයා මේ ලෝකේ ඉන්න ශක්තිවන්තම පුද්ගලයා වගේ සියගුණයක් විතර ශක්තිමත් වෙනවා. ඔහුට ටොන් 1000ක ස්කන්ධයක් ඇතිවන පීඩනයකට වුනත් ඔරොත්තු දෙන්න පුවවන් කමක් ලැබෙයි.”

“පොඩ්ඩක් ඉන්නව විල්ස්.” රිකී මැද්දට පැන්නේය.

“දැන් අපි ඔය වැඩේ කළා කියමුකෝ. එතකොට ඒ මිනිහා හරි භයානක වෙනවනේ. මිනිහව මෙල්ලකරගන්න බැරිව යනවනේ.”

“ඒක තමයි අපි මේ පරීක්‍ෂණය තවම නොකලේ. ඒකට සුදුස පුද්ගලයෙක් තවම හමුවුනේ නෑ. අනික මේක බොහොම රහසිගතව කරන්න ඕනේ දෙයක්.”

“ඩොක්ට මෝගන්, මම කැමතියි. ඔබලා කැමතිනම් ඒ වැඩේට සහභාගි වෙන්න.” මම පැවසුවෙමි. සියල්ලෝම ගල් වුණා වැනිය. මොහොතක නිශ්හබ්දතාවයක් කාමැය පුරා පැවතිණි.

“විකාර කතා කරන්න එපා ට්‍රෙවෝ.” ටොම් ෆීලික්ස් නිහඪතාවය බිඳිමින පැවසීය.

“විකාරයක් නෙවේ........” මම කයන්නට තැත් කළෙමි.

“කට වහගන්නවා අයිසේ, තමුසෙගේ මොළේ හොඳ නැතිද? තමුසේ අපිට ඉන්න හොඳම රොබෝ ඉංජිනේරුවා. පිසුනම් කතා කරන්න රපා.” රිකීද කෑ ගැසුවේය.

“මේකයි රිකී...” මම තැත් කළෙමි. “කට වහගෙන ඉන්නවද?” රිකී කෑගැසුවේය.

“විල්ස් ඔයා දන්නවනේ මං ගැන. ම‍ට මේ ලෝකේ කවුරුවත් නෑ. මට හිටිය එකම යාළුවත් මාව දාලා ගියා. මම මේ සාකච්ඡාවට ආවෙත් තීරණයක් අරගෙන. ඒක නිසා ඔයාලට මාව විශ්වාසයි නම් මම කැමතියි ඒ අභියෝගයට මුහුණ දෙන්න.” මම ස්ථීරසාරව පැවසීමි.

නැවතත් සියළු දෙනාම නිශ්හබ්ද විය. අවසානයේ මෙතෙක් වෙලා නිශ්හබ්දව සිටි මෝගන් නැඟී සිටියේය.

“මේක සෑහෙන්න බරපතල ප්‍රශ්නයක්. ට්‍රෙවෝ කියන දේ නොකළොත් ලෝකේ විනාශ වේවි. ට්‍රෙවෝව එකට යවන එකත් අපරාධයක්.”

මේකයි ඩොක්ට මෝගන්, එක්කෙනෙක් නිසා ලෝකයක් විනාශ කරන්න එපා ඒක ඔක්කොටම වඩා අපරාධයක්.” මම පැවසුවෙමි.

“එව් මට තේරෙනවාත මෙතන ඉන්න තරුණම පුද්ගලයා හැටියට තමයි ඒකට සුදුසු. තව දෙවක් ජනාධිපතිතුමු මේක ස්කයිලැබ් එකෙන් පිටතට යවන්න එපා කියලා.””ඒක තමයි ඩොක්ට මම කිව්වේ.” මෝගන් නිහඩ විය. මුළු කාමරයම සෙහොන් පිටියක් මෙනි.

“හරි මම එකඟයි” මොගන් පැවසීය. “මොකක්ද අයසෙ කිව්වේ?” ටොම් ෆීලික්ස් කෑ ගැසුවේය.

“මම හිතුවා තමුසේ ඔය වගේ හොඳට කල්පනා කරලා මෝඩ උත්තරයක් දෙයි කියලා.”

“නෑ ටොම් ඒක තමයි වෙන්න ඕනේ.” සෑම දෙනාම පුදුමයට පත් කරමින් රිකීද පැවසීය.

“ මොනවා තමුසෙත්....” ටොම් ඔහු දෙසට පැන්නේය.

“ඔව් මහත්වරුනි, මට තේරුණි අපිට වෙන විකල්පයක් නැති බව. ඉතින් ට්‍රෙවෝ ඒ සඳහා යා යුතුමයි. නමුත් මේ මිසයිලය සෑදීමේ කටයුතු මට භාරදෙන මෙන් මම මගේ හොඳම මිත්‍රයාගෙන් ඉල්ලා සිටිනවා.” අප අතර මඳ සිනහවක් ඇති කරමින් රිකී, මොග්න් දෙසබලමින් පැවසීය.

මම විල්සගේ පරීක්‍ෂණාගාරය වෙත ගියෙමි. “ ට්‍රෙවෝ තමුසේ මගේ හොඳම යාළුවා නිසා කියන්නේ මේක අතහැරලා දානවා. අපි එන විදිහක් බලමු.”

“ නෑ විල්ස් මේක තමයි හරි දේ. මම මේක කරන්නේ පැමී වෙනුවෙන්. මට කොහොමහරි එයාව ඕනේ. මම සාමාන්‍ය මුනෂ්‍යයෙක්ව ඉන්නකම් එයා මට කැමති වෙන්නේ නෑ. මේක සාර්ථක වුණොත්...” මම ඔහුගේ පිටට තට්ටු කරමින් පැවසීමී. අපි දෙදෙනා එකිනෙකා වැළඳ ගතිමු.

අවසාන වතාවට මම නිවසට ගියෙමි. මට පැවරී තිබූ වැඩ සියල්ල මම මගේ අසල්වැසියා වූ නිකොල්ට පවරා ටික කලකට ඇමෙරිකාවටයාමට සිදුවන බව පැවසීමි.

ඉන්පසුව අවසාන වතාවට මගේ මුළු පරීක්‍ෂනාගාරයත්, නිවසත් දෙක බැලූ මා මගේ ජීවිතයේ මට ඉතාම වටිනා සහ මගේ ජීවිතයටත් වඩා ආදරය කරන දේ රැගෙන හියුමන් රොබොට්ස් වෙත ගියෙමි.

මා එහි යන විට මෝගන්, රිකී, ටොම් ඇතුව ස්කල්ලැබ්හි මා දන්නා තවත් කිහිප දෙනෙක් මට සුභ පැතීමට පැමිණ සිටියෝය.

මා එතැනට ගිය විට මෝගන්, “නියමයි පුතා මට සන්තෝෂයි තමුසේ ගැන. බය වෙන්න එපා. තමුසෙට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය තියෙනවා.” යැයි පවසමින් වැළඳ ගත්තේය.

ටොම්ද දෑසට කදුළු පුරවාගෙන මට සුභ පැතීය. අප අතර සිටි විහිළුකාරයා වූ රිකී තුලද වූයේ කණගාටුදායක බැල්මකි. නුම්ත ඔහුගේ දිප්තිමත් දෑස් තඔහු තල වූ බලාපොරොත්තුව පිළිබිඹු කළේය.

අයිසේ විල්ස්, තමුසේ හරියට වැඩේ කරනවා. තව ටිකකින් මේ ලෝකේ ඉන්න ශක්තිමත්ම පුද්ගලයා අපේ එකෙක්. කාටද ආඩම්බර” ඔහු පැවසීය.

මෙලොව මෙතෙක් කලක් සිදු නොවූ ඒ මහා අත්හදා බැලීම පැය 10 ½ක් තුළ දී සිදුවිය. මට සිහිය එන විට විල්ස් මා දෙස බලා සිටියේය. මට ඔහු හඳුනාගත හැකි විය. දින දෙකක් මම එලෙස සිටිය අතර කුමයෙන් යථා ත්තවයට පත් වුනෙමි. මා හට වෙනසක් නොදැනුන නමුත් මාද රොබෝවක් යන හැඟීම මා තුළ ඇති විය.

ධූමකේතුව සෑහෙන්න තරම් ලංවී තිබුණ අතර එහි සංයුතිය පිළිපඳව මැගලන් වළාවෙන් ගවේෂණය කර තිබුණි. එයින් කියවුණේ එය ඔවුන්ගේ ලොවෙන් මෙතෙක් සොය නොගත් අති සංකීර්ණ ජීවමය දුව්‍යයක් බවත්  තම සිරුර ඛණ්ඩනය කරමින් ප්‍රජනනය වන ඇමීබාවෙක් මෙන් නිරන්තරයෙන්ම එය සංවෘත පද්ධතියක් තුල වර්ධනය වන බවත්ය. ඒ විලස්ගෙන් මට ලැබුණූ තොරතුරුය.

“දෙවි පිහිටෙන් අපි සාර්ථක වුණා. තමුසෙනම් නියම දක්‍ෂයේ විල්ස්.”

මෝගන් විලස්ගේ පිටට තට්ටු කරමින් පැවසීය.

“කොහොමද ඉලන්දාරියා දැන් ඇඟට.” ඔහු මා ‍වෙත හැරී ඇසීය.

“ශාරීරිකව නම් කිසිම ප්‍රශ්නයක් දැනෙන්නේ නෑ ඩොක්ටර්. හැබැයි මට හිතෙනවා මමත් දැන් හරියටම රොබොවක් වගේ කියලා.”

“අයිසේ ට්‍රෙවෝ මට විශ්වාස කරන්නත් බෑ. එදා  අර කාමරේ ඇඳ උඩ හිටපු විදියට මම හිතුවා මෙලහකටත් නිවන් දැකලා ඇති කියලා.” රිකී සපුරුදු පරිදි පිස්සුවෙන් මෙන් පැමිණ මා වැළඳගෙන සුභ පැතුවේය.

ස්කයිලැබ් සේවය කරන සියළු දෙනාගේම සුභ පැතුම්, ආශිර්වාද, උපදෙස් මට ලැබුණි.

“මේ විල්ස් මම අර කියපු වැඩේ කළාද?” සියල්ලන්ම නික්ම ගිය පසු මම විල්ස්ගෙන් විමසුවෙමි.

“මමත් කට්ටිය යනකම් තමයි හිටියේ. පොඩ්ඩක් ඉන්න.” යැයි කියමින් ඔහු කාමරයෙන් ඉවතට ගියේය.

ඹිට දින කීපයකට පෙර මා අතරින් වෙන්වී ලිය සුනදරිය මගේ ඉදිරියේ සිටියාය. අපි දෙදෙනාම එකවර සිනාසුනෙමු.

“පැමී ඔයා කොහෙද ගියේ?”

මට සමාවෙන්න ට්‍රෙවෝ. එදා මම හදිසි වුණා වැඩියි. ඒක නෙමෙයි දැන් ඔයාට කොහොමද?” ඇය ඇසීය.

මම ඇගේ නෙළුම් මලක් බඳු වූ මුහුණ දෙස බලා සිටියෙමි.

“මම හොඳින් පැමී. ඔයාට කොහොමද?”

“මටත් වරදක් නෑ. ඇයි ට්‍රෙවෝ ඔයා මේ වගේ දෙයක් කර ගත්තේ? අපිට වෙන විසඳුමක් හොයන්න තිබුණනේ?”

“මේක තමයි පැමී මේකට තියෙන එකම විසඳුම. මේක සාර්ථක වුණොත් මම හරි වාසනාවන්තයෙක්.” ඇයට එය නිවැරදිව තේරුණිදැයි මම නොදනිමි.

“කොහොමද මෝගන් මගේ වැඩ? හිතාගෙන හිටියේ මමත් තමුසේ වගේ හිතහිතා ඉන්න මිනිහෙක් කියලද? මම හිතහිතා ඉන්නේ නෑ. හිතෙන දේ කරනවා තේරුණාද?

“හරි හරි පණ්ඩිතයා. බලමු තමුසෙගේ වැඩ.” යැය කියමින් මෝගන්, රිකීගේ ශ්‍රෞෂ්ඨ නිපැයුම පරීක්‍ෂා ක‍ළේය.

“ඇත්තටම රිකී, තමුසේ ම හිතුවට වඩා දක්‍ෂයිනේ. ඒ වුණා‍ට මේක සාර්ථක වෙයිද?”

කිසි පුශ්නයක් නෑ මෝගන්. ඒ ගැන බය වෙන්න එපා.”

“අවසා‍නයේ සස සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වුනෙමි. මට සුපුරුදු පරිදි ඇවිද යා හැකි විය. මගේ සිත තුල වූ මාද රොබෝවකි යන හැඟීම නොදැනුණි නම් මා දින කීපයක් නිදාගෙන සිට අවදිවූවෙකු මෙන් විය.

“ට්‍රෙවෝ දැන් මෙහෙමයි වෙන්නේ. මේ තියෙන්නේ නියමු කුටීරය මේක ඇතුලේ තමුසෙට දවස් දෙකකට අවශ්‍ය සෑමදේම තියෙනවා. මේක කෙළින්ම ධූමකේතුවේ න්‍යෂ්ටියට වදින්න සලස්වනවා. මේකට පුළුවන් ඕනෑම ඝන දුව්‍යයන් විඳගෙන යන්න. එහෙම රලා න්‍යෂෟටියේ මඳ්‍යයට  යානය ආවාට පස්සේ මෙන්න මේ කොළපාට ස්විචය දානවා. එතකොට මේ කොටස පුපුරණ දුව්‍ය වලින් වෙන් වෙනවා. වෙන්වෙලා තත්තපර 22දී මේ ස්විචය දාලා  මිසයිලය පුපුරවන්න ඕනේ. හැබැයි ඒ වෙනකොට ඔහේ න්‍යෂ්ටියෙන් ඉවත් වෙලා ඉන්න ඕනේ. ඒකට වෙන් වීමේ ස්විචය දාලා ත්තපර 2.5 දී අපරිම ත්වරණයකට එළඹෙනවා. ඒකට මේ ලීවරය පහළ දාලා මේ ස්විච තුනම එතවර දා‍න්න ඖනේ. තේරුණාද? මේවා ස්වයංක්‍රීයව සිද්ධ කරන එක අනතුරුදායක වැඩියි. මුළු ගමනේදීම ටෙ     වෝට කරන්න තියෙන්නේ මෙච්චරයි. කමක් නැහැනේ?” රිකී ඔහු විසින් නිපද වූ යානය පිළිබඳ පැහැදිලි කළේය.

“ඒ වුනාට රිකී, අර මැගලන් වලින් කියපු විදියට ධූමකේතුවේ තියෙන්නේ මහ අමුත් ද්‍රව්‍යයක්නේ. ඒක ඇතලේදී මේක වැඩ කරයිද?”

“අපි වාසනාවන්ත නම් ඒක එහෙම වෙන්න ඕනේ. දන්නවද ධූමකේතුවේ තියෙන්නේ මොනවද තියෙන්නේ කියලා?” රිකී මගෙන් ඇසුවේය.

“දන්නවා නේද බාඳුරා මල් ගැන. එතකොට අර අප්‍රිනාවේ තියෙන මාංශ භක්ෂක ශාක ගැන..” මම හිස සැලීමි.

“ඒ ශාක වල එම ජීවී සත්ත්ව සෛල වලට ආකර්ෂණය වන ඒවා කෙරෙහි ඇල්මක් දක්වන දුව්‍යයෙන් තමයි ඒක හැදිලා තියෙන්නේ.....”

“දෙවියනේ..... මට කියවිණි.

“මේක සාර්ථක නොවුණොත් දෙවියන්ටවත් බෑ අපිව බේරගන්න. ඒක තමයි ඒ වඟකීම සම්පූර්ණයෙන්මතියෙන්නේ ට්‍රෙවෝගේ අතේ.”

“ජනාධිපත්තුමෙනි, අපේ වැඩේ සාර්ථක වුණා. ඔබතුමාගේ තීරණය දැනගන්නයි කතා කළේ.” මොගන් ජනාධිපතිවරයා සමඟ සම්බන්ද වෙමින් පැවසීය.

‘බොහොම හොඳයි ඩොක්ටර් මෝගන්. මම ඊයේ ඇමෙරිකාවටයි, ජපානෙටයි මේක දැන්නුවා. ඒ ගොල්ලෝ කියන්නේ මේක සාර්ථක වෙයි කියලා. මේක සාර්ථක නොවුණොත් ඒ එක්කම හයිඩ්‍රජන් බෝම්බයක් යවන්න ප්ලෑන් කරලා තියෙනවා කිව්වා. එයාලට ඔයාලා ගැන සෑහෙන්න විශ්වාසයි. කොහොම වුනත් මේ ආරංචිය දැන් ටික ටික පැතිරිලා. මිනිස්සඅ කලබල වෙන්න පටන් අරන්. දැන්ධූමකේතුව පියවි ඇසට පේන නිසා මිනිස්සු මේ ගැන හොයනවා. පුළුවන් තරම් ඉක්මනින් අවශ්‍ය දේවල් කරන්න.”

“පැමී ඔයා දන්නවනේ මම මේ ගමන යන්නේ මුළු ලෝකයම වෙනුවෙන්. ඇතතටම මමත් දැන් ඔයා වගේ මගේ ඇඟත් ලෝහ ජීවී පද්ධතියක්. ඒක නිසා දැන් මමයි ඔයයි සමානයි. ඔයා යන්තුයකින් උපන් ජීවියෙක්. මම ජීවයෙන් උපන් යන්තුයක්. එක විතරයි අපි අතර තියෙන වෙනස. මම හිතනවා මීට දවස් කීපයකට කලින් අපි අතරෙ ත්බ්ණු බැම්ම බිඳුණා කියලා. මම එදා කිව්වා වගේම ඔයාට තවමත් ආදරෙය. ඔයාගේ සිත වෙනස් වුණානම් මම තවමත් බලාගෙන ඉන්නවා.”

මීට ඔයාට හැමදාමත් ආදරය කරන මම, ට්‍රෙවෝ.

මම මා මෙලොවින පිටත් වීමට පැයකට පෙර පැමීට දෙන ලෙසටත් ඊට පෙර කුමන හේතුවකටවත් මෙය විවෘත නොකරන ලෙසත් දන්වා විලිස්ට මෙම ලිපිය දුන්නෙමි.

“යාළුවා තමුසේ නම් පුදුම මිනිහෙක්. තමුසේ තවමත් ඒ රොබෝවට ආදරෙයිද?” විල්ස් ලිපිය කියවූවාක් මෙන් මගෙන් ඇසීය.

“විල්ස් දන්නවනේ ප්‍රථම ප්‍රෙමය ගැන. අනිත් එක ආදරේ අන්ධයිලුනේ.....ඞ

“ආ ට්‍රෙවෝ තව එකක්....” යන්නට ගිය විල්ස් ආපසු හැරී ආවේය.

“අර ඔයා මට කිව්ව කෙල්ල කැතී, පණිවිඩයක් එවලා එයා ලබන සතියේ විවාහ වෙනවලු. යුරෝපා වල චිතු ශිල්පියෙක් එක්ක. ට්‍රෙවොටත් පුළුවන්නම් එන්න කියලා. උත්සවය ත්යෙන්නේ පෘථිවියේ තියෙන මනමාලයාගේ ගෙදරලු.” විල්ස් කට පාඩමින් කියාගෙන ගියේය.

“හ්ම්, ඒකත් එහෙමද? පව් අහිංසක කෙල්ල. අන්තිමේදී හරි ගියා. පුවවන්නම් පණිවිඩයක් යවනවා, මම මුළු හදින්ම සුභ පැතුවා කියලා මට එන්න වෙන්නේ නෑ කියලත් කියනවා.” විල්ස් යන්නට ගියේය.

ඉතින් ප්‍රිය මිත්‍රය, දැන් ඔබට වැටහී ඇති, පසුගිය දින කිහිපය තුළ සිදුවූ සියල්ලම පිළිබඳව. නමුත් මින් ඉදිරියට සිදුවන දේ පිළිබඳව නම් මට විස්තර දැන්වීමට නොහැකිය. ඒ මක්නිසාදැයි ඔබට වැටහෙනු ඇත. කෙසේ නමුත් මා හෙට සාර්ථක වුවහොත් මම පසුව ඔබට විස්තර දන්වා එවන්නෙමි. නමුත් මා අසාර්ථක වුවහොත්...... ඔබලා ඉදිරියෙහි ඇති වසර 400ක අනාගතයකට මම සුභ පතමි.

මීට, ට්‍රෙවෝ.

ඉහතින් දැක්වෙනුයේ “පරිණාමයේ  වේදනාව 2″ යන විද්‍යා ප්‍රබන්ධයේ පළමු කොටසයි. කොටස් දෙකක් වශයෙන් පළ කිරීමට සිදු වූයේ ඉඩකඩ සීමීත නිසාය..මෙම “පරිණාමයේ  වේදනාව 2″  විද්‍යා ප්‍රබන්ධය පැතුම් අසංක සොයුරාගේ “පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා” ග්‍රන්ථයෙන් උපුටාගෙන නැවත පළ කරන ලද මෘදු පිටපතකි. සියලු උපුටාගැනීම් ඔහුගේ අවසරය මත සිදු විය. දෙවන කොටස බලාපොරොත්තු වන්න.

By Pathum Asanka

Comments