මේ පදාර්ථ සියල්ලේ කුඩාම ඒකකය වන්නේ පරමාණුවයි. පරමාණුව යනු පරම-අණුව යන්න බිඳීමෙන් සෑදුනක්. එනම්, තවත් නොබිඳිය හැකි කුඩාම කොටස යන්නයි. ජෝන් ඩෝල්ටන් විසින් නම් කළ ඒ පරමාණුව තවත් කුඩා කොටස් බොහොමයකට බිඳිය හැකි බව අප දැන් හොඳින්ම දන්නා කරුණක්. ඒ නිසා අපි ඒ කොටස් පිළිබඳ අධ්‍යයනය කිරීම පරමාණුව අධ්‍යයනයට හොඳ ආරම්භයක්.

පරමාණුව ප්‍රධාන වශයෙන් කළාප දෙකකට බෙදිය හැකියි.



    1. න්‍යෂ්ඨිය (Nucleus)

    2. ඉලෙක්ට්‍රෝණ වලාව (Electron cloud)




න්‍යෂ්ඨිය යනු පරමාණුවේ මධ්‍යයේ ඇති, ඉතා කුඩා, එහෙත් අධික ඝණත්‍වයක් ඇති කොටසයි. මෙය ධන ආරෝපිත ප්‍රෝටෝන වලින් (Protons) සහ ආරෝපණයක් රහිත නියුට්‍රෝණ වලින් (Neutrons) සමන්විතයි. ඉලෙක්ට්‍රෝණ වලාව එහි නමින්ම හඳුන්වන පරිදි ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝණ වලින් (Electrons) යුක්තයි. ප්‍රෝටෝන සහ නියුට්‍රෝණ සමග සසඳන කළ, ඉලෙක්ට්‍රෝණයේ ස්කන්ධය ඉතා අල්පයි.

වගුව. 1. උපපරමාණුක අංශූන්ගේ තෝරාගත් ගුණ කිහිපයක්
































නමසාපේක්‍ෂ ආරෝපණයස්කන්ධය (kg)ස්කන්ධය (amu)ආරෝපණය (C)
ඉලෙක්ට්‍රෝණය (e)-19.1095 x 10-315.4 x 10-11.602x 10-19
ප්‍රෝටෝනය (p)+11.6725 x 10-271.001.602x 10-19
නියුට්‍රෝණය (n)01.6750 x 10-271.000




විවිධ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුවල සැකැස්ම විවිධයි. ඒවායේ ඇති ප්‍රෝටෝන ගණන සහ නියුට්‍රෝණ ගණන වෙනස්. ඒ පරමාණුවක සියල්ල ගැබ්ව ඇත්තේ එහි අඩංගු ප්‍රෝටෝන ගණන මත. ඒ නිසා පරමාණුවක් හඳුනාගැනීම එහි ඇති ප්‍රෝටෝන ප්‍රමාණයෙන් කළ හැකියි. පරමාණුවක ප්‍රෝටෝන ගණන සහ ඉලෙක්ට්‍රෝණ ගණන සමාන වූ විට එය පරමාණුවක් (atom) ලෙස හඳුන්වන අතර ආරෝපිත පරමාණු අයන (ion) ලෙස හඳුන්වයි. මූලද්‍රව්‍යයක් සංකේතාත්මකව දක්වන ආකාරය අනුව එහි අඩංගු උපපරමාණුක අංශු ගණන සහ ආරෝපණය මෙලෙස සංකේතවත් කළ හැකියි.

[caption id="attachment_229" align="aligncenter" width="348" caption="X මූලද්‍රව්‍යයක ගුණ සංකේතවත් කරන ආකාරය"]මූලද්‍රව්‍යයක ගුණ සංකේතවත් කරන ආකාරය[/caption]


මෙහිදී X වලින් දක්වා ඇත්තේ මූලද්‍රව්‍යයේ සංකේතයයි. පරමාණුක ක්‍රමාංකය (Z) වන්නේ එම මූලද්‍රව්‍යයේ අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවයි. ස්කන්ධ ක්‍රමාංකය (A) යනු එහි ප්‍රෝටෝන සහ නියුට්‍රෝණ සංඛ්‍යාවේ එකතුවයි. මෙය ඉලෙක්ට්‍රෝණ සංඛ්‍යාවට සමානවන විට එහි ආරෝපණයක් (C) නොමැත (Neutral). සාමාන්‍යයෙන් පරමාණුවක් ආරෝපණය වනුයේ එයට ඉලෙක්ට්‍රෝණ එක්කළ විට (ඍණ ආරෝපණය) හෝ එයින් ඉලෙක්ට්‍රෝණ ඉවත් කළ විට (ධන ආරෝපණය) පමණි. සාමාන්‍ය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍යයන්ට ආරෝපණයක් නොමැත.




[caption id="attachment_230" align="aligncenter" width="98" caption="සෝඩියම්(Na) සංකේතවත් කිරීම"]සෝඩියම්(Na) සංකේතවත් කිරීම[/caption]



මෙහි දක්වා ඇත්තේ සෝඩියම් මූලද්‍රව්‍යය සංකේතවත් කරන ආකාරයයි. සෝඩියම් වල ප්‍රෝටෝන 11 ක් ඇති අතර නියුට්‍රෝණ 12ක් ඇත. එහි එකතුව 23ක් ලෙස ස්කන්ධ ක්‍රමාංකයේ සටහන් වේ. සාමාන්‍යයෙන් යම් පරමාණුවක හෝ අණුවක ආරෝපණයක් නැති නම් ඒ බව දක්වන්නේ නැහැ.  ඒ නිසා ආරෝපණය වෙනුවෙන් වෙන්කළ ස්ථානය හිස්ව තැබේ.

මේ සංකේතයේ ඔබට පෙනෙනවා ඇති ප්‍රෝටෝන ගණන සහ නියුට්‍රෝණ ගණන සමාන නැති බව. එය එසේ විය හැකියි. ප්‍රෝටෝන ගණන සහ නියුට්‍රෝණ ගණන සමාන විය යුතුයැයි කියා නීතියක් නැහැ. එකම ප්‍රෝටෝන සංඛ්‍යාව සහිත සමහර මූලද්‍රව්‍යවල සමහර පරමාණු විවිධ නියුට්‍රෝණ සංඛ්‍යා සහිත වෙනවා. ඒවා සමස්ථානික (Isotopes) ලෙස හඳුන්වයි.

උදාහරණ ලෙස හයිඩ්‍රජන් හි සමස්ථානික වන හයිඩ්‍රජන්, ඩියුටීරියම්, සහ ට්‍රිටියම් දැක්විය හැක.



[caption id="attachment_231" align="aligncenter" width="267" caption="හයිඩ්‍රජන්(H) වල සමස්ථානික වර්ග ත්‍රිත්වය"]හයිඩ්‍රජන්(H) වල සමස්ථානික වර්ග ත්‍රිත්වය[/caption]


මේ සමස්ථානික තුනෙහිම අඩංගු වන්නේ එකම මූලද්‍රව්‍යයක් වන හයිඩ්‍රජන්ය. නමුත් ඒවායෙහි නියුට්‍රෝණ සංඛ්‍යාව (0, 1, 2 වශයෙන්) එකිනෙකට වෙනස් වේ. මේ නිසාම ඒවායෙහි ගුණාංග ද වෙනස්ය. සමස්ථානික වලින් වැඩිවශයෙන් අවධානය යොමුකරන්නේ රසායනික ගුණාංගවල සමානකම් සහ වෙනස්කම් පිළිබඳවයි. උදාහරණයක් ලෙස කාබන් හි සමස්ථානික වන

[caption id="attachment_232" align="aligncenter" width="319" caption="කාබන්(C) වල සමස්ථානික"]කාබන්(C) වල සමස්ථානික[/caption]

යන සමස්ථානික විවිධ කටයුතු සඳහා යොදාගැනේ. සාමාන්‍ය කාබන් අඩංගු වන ග්‍රැෆයිට්, දියමන්ති, සත්ත්ව සහ ශාක වල ඉතා සුළු ප්‍රමාණ වලින් අන් සමස්ථානික ද අඩංගු වී තිබේ. මේ අනුව විකිරණශීලී කාබන් භාවිතයෙන් ෆොසිල, නටබුන්, වැනි පෞරාණික දෑ වල වයස නිර්ණය කිරීමේ (Carbon Dating) ලැබී තිබේ. විවිධ සංයෝගවල ව්‍යුහයන් නිර්ණය කිරීමේ ක්‍රමවේදයක් වන NMR (Nuclear Magnetic Resonance) නම් ක්‍රමයේ එම සංයෝග දියකරනුයේ හයිඩ්‍රජන් වෙනුවට ඩියුටීරියම් සමස්ථානිකය ආදේශකළ විවිධ ද්‍රාවණ වලයි. (CDCl3, C6D6, D2O) එවිට එම රසායන ද්‍රව්‍ය වල හයිඩ්‍රජන් (ප්‍රෝටෝන) න්‍යෂ්ඨීන්ගේ පිහිටීම අනුව අදාල සංයෝගයේ ව්‍යුහය තීරණය කළ හැක. එසේම 13C කාබන් සමස්ථානිකය සාමාන්‍ය ද්‍රව්‍ය වල 10% ක් පමණ අඩංගු වන නිසා 13C NMR ක්‍රමවේදය භාවිතයෙන් එම සංයෝගවල ව්‍යුහය නිර්ණය කිරීම තවත් පහසු කරගැනීමට කාබන් න්‍යෂ්ඨිවල පිහිටීම භාවිතයෙන් කරනු ලබනවා෴

By Dr. Piyal Ariyannada

About the Author

Ali Bajwa
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Facebook dolor quam, pretium eu placerat eu, semper et nunc. Nullam ut turpis dictum, luctus mi quis, luctus lorem. Nullam porttitor consectetur nunc in tempor!

Related Posts

0 = ප්‍රතිචාර ගණන

Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.