SI ක්‍රමයේ ගුණාකාර සහ උපගුණාකාර


අන්තර්ජාතික ඒකක ක්‍රමය පිළිබඳව අපි පෙර ඉගෙන ගත්තෙමු. ඒකකයක් භාවිතයට සුදුසු වන්නේ මිනුමක විශාලත්වය දැකවීමට පහසු නම් පමණි. එනම් අඩු ඉලක්කම් ගණනකින් ඉතා නිවැරදි අගයක් ලබා ගත හැකි විය යුතුයි. උදාහරණයක් විදියට අපට තත්පර වලින් අපේ වයස කීමට අපහසුයි. එනම් යම් කිසි භෞතික රාශීයක විශාලත්වය අනුව සුදුසු අන්තර්ජාතික ඒකකය භාවිතා කළ යුතුයි. එවිට අපිට පැහැදිලි මිනුමක් ලබා ගැනීමට හැකියාව තිබේ. කොළඹ සිට යාපනයට දුර කිලෝමීටර 304.33 කි. නමුත් සම්මත අන්තර්ජාතික ඒකකය වන මීටර වලින් නම් 304330 කි. එවැනි අවස්ථාවකදී සුදුසු වන්නේ කිලෝමීටර වේ. ඉතින් මෙවැනි අවස්ථාවන් සඳහා ගුණාකාර සහ උපගුණාකාර (Prefixes) හඳුන්වා දී තිබේ. ඒවා අතර පැහැදිලි සංඛ්‍යාත්මක සම්බන්ධතාවයක්ද තිබෙන බැවින් එදිනෙදා භාවිතයට පහසු වේ.




















































































































සංකේතයඋපසර්ගයගුණනය
Yyotta10 24
Zzetta10 21
Eexa1018
Ppeta10 15
Ttera10 12
Ggiga10 9
Mmega10 6
kkilo10 3
hhecto10 2
dadeka10 1
10 0
ddeci10 -1
ccenti10 -2
mmilli10 -3
μmicro10 -6
nnano10 -9
ppico10 -12
ffemto10 -15
aatto10 -18
zzepto10 -21
yyocto10 -24

ඉහත පරිදි ගුණාකාර වල අගය 0ට වැඩි වන අතර උපගුණාකාර වල අගය 0ට අඩුවේ. තවද මෙම ගුණාකාර සහ උපගුණාකාර සියල්ල 10හි බල වලින් ප්‍රකාශ කර ඇති නිසා ඒකක පරිවර්තනයට පහසු වේ. සියලු ගුණාකාර සහ උගගුණාකාර සම්මත ඒකකයට ඉදිරියෙන් ලියනු ලැබේ. උදාහරණයක් නම් "centi" උපගුණාකාරය"meter" සඳහා යෙදීමේදී "centimeter" ලෙස ලියනු ලැබේ.

මෙම ගුණාකාර සහ උපගුණාකාර පොදුවේ උපසර්ග(Prefixes) ලෙස හඳුන්වන අතර ඒවා සංකේතයෙන් දැක්වීමේදී කැපිටල්, සිම්පල් භේදය අනුගමන කළ යුතුයි.


By Shiroshan Randika



Comments