[caption id="attachment_398" align="aligncenter" width="290" caption="හොඳම සමූහ බ්ලොග් අඩවියට හිමි සම්මානය"]

කොළඹ රාජකීය විද්‍යාලීය සාහිත්‍ය ඒකකය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පූර්ණ අනුග්‍රහය ඇතිව පැවැත්වූ 2010 සිංහල බ්ලොග්කරණ තරගාවලියෙහි සම්මාන ප්‍රදානෝත්සවය වන "අසෙනිය කුසුම" පසුගිය නොවැම්බර් 29වන දින සිදු කෙරිණී. එහිදී හොදම සමූහ බ්ලොග් අඩවියට හිමි සම්මානය විද්‍යාව.com වෙත ලැබුණු බව පවසන්නේ හඳ පිරි සතුටිනි. එය විද්‍යාව.com කණ්ඩායමට මෙතෙක් ලැබුණු හොදම දිරිගැන්වීමයි. ඒ පිළිබඳව මෙම තරගාවලිය සංවිධානය කළ සභාපති ඇතුළු රාජකීය විද්‍යාලීය සාහිත්‍ය ඒකකයට අපේ අවංක ස්තූතිය පුද කර සිටිනවා. ඒ වගේම මෙතෙක් විද්‍යාව.com වෙත දායකත්වය සැපයූ සියලු දෙනාටත් තුති පුද කර සිටිනවා. විශේෂයෙන් සක්‍රීය දායකත්වයක් සැපයූ පියල් ආරියනන්ද, විද්‍යා ප්‍රබන්ධ සැපයූ පැතුම් අසංක, දේදුනු ධනන්ජය, සචිත් පෙරේරා, විශ්ව රංගනාත් යන අයත් විද්‍යා කාටූන් නිර්මාණ සැපයූ සියලු දෙනාවත් මේ අවස්ථාවේදී ගෞරවයෙන් මතක් කර සිටිනවා. ඒ වගේම Vidyawa.com වෙත අනුග්‍රහය දක්වමින් සියලු වෙබ් සේවාවන් නොමිලේ සැපයීම පිළිබඳව eWebCities ආයතනයේ නිරුත්, ශක්ති ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපේ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම මෙම බ්ලොග් අඩවිය අරඹා තවම මාස අටක් පමණක් ගත වී ඇතත් එම කෙටි කාලය තුල නිතර මෙහි පැමිණී පාඨක පිරිසටත් නන් අයුරින් සහයෝගය දැක්වූ සැමටත් ස්තූතිය පුද කරනවා! ඒ සියලු දෙනාගෙන් ඉදිරියටත් අප හා රැඳෙන මෙන් ඉල්ලා සිටිමු. එසේම අනාගතයේදී මෙම අඩවිය වඩා නැවුම් ආකාරයෙන් ඉදිරිපත් කිරීමට අපි සෑම උත්සහයක්ම දරන්නෙමු . ස්තූතියි෴
Comments
Post a Comment
Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.