දිග යනු එදිනෙදා ජීවිතයේදී බහුලවම භාවිතා කරන භෞතික රාශීයක්. දිග සඳහා අවස්ථානුකූලව දිග, පළල දුර හා උස යන යෙදුම් භාවිතා කරයි. දිග පරාසය ගණිතමය වශයෙන් අනන්ත පරාසයක් තුල විහිදෙයි. නමුත් දැනට මිනිස් ගෝචර දිග පරාසය සීමිතයි. එනම් පරමණුවක න්‍යෂ්ටියේ අරය වන මීටර 10-15 සිට විශ්වයේ දන්නා වස්තු අතරින් ඈතම වස්තුවට දුර වන මීටර 1028 දක්වාය. මෙම අති විශාල ප්‍රාන්තරය තුල ඇති විවිධ වස්තූන්ගේ දිගවල් මැනීමට විවිධ මිනුම් උපකරණ මෙන්ම ශිල්පීය ක්‍රම භාවිතා කරයි. කෙසේ වුවත් එදිනෙදා ජීවිතයේදී අපට බහුලවම අවශ්‍ය වන්නේ කුඩා දිග ප්‍රාන්තර මැනීමටයි.
[caption id="attachment_333" align="aligncenter" width="500" caption="මීටර කෝදුවක කොටසක්"]

ඒ අනුව දිග මැනීමේ අන්තර්ජාතික ඒකකය වන මීටරය භාවිතා කර මීටර කෝදුව නිමවා තිබේ. මෙය බහුලවම යොදාගන්නා දිග මැනීමේ උපකරණයකි. මීටර කෝදුව ප්‍රමිතියට අනුව හරියටම මීටරයක් දිග විය යුතුයි. තවද ප්‍රමාණවත් ඝනකමකින් යුතු ලීයකින්(බොහෝ විට ලී) නිමවා තිබිය යුතුය. මීටර කෝදුව සම්මතයට අනුව සෙන්ටිමීටර 100කට බෙදා ලකුණු කර ඇති අතර තව දුරටත් සෙන්ටිමීටරය දහයකට බෙදා ඇත. ඒ අනුව මීටර කෝදුවෙහි කුඩාම මිනුම මිලිමීටරය වේ.
මීටර කෝදුවක් සාමාන්‍ය අඩි කෝදුවක් හා සැසඳීමේදී වෙනස්කම් කිහිපයක් ඇත. සාමාන්‍යයෙන් අඩි කෝදුවක් භාවිතා කරනුයේ සුමට පෘෂ්ඨ මතයි. උදාහරණයක් ලෙස පොතක් මත යම් කිසි මිනුමක් ගැනීමට යොදා ගැනීම ගත හැක. මෙම අඩි කෝදු වල පහත රූපයේ දැක්වෙන ආකාරයට දෙපස ක්‍රමයෙන් සිහින් කර තිබේ.
[caption id="attachment_332" align="aligncenter" width="360" caption="අඩි කෝදුවක දෙපස ආනතියක් ඇති කර තිබීම"]

එසේ සිහින් කර ඇත්තේ අඳාළ පාඨාංකය ගැනීමේ පහසුවටයි. එවිට ඕනෑම ආනතියකින් මිනුම දෙස බැලුවත් ඉතා නිවැරදි පාඨාංකයක් ලබා ගත හැක. එසේම මෙම අඩි කෝදු බොහෝ විට විනිවිද මාධ්‍යයකින් සාදන නිසාද ඉතා නිවැරදිව පාඨාංක ලබා ගත හැක.
[caption id="attachment_338" align="aligncenter" width="300" caption="මීටර කෝදුව දෙස ලම්බකව බැලූ විට"]

නමුත් මීටර කෝදුවක එසේ නොවේ. එයට සාපේක්ෂව ලොකු ඝනකමක් ඇත. දෙපස සිහින් නැත. ඒකාකාරීය. මිනුමක් ලබා ගැනීමේදී අඳාළ පාඨාංක ලකුණ කෙරෙහි කෙලින්ම එනම් ලම්බකව ඇස තබා බැලිය යුතුයි. එසේ නොකළහොත් ලබාගන්නා පාඨාංක දෝෂයක් ඇති විය හැක. මක්නිසාදයත් කෝදුවේ පාඨාංකය, නිවැරදි මිනුම මත සමපාත නොවන නිසාය. එවැනි දෝෂ "අසම්පාත දෝෂ" ලෙස හැඳින්වේ.
තවද මීටර කෝදුවේ සෙන්ටිමීටර "0" අගය හරියටම කෙළවරින් ආරම්භ වන අතර සෙන්ටිමීටර "100" අගය හරියටම අනෙක් අන්තයෙහි වේ. එසේ කර ඇත්තේ මීටරය එක දිගට පියවරෙන් පියවර තබා දිගු මිනුමක් මැනීම සඳහායි. නමුත් අඩි කෝදුවක "0" අගය කෙළවරින්ම ආරම්භ නොවේ. ඒ අඩි කෝදුව මීටර කෝදුව සේ පියවරෙන් පියවර තබා මනින අවස්ථා ඉතා අඩු නිසායි. අනෙක් අතට අඩි කෝදුවේ කෙළවරවල් ගෙවීමකට ලක් වීම යන අවාසියද මෙමගින් මඟ හැරේ.
දිග මැනීමේ ප්‍රාථමික මට්ටමේ උපකරණයක් වන කෝදුව පිළිබඳව මේ ලිපියෙන් අපි විමසා බැලුවෙමු. මීළඟ ලිපියෙන් තවත් උපකරණ හා ශිල්පීය ක්‍රම පිළිබඳ විමසා බලමු.
By Shiroshan Randika
About the Author

Related Posts
Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.
Popular Posts
-
භෞතික විද්‍යාවේදී සාපේක්ෂ චලිතය හා සම්බන්ධ සිද්ධාන්ත මෙහිදී අපි අධ්‍යයනය කරමු. භෞතික වස්තූන්ගේ අවකාශය මෙහිදී ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙද...
-
මාන විශ්ලේෂණය (dimensional analysis) යනු විද්‍යාවේදී බහුලව ප්‍රයෝජනයට ගැනෙන එක්තරා ගණිතමය ක්‍රමවේදයක්. විශේෂයෙන් සමීකරණ ගොඩනෑගීමට බෙහෙවින් උ...
-
සාමාන්‍ය භාවිතයන් වලදී මෙන් නොව පරීක්ෂණ වලදී ලබා ගත යුතු පාඨාංක හැකිතාත් නිවැරදි විය යුතුය. සාමාන්‍ය අඩි කෝදුවක ඇති පරිමාණයේ රේඛා දෙකක් අතර ...
-
ජේ. ජේ. තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය - ක්‍රි.ව.1904 පරමාණුව පිළිබඳ පැහැදිලි ආකෘතියක් මුලින්ම ඉදිරිපත් කළේ 1904 දි ජේ. ජේ. තොම්සන් විසින්. ...
-
ලෝහ කැටායන මිශ්‍රණයක් දී ඇති විට එම එක් එක් කැටායනය හඳුනා ගන්නා ආකාරය අපි මෙහිදී සලකා බලමු. මේ සඳහා s, p හා d ගොනු වලට අයත් ලෝහ කැටායන අඩං...
-
කලින් ලිපියේ අපි මූලික ඒකක යොදාගෙන ව්‍යුත්පන්න භෞතික රාශීන් සඳහා ඒකක ලිව්වා. ඒ අනුව බලය නැමැති රාශියෙ හි ඒකකය විදියට අපට kgms -2 යන පිළිතු...
-
රදර්ෆඩ් ඉදිරිපත් කළ මූලික පරමාණුක ආකෘතිය වන දැඩි ලෙස ධනාරෝපිත න්‍යෂ්ටිය වටා ඇති ලිහිල්ව ඇසිරුණ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝණ වලින් සමන්විත පරමාණුක ආක...
-
සිංහල බසින් නම් චන්ද්‍රිකාව යනු පරිවාර ග්‍රහයා යන අර්ථයයි. නමුත් ඒ ස්වාභාවික චන්ද්‍රිකා වේ. මීට අවුරුදු ගණනකට පෙර කෘත්‍රිම චන්ද්‍රිකා කරළි...
-
දිග යනු එදිනෙදා ජීවිතයේදී බහුලවම භාවිතා කරන භෞතික රාශීයක්. දිග සඳහා අවස්ථානුකූලව දිග, පළල දුර හා උස යන යෙදුම් භාවිතා කරයි. දිග පරාසය ගණිතම...
-
මේ පදාර්ථ සියල්ලේ කුඩාම ඒකකය වන්නේ පරමාණුවයි. පරමාණුව යනු පරම-අණුව යන්න බිඳීමෙන් සෑදුනක්. එනම්, තවත් නොබිඳිය හැකි කුඩාම කොටස යන්නයි. ජෝන් ඩෝ...
0 = ප්‍රතිචාර ගණන