භෞතික විද්‍යාවේදී දෝෂ ලෙස හැඳින්වෙන්නේ ලබාගන්නා මිනුම් හෝ පාඨාංක වල අවිනිශ්චිතබාවයයි. එම අවිනිශ්චිතබාවය ඇති වන්නේ මිනුම් ලබා ගන්නා පුද්ගලයාගේ හෝ උපකරණයේ හෝ වස්තුවේ වැරැද්දක් නිසා නොවේ.
උදාහරණයක් ලෙස මීටර කෝදුවෙන් යම් වස්තුවක දිග මැනීමේදී වස්තුවේ අවසාන ලක්‍ෂ්‍යය මිලිමීටර ලකුණු දෙකක් තිබිය හැක. එවිට ආසන්නතම මිලිමීටර ලකුණ සලකා අපි පාඨාංක ගන්නෙමු. නමුත් මෙය 100%ක්ම නිවැරදි නොවේ. මෙවැන්නක් දෝෂයක් ලෙස හැඳින්විය හැක.
ඉතින් මෙම දෝෂ භෞතික විද්‍යාවේදී කොටස් දෙකකට වර්ග කෙරේ. එනම් පහත පරිදි වේ.
- ඒකාංග දෝෂ (Systematic Errors)
- සසම්භාවී දෝෂ (Random Errors)
ඒකාංග දෝෂ
කිසියම් නිශ්චිත හේතුවක් නිසා ඇති වන දෝෂ ඒකාංග දෝෂ (Random Errors) ලෙස හඳුන්වයි. මේවා අවම කරගැනීමට හෝ ශෝධනය කිරීමට හැකි වේ.
උදාහරණයක් ලෙස අපි තාපය සම්බන්ධ පරික්ෂණයකදී උෂ්ණත්වය මැනිය යුතු යැයි සිතමු. එවැනි අවස්ථාවකදී තාප පරිවාරක යොදා උෂ්ණත්වය අපතේ යෑම අවම කර ගත හැක.
[caption id="attachment_383" align="aligncenter" width="300" caption="තාප පරිවාරකයකින් ආවරණය කළ බඳුනක් සහ නිරාවරණය කළ බඳුනක්"]

ඒ වගේම මීටර කෝදුවක් '0' කෙළවර යම් හෙයකින් ගෙවී ගොස් තිබුණොත් අපි ඊළඟ ලකුණේ සිට මනිනු ලබයි. පසුව ලබාගත් පාඨාංක වලට ගෙවී ගිය ප්‍රමාණය ගණනය කර එකතු කරනු ලැබේ. එවිට පෙර කී දෝෂය ශෝධනය(ඉවත් වී) යයි. මෙසේම ව'නියර් කැලිපර, ඉස්කුරුප්පු ආමාන යන උපකරණ වල හනු හෝ වෙනත් කොටස් ගෙවී ගොස් ඇත්නම් එම දෝෂය ගණනය කර ලබාගත් පාඨාංක වලට එකතු කිරීම හෝ අඩු කිරීම සිදු කෙරේ. මෙම දෝෂ මූලාංක දෝෂ (zero error) ලෙසද හඳුනවනු ලැබේ.
[caption id="attachment_384" align="aligncenter" width="330" caption="ව'නියර් කැලිපරයේ මෙම හනු ගෙවී යාමේන් මූලාංක දෝෂයක් ඇති විය හැක"]

සසම්භාවී දෝෂ
සසම්භාවි දෝෂ (Random Errors) ශෝධනය කිරීමේ හැකියාවක් නොමැත. නමුත් යම් තාක් දුරට අවම කර ගත හැක. උදාහරණයක් ලෙස කම්බියක විෂ්කම්භය මැනීමේදී ස්ථාන කිහිපයකින් මනිනු ලැබේ. මක්නිසාදයත් කම්බියේ විෂ්කම්භය සෑම ස්ථානයකදීම ඒකාකාරී නොවන නිසාය. ඉතින් මෙම දෝෂ සසම්භාවි දෝෂ ලෙස හැඳිනවේ. මෙවන් අවස්ථාවකදී ස්ථාන කිහිපයකින් මිනුම් කිහිපයක් ගෙන මධ්‍යනන්‍ය අගය ගැනීමේ මෙම දෝෂය අවම කර ගත හැක.
මෙවරනි අවස්ථා වල දෝෂය ප්‍රමාණාත්මකව ගණනය කිරීම භාගික දෝෂය (fractional error) හා ප්‍රතිශත දෝෂය (percentage error) ලෙස රාශි 2ක් අර්ථ දැක්වේ. එ්වා පහත දැක්වෙන පරිදි ගණනය කළ හැක.
භාගික දෝෂය = උපරිම දෝෂය / ලබාගත් මිනුම
ප්‍රතිශත දෝෂය =උපරිම දෝෂය / ලබාගත් මිනුම X 100
මෙහි උපරිම දෝෂය යනු කුඩාම මිනුමයි. උදාහණයක් ලෙස මීටර කෝදුවේ කුඩාම මිනුම මිලිමීටර 1 ලෙස ගත හැක. භාගික දෝෂය මඟින් ඕනෑම මිනුමක දෝෂය ප්‍රමාණාත්මකව ගණනය කළ හැක. ප්‍රතිශත දෝෂය මඟින් කිසියම් මිනුමක දෝෂය සංඛ්‍යාත්මකව ගණනය කළ හැක. ඒ වගේම හොඳ තත්වයේ මිනුමක් නම් එහි ප්‍රතිශත දෝෂය 1%ක් හෝ ඊට වඩා කුඩා විය යුතුයි. ප්‍රතිශත දෝෂය 1%ට වැඩි නම් එම උපකරණය එවැනි මිනුම් ලබා ගැනීමට සුදුසු නොවේ.
By Shiroshan Randika
Comments
Post a Comment
Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.