භෞතික විද්‍යාවේදී සාපේක්ෂ චලිතය හා සම්බන්ධ සිද්ධාන්ත මෙහිදී අපි අධ්‍යයනය කරමු. භෞතික වස්තූන්ගේ අවකාශය මෙහිදී ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කර තිබේ. එනම් වස්තුවක භෞතික අවකාශය හා විස්තෘත අවකාශය යනුවෙනි. වස්තුවක භෞතික අවකාශය යනු එම වස්තුවේ ස්පර්ශ කළ හැකි ප්‍රදේශයයි. වස්තුවක විස්තෘත අවකාශය යනු එහි භෞතික අවකාශය හැර ඉතුරු සියලුම අවකාශයයි.
සමුද්දේශ රාමුව
සාපේක්ෂ චලිතය තේරුම්ගැනීමට වස්තුවක සමුද්දේශ රාමුව වැදගත් වේ. වස්තුවක භෞතික අවකාශයත් විස්තෘත අවකාශයත් භෞතික අවකාශය මත අචලව ඇති නිරීක්ෂකයාද නිරීක්ෂකයාගේ ඇසෙහි අර්ථ දක්වන ලද ත්‍රිමාන අක්ෂ පද්ධතියක් යන සියල්ලටම වස්තුවක සමුද්දේශ රාමුව යැයි කියනු ලැබේ.
[caption id="attachment_557" align="aligncenter" width="250" caption="සමුද්දේශ රාමුව"]

මෙහිදී නිරීක්ෂකයාගේ ඇස මඟින් ත්‍රිමාන අවකාශයේ කාලයට අනුරූපව වස්තූන්ගේ චලිතය නිරීක්ෂණය වේ. ඉහත රූප සටහනට අනුව A වස්තුව මත සිටින නිරීක්ෂකයා ඇස (O) B වස්තුවේ P නම් ලක්ෂ්‍යයක් නිරීක්ෂණය කරයි. කාලයත් සමඟ A හා B වස්තු OP පිහිටුම් දෛශිකය(විස්ථාපනය) වෙනස් වීම මඟින් නිරීක්ෂකයා B චලිත වන බව අවබෝධ කර ගනී. එනම් OP යනු A හි සමුද්දේශ රාමුවට සාපේක්ෂව B හි පිහිටුම් දෛශිකය වේ. නමුත් නිරික්ෂකයා A සමුද්දේශ රාමුව තුල සිටින බැවින් A වස්තුවේ චලිතය නොපෙනේ. නිරික්ෂකයා සිටින සමුද්දේශ රාමුවේ වස්තූන් නිශ්චල බව පෙනේ. එනම් සියලුම චලිත එම චලිත නිරීක්ෂණය කරනු ලබන්නාට සාපේක්ෂ වේ. එක් එක් නිරීක්ෂකයාට අනුව චලිතය නිරීක්ෂනය වන ආකාරය වෙනස් වේ.
මෙසේ කාලය සමඟ OP පිහිටුම් දෛශිකයේ (සාපේක්ෂ විස්ථාපනය) වෙනස්වීම එම වෙනස්වීමට ගත වූ කාලයෙන් බෙදීමෙන් ඒකක කාලයකදී සාපේක්ෂ විස්ථාපන වෙනස් වීම හෙවත් මධ්‍යක සාපේක්ෂ ප්‍රවේගය ලැබේ. නැවත සාපේක්ෂ ප්‍රවේග වෙනස්වීම එම වෙනසට ගතවූ කාලයෙන් බෙදීමෙන් ඒකක කාලයකදී ප්‍රවේග වෙනස්වීම හෙවත් මධ්‍යක සාපේක්ෂ ත්වරණය ලැබේ.
මෙසේ සාපේක්ෂ විස්ථාපන මූලධර්මය ආධාරයෙන් වස්තු දෙකක චලිතයන් සමුද්දේශ රාමු 3ක් හා සම්බන්ධ කර පහත පරිදි දැක්විය හැක.
ලිව්වේ ශිරෝෂන් රන්දික
Patta Site eka Ayye... Ayye Meke Photo Penne Naha... :( Godak Lipi wala Photo Penne Naha. :( Eka Harigassanna.
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට සහෝදරයා. මේ වෙබ් අඩවිය වර්ඩ්ප්‍රෙස් ඉදලා බ්ලොගර් සේවාවට මාරුවීමේදී පරණ ලිපි සියල්ලේ පිංතූරවල ලින්ක් වෙනස් වුණා. ඒකයි මේ. උත්සහ කරන්නම් ඒක හදන්න. කොහොම වුණත් 2014 වසරේ ඉදලා පළවෙන ලිපි සියල්ලට මෙම දෝෂය මින් ඉදිරියට බලපාන්නේ නෑ.
Delete