"ජනාධිපතිතුමනි මම දන්නවා ඔබතුමා ඉන්නේ කණගාටුවෙන් කියලා. නමුත් මහාචාර්ය X ට ඔබව හමුවෙන්න අවශ්‍යයිලු. මම මෙහාට එවන්නද?" ඇමරිකානු ජනාධිපති වරයාගේ පෞද්ගලික ලේකම්වරයා විමසුවේය.
සිය එකම පුතුගේ හදිසි වියෝවෙන් අතිශය ශෝකීව වෙසෙන මේ ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කළේය.
"ජනාධිපතිතුමනි, මේක ඇත්ත වශයෙන්ම කණගාටුදායක අවස්ථාවක් මේ පෘථිවි තලයේ සිදුවූ තවත් එක් මරණයක්. පෙම්වතියගේ වෙන්වීමෙන් ඇති වූ ප්‍රිය විප්පයෝගයේ තවත් ප්‍රතිඵලයක්." ඔහු කීවේය.
ජනාධිපතිවරයා ඉවත බලාගෙන සිටියේය.
"ඇත්තෙන්ම ජනාධිපතිතුමනි, දැන් ඔබතුමාට වැටහෙනවානේ මේ ලෝකේ ජීවත් වෙන එක දුකක් කියලා. ඉතින් ඇයි අපි තවත් බලාගෙන ඉන්නේ. මම අවස්ථාවාදිව කතා කරනවා නෙවෙයි. ඔබතුමාට සත්‍ය වටහලා දෙන්න උත්සහ කරනවා. ඔබතුමා තේරුම් ගන්න. අපි මේ ගෙවන්නේ අප්‍රමාණ දුකක්."
"ඔබ හරි මට මේ දුක දරාගන්න බැහැ. ඔබ ඔය කියන විනාශය නිසා අපේ දුක් නැති වෙනවා කියලා ඔබ උපකල්පනය කරනවා විතරනේ. ඒක සත්යමයි කියලා ඔබ කියන්නේ නැහැ නේද?"
"මේකයි ජනාධිපතිතුමනි, මම කියන්නේ පෘථිවිය විනාශ වුනොත් විශ්වයේ වෙන තැනක ජීවය ඇති වීමේ හැකියාවක් නැහැ කියලයි. ඒක විද්‍යාත්මකව ඔප්පු වෙලා ඉවරයිනේ. අන්න ඒකයි මම කියන්නේ. අපි විනාශ වෙමු කියලා."
"ප්‍රොෆෙසර්, මම ක්‍රිස්තියානි ආගම අදහනවා. ඒකට ගරු කරනවා. ඔබ දන්නවා ඇතිනේ අපේ ප්‍රධාන පරමාර්ථය දෙවියන් වහන්සේ වෙත යාම. බෞද්ධ දර්ශනේ අනුවනම් නිර්වාණය. නමුත් ඔය දෙකින් එකක්වත් විනාශෙන් වෙන්නේ නැහැනේ"
"ඒක ඔප්පු කරන එක මටවත් කරන්න බැහැ කියලා මම පිළිගන්නවා. නමුත් මම බලාපොරොත්තු වෙනවා මේ විනාශය නිසා අපේ මේ තියෙන ඒකාකාරී වූ දුක්වලින් මිදෙන්න පුවවන් වෙයි කියලා."
"හොදයි එහෙම නොවුනොත්?"
"එහෙම නොවෙයි කියලා හිතන්න අමාරුයි. මොකද ක්‍රිස්තියානි ආගමේ කියන විදියට දෙවියන් වහන්සේ වෙත යාමත් බුදු දහමේ එන දිව්‍යලෝක, බ්‍රහ්මලෝක, ප්‍රේතලෝක වගේ ලෝකවලට යාමත් ඒ ඒ පුද්ගලයා කරපු හොඳ නරක අනුවනේ රඳා පවතින්නේ. ඉතින් ඔබ කවදා හරි ඔබ මැරුණහම ඔබ කරලා තියෙන හොඳ නරක අනුව ඔබවත්, මම කරලා තියෙන හොඳ නරක අනුව මාවත් ඒ ඒ තැන්වල උපදීවි. ඔය දේනේ අපේ ආගම්වල කියලා තියෙන්නේ. මම හදන්නේ ඒ කටයුත්ත ඉක්මන් කරන්න. මොකද අපිට කවදා හරි ඒ දේ අත්විදින්න සිද්ද වෙනවා නම් ඒක ඉක්මනින්ම ලබාගත්තහම මොකද වෙන්නේ කියලයි. මම අහන්නේ?"
"ඒ කතාව ඇත්ත තමයි. නමුත් ඉතින්, මේ විශ්වයේ අපි නොදන්න තව ලෝකයක මේ වගේ ආත්මයක්ම ලබාගෙන අපි උපන්නොත්......."
"ඒත් ප්‍රශ්නයක් නෑ. අපි මේ පෘථිවිය කියල ලෝකය තුළ මෙච්චර කාලයක් ජීවත් වුණානම් ඇයි අපිට ඒ ලෝකෙකදී එහෙම ඉන්න බැරි. අපේ මේ සංසාර ගමනේ තවත් එක් නැවතුමක් විතරක් වේවි ඒක.
"ජනධිපතිවරයා හිස සැලීය. "මම එකඟයි." ඔහු කිවේය.
සෑහෙන කාලයක් තිස්සේ ලොව ප්‍රබලම රට ලෙස පැවති මේ මොහොත දක්වාම එසේ පැවතියා වූ ඇමරිකාව නම් රටේ බලවත්ම පුද්ගලයා ද, අවසානයේ ඒ මානුෂිකද අමානුෂිකද යැයි හරිහැටි නොදත් විනාශයට එකඟ විය. ඔහුගේ අණ ක්‍රියාත්මක විය. තමනුත් විනාශයට පත්වන අතිවිශාල පරමාණු බෝම්බ මිනිසුන් අතින් නිපදවිණි.
මුලදී වවිධ රටවලින් මේ සඳහා බලපෑම් එල්ල වූවත්, ඇමරිකානු නායකයා තම හැඟීම් වලට වහල්වී කටයුතු කරනවායැයි තර්ජනය කළත් මහාචාර්ය Xගේ දේශනා වලට සවන් දුන් රාජ්‍යනායකයෝ අවසානයේදී මෙයට එකඟ වූහ.
"ලියනාඩෝ මේ අහපන්. දැන් මේ මුළු ලෝකයම ආයිත් කවදාවත් ජීවයක් ඇති නොවන ආකාරයට විනාශ කරන එක උඹට තියා උඹලගේ පැත්තට කතා කරන කාටවත් නතර කරන්න බැහැ. ඒක නිසා අපි දෙන්නගේ මේ අවරුදු 20 ක යාළුකම අපි දෙන්නා වෙන්වෙන මොහොතෙත් තියාගමු. මේ මුළු ලෝකයම දැන් සියළු තරහ මරහ අමතක කරලා සන්තෝසෙන් ඉන්න වෙලාවේ ඇයි උඹයි මායි වෙන්වෙලා. ප්ලීස් යාළුවා අපි ආයි එකතුවෙමු." ෆ්රෑන්ක් දුර රටක සිට තම මිතුරා අමතමින් පැවසීය.
ලියනාඩෝ කිසිත් නොකියා දුරකථනය විසන්ධි කලේය. විනාශයට කැමති සියල්ලෝම සිය අවසානය ළගාවන තෙක් බලා සිටියහ. තව දුටත් ඔවුන් අතර උස් පහත් භේද නොතිබුනි. ඒ බහුතරයකගේ හැටිය. තවත් සුළුතරයක් ජීවත් වන ඒ සුළු කාලය තුළදීත් අනෙකුන්ට වඩා වැඩියෙන් සැප විදින්නටත් අනෙකුන්ට වඩා මඳක් ඉහළින් සිටීමටත් උත්සහ කරනු පෙනුණි."
අවසානයේදී ලොව තිබූ සියළුම විකිරණශීලි මූලද්‍රව්‍යත් පුපුරණ ද්‍රව්‍යත් යොදා ගනිමින් තැනූ අතිවිශාල පරමාණු බෝම්බය නිපදවිණි. මෙය පුපුරා යාමෙන් පෘථිවිය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන දැවෙනු ඇත. යළිත් කිසිදාක ජීවයක් ඇති නොවන ලෙස විනාශ වනු ඇත.
සියල්ල සූදානම්ය. බෝම්බය නිපද වූ විද්වත්හූ අවසන් වරට තම නෑසියන් හමුවීමට ගියහ. බොම්බයේ දුරස්ථ පාලකය මේ ශ්‍රේෂ්ඨ වූද අතිශය බියගුළු වූද සංකල්පය ඉදිරිපත්කල ඒ මනුෂ්‍ය පුත්‍රයා අත විය.
★ ★ ★ ★ ★ ★ ★ ★
දළඳා මාළිගාව දෙදරා යන හඬින් බෙර වැයිණි. හේවිසි නලා හඬ හාත්පස සිසාරා ඇදී ගියේය. චිරාත්කාලයක් තම පණ දෙවැනි කොට රජවරුන් රැකගත් බෞද්ධ යැයි සම්මත වූ ලොව තිබූ එකම රටෙහි වූ මෙම අති පූජනීය වස්තුව සිල්වත් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේත් බුද්ධ ධර්මය කෙරෙහි අමිල වූ විශ්වාසයක් සහිතව ජීවත් වූ ලෝකය ආරක්ෂා කර ගැනීමේ උදාර චේතනාවෙන් යුත් දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේත් සාධු නාදය මධයයේ මෙතෙක් කුමන කරුණක් සඳහාවත් තැන්පත් කර තිබූ ස්ථානයෙන් පිටතට නොගත් ඒ උතුම් වූ වස්තුව බුදුන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා යන පරම අදිටනින් යුතුව වසර දහස් ගණනක් නිසලව තිබූ ස්ථානයෙන් නිසලතාව බිදිමින් සසල කරවීය.
෴ නිමි. ෴
"ලෝක විනාශය" නම් වූ මෙම විද්‍යා ප්‍රබන්ධය පැතුම් අසංක හේරත්ගේ "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා" ග්රන්ථයෙහි එන එක් කතාවකි. උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය ඇතිව සිදු විණි. ISBN:955-97425-0-7. Image credit : m.flikie.com.
About the Author

Related Posts
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
භෞතික විද්‍යාවේදී සාපේක්ෂ චලිතය හා සම්බන්ධ සිද්ධාන්ත මෙහිදී අපි අධ්‍යයනය කරමු. භෞතික වස්තූන්ගේ අවකාශය මෙහිදී ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙද...
-
මාන විශ්ලේෂණය (dimensional analysis) යනු විද්‍යාවේදී බහුලව ප්‍රයෝජනයට ගැනෙන එක්තරා ගණිතමය ක්‍රමවේදයක්. විශේෂයෙන් සමීකරණ ගොඩනෑගීමට බෙහෙවින් උ...
-
සාමාන්‍ය භාවිතයන් වලදී මෙන් නොව පරීක්ෂණ වලදී ලබා ගත යුතු පාඨාංක හැකිතාත් නිවැරදි විය යුතුය. සාමාන්‍ය අඩි කෝදුවක ඇති පරිමාණයේ රේඛා දෙකක් අතර ...
-
ජේ. ජේ. තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය - ක්‍රි.ව.1904 පරමාණුව පිළිබඳ පැහැදිලි ආකෘතියක් මුලින්ම ඉදිරිපත් කළේ 1904 දි ජේ. ජේ. තොම්සන් විසින්. ...
-
ලෝහ කැටායන මිශ්‍රණයක් දී ඇති විට එම එක් එක් කැටායනය හඳුනා ගන්නා ආකාරය අපි මෙහිදී සලකා බලමු. මේ සඳහා s, p හා d ගොනු වලට අයත් ලෝහ කැටායන අඩං...
-
කලින් ලිපියේ අපි මූලික ඒකක යොදාගෙන ව්‍යුත්පන්න භෞතික රාශීන් සඳහා ඒකක ලිව්වා. ඒ අනුව බලය නැමැති රාශියෙ හි ඒකකය විදියට අපට kgms -2 යන පිළිතු...
-
රදර්ෆඩ් ඉදිරිපත් කළ මූලික පරමාණුක ආකෘතිය වන දැඩි ලෙස ධනාරෝපිත න්‍යෂ්ටිය වටා ඇති ලිහිල්ව ඇසිරුණ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝණ වලින් සමන්විත පරමාණුක ආක...
-
සිංහල බසින් නම් චන්ද්‍රිකාව යනු පරිවාර ග්‍රහයා යන අර්ථයයි. නමුත් ඒ ස්වාභාවික චන්ද්‍රිකා වේ. මීට අවුරුදු ගණනකට පෙර කෘත්‍රිම චන්ද්‍රිකා කරළි...
-
දිග යනු එදිනෙදා ජීවිතයේදී බහුලවම භාවිතා කරන භෞතික රාශීයක්. දිග සඳහා අවස්ථානුකූලව දිග, පළල දුර හා උස යන යෙදුම් භාවිතා කරයි. දිග පරාසය ගණිතම...
-
මේ පදාර්ථ සියල්ලේ කුඩාම ඒකකය වන්නේ පරමාණුවයි. පරමාණුව යනු පරම-අණුව යන්න බිඳීමෙන් සෑදුනක්. එනම්, තවත් නොබිඳිය හැකි කුඩාම කොටස යන්නයි. ජෝන් ඩෝ...
Like Us On Facebook
Labels
රසායන විද්‍යාව
(24)
භෞතික විද්‍යාව
(22)
විද්‍යාව
(18)
Science
(14)
Chemistry
(11)
Introduction of Science
(10)
පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා
(10)
විද්‍යා ප්‍රබන්ධ
(10)
Physics
(7)
පරමාණුව
(6)
Atom
(5)
Fictions
(5)
Sci Fi
(5)
න්‍යෂ්ටිය
(5)
පැතුම් හේරත්
(5)
World
(4)
ඉලෙක්ට්‍රෝන
(4)
කාටූන්
(4)
ජීව විද්‍යාව
(4)
පදාර්ථය
(4)
පුවත්
(4)
භෞතික රාශි
(4)
ලෝක විනාශය
(4)
Matter
(3)
Theoretical Chemistry
(3)
නිවේදන
(3)
නීල් බෝර්
(3)
පරමාණූක ආකෘති
(3)
පරිගණක විද්‍යාව
(3)
පරිණාමයේ වේදනාව
(3)
මාන විශ්ලේෂණය
(3)
මිනුම
(3)
විදයා ප්‍රබන්ධ
(3)
සමීකරණ
(3)
Materials Chemistry
(2)
Physical Chemistry
(2)
cartoon
(2)
measurement
(2)
vidyawa.com
(2)
ගණිතය
(2)
තාක්ෂණය
(2)
තාරකා විද්‍යාව
(2)
ද්‍රව්‍යමය රසායනය
(2)
භෞතික රසායනය
(2)
සංයෝග
(2)
Analytical Chemistry
(1)
Article
(1)
Barcode
(1)
Biochemistry
(1)
Biology
(1)
Bohr Model
(1)
Cosmos
(1)
Dengue
(1)
Engineering
(1)
Hydrogen
(1)
Inorganic Chemistry
(1)
Main Scale
(1)
Nano
(1)
NatGeo
(1)
Organic Chemistry
(1)
SI ක්‍රමය
(1)
Simple Error Theory
(1)
Triple World
(1)
Units
(1)
Vernier
(1)
Vernier Scale
(1)
carbon
(1)
cathode rays
(1)
dimensional analysis
(1)
least count
(1)
zero error
(1)
අකාබනික රසායන විද්‍යාව
(1)
අනාගතය
(1)
අභ්‍යාවකාශය
(1)
ඇන්ඩ්‍රොයිඩ්
(1)
ඉරට්ටේ
(1)
ඉලක්කම්
(1)
ඉලෙක්ට්‍රොනික විද්‍යාව
(1)
ඒකක
(1)
ඒකාංග දෝෂ
(1)
ඔත්තේ
(1)
ක්ලෝරයිඩ
(1)
කාටායන විශ්ලේෂණය
(1)
කාණ්ඩ විශ්ලේෂණය
(1)
කාබන්
(1)
කාබනික රසායන විද්‍යාව
(1)
කාබනේට
(1)
කැතෝඩ කිරණ
(1)
කියන කතා
(1)
කුඩාම මිනුම
(1)
කෘත්‍රිම චන්ද්‍රිකා
(1)
චාරිකා
(1)
ජංගම දුරකථන
(1)
ජීව රසායන විද්‍යාව
(1)
ජේ. ජේ. තොම්සන්
(1)
ඩෙංගු
(1)
ත්‍රිත්ව ලෝක
(1)
තාක්ෂණික
(1)
දියමන්ති
(1)
දුර්වලතා
(1)
දෝෂ
(1)
නිනිති තාක්ෂණය
(1)
පරමාණුවේ ඉතිහාසය
(1)
ප්‍රතිශත දෝෂය
(1)
ප්‍රධාන පරිමාණය
(1)
පියරේ වර්නියර්
(1)
බැක්ටීරියා
(1)
බෝර් ආකෘතිය
(1)
භාගික දෝෂය
(1)
මනුෂ්‍යයා
(1)
මිනිස් දිවිය
(1)
මූලාංක දෝෂ
(1)
මූලාංක දෝෂය
(1)
යාන්ත්‍ර විද්‍යාව
(1)
යොවුන්
(1)
රදර්ෆර්ඩ්
(1)
රසායනික විශ්ලේෂණය
(1)
රූපවාහිනි වැඩහටහන්
(1)
ලෝකය
(1)
ලෝහ
(1)
වර්ණවත් සංයෝග
(1)
වර්ණාවලිය
(1)
වර්නියර්
(1)
ව්‍යවහාරික ගණිතය
(1)
වාර්තා
(1)
විදයාවෙන් පහදමු
(1)
විශ්ලේෂණාත්මක රසායනය
(1)
වෛරස
(1)
ශ්‍රී ලංකාව
(1)
ශූද්ධ ගණිතය
(1)
සංඛ්‍යා රටා
(1)
සරල දෝෂවාදය
(1)
සල්පයිඩ
(1)
සසම්භාවි දෝෂ
(1)
සාපේක්ෂ චලිතය
(1)
සාපේක්ෂතාවාදය
(1)
සිද්ධාන්තමය රසායනය
(1)
හයිඩ්රජන්
(1)
හයිඩ්රජන් විමෝචන වර්ණාවලිය
(1)
හයිඩ්රජන් සල්පයිඩ්
(1)
හයිඩ්‍රොක්සයිඩ
(1)
බොහොම අපූරුයි පැතුම්. ඔබට අමුතුම කල්පනාවක් පහල වෙලා තියෙන්නේ. ඒත් මට අවසානය තේරුනා මදි. ඔබ කියන්නේ දළදාවහන්සේව සෙලවීම නිසා ඔවුන්ගේ ව්‍යායාමය නිශ්පල වෙනවා කියලද ?
ReplyDeleteමම කතාවක් අහල තියෙනවා දළදාව තියෙන තැනින් හොලවන්නේ නෑ කියල.. ඒ කියන්නේ කරඬුවේ ගෙනියන සීන් එක නෙවෙයි. ඔය තැන්පත් කරලා තියෙන තැනින් ඉවත් කරන්නේ නැති කතාවක්.. එහෙම කලොත් රටට එකෙන් මොකක් හරි බලපෑමක් වෙන්න පුළුවන් කියල මම අහල තියෙනවා.. තව එකක් ඔය ඉස්සර කාලෙක ලොකු නියගයක් ආපු වෙලාවක ඔය දළදා වහන්සේ ට කරපු මොකක් හරි පුජාවක් නිසා (හෝ ඔය වගේ තැන්පත් කරපු තැන වෙනසක් නිසා) වැස්ස ලැබිල රටට සෙතක් වුණා කියල.. මේවා මේ කොහෙන් හරි ඇහිලා ඔලුවේ තිබ්බ දේවල්.. ඇත්තද බොරුද කියල දන්නේ නෑ..
Deleteමම හිතුව දැන් මේ කතාවේ වගේ සීන් එකක් වුනොත් අපිට මොනවාද කරන්න පුළුවන් කියල.. ඉතින් දළදා වහන්සේ සෙලවීම වගේ දෙයක් නිසා කතාවේ හැටියට වෙන්න යන විනාශේ වැලකිලා යයි කියල තමයි මම උපකල්පනය කලේ.. ඕක ඉවර කරන්න වෙන විදියක් මට ඒ දවස් වල හිතා ගන්න බැරි වුණා.. හෙහ් හෙහ්.. ස්තුතියි සෙන්නා.. අනිත් ටිකත් බලල අදහසක් දෙන්න.. මේ සයිට් එක කරන මල්ලිටත් පොඩි සහයෝගයක් විදියට.. :)
ඒක හොඳ පරිකල්පනයක්.. ලේසියෙන් කාටවත් නොහිතෙන දෙයක්..
Deleteඅනිවා හැකි පමණින් පොඩි පබ්ලිසිටියකුත් දෙන්නම්. මේකනම් ටිකක් පරණ බ්ලොග් එකක් වගේ, ඒත් වැඩිය කාගෙවත් ඇහැගැහිලා නෑ වගේ නේද ? මටනම් මේකෙ කියවන්න දේවල් ගොඩක් තියනවා.
ලෝක විනාශය ) පර්භභ්නධ කාතාව උපුටා ගැනීමට අවසර දෙනවද ,, කතෘ අයිතිය අැතුව
ReplyDelete