සප්ත මූලික SI ඒකක

කලින් ලිපියෙන් SI ඒකක ක්‍රමය ගැන දැනගත්තනේ. දැන් අපි ඒ ගැන තවදුරටත් බලමු. භෞතික රාශි වලින් තමා මම අන්තිමට නැවැත්තුවේ. මේ භෞතික රාශි, මූලික භෞතික රාශි සහ ව්‍යුත්පන්න භෞතික රාශි කියලා කොටස් 2කට බෙදන්න පුළුවන්.මූලික භෞතික රාශි ගැන කිව්වොත් ඒවා තවදුරටත් බෙදන්න බැහැ. ඒ කියන්නේ මූලික ‍භෞතික රාශී වලින් තමා අනෙක් ව්‍යුත්පන්න භෞතික රාශීන් නිර්මාණය වෙලා තියෙන්නේ.

මූලික භෞතික රාශී 7ක් තියෙනවා. ඒ එක් එක් රාශියට වෙන් වූ SI ඒකකයකුත් තියෙනවා. දැන් බලමු අපි ඒ මොනවද කියලා. පහත වගුවේ තියෙන්නේ ඒ මූලික රාශි හත.

මූලික භෞතික රාශිය SI ඒකකය සහ ඒකක සංකේතය
දිග
length
මීටර (m)
metre
ස්කන්ධය
mass
කිලෝග්‍රෑම් (kg)
kilogram
කාලය
time
තත්පර (s)
second
විද්‍යුත් ධාරාව
electric current
ඇම්පියර (A)
ampere
තාපගතික උෂ්ණත්වය
thermodynamic temperature
කෙල්වින් (K)
kelvin
ද්‍රව්‍ය ප්‍රමාණය
amount of substance
මවුල (mol)
mole
දීප්ත තීව්‍රතාව
luminous intensity
කැන්ඩෙලා (cd)
candela

ඉතින් ඔන්න ඔය මූලික රාශි එකතු වෙලා එක් එක් ව්‍යුත්පන්න රාශි හැදෙනවා. එහෙම හැදෙන්නේ එක් එක් විද්‍යායින් විසින් ගොඩනගාගත් සූත්‍ර අනුවයි. ඒ ගැන පසුව සාකච්ඡා කරමු.

දැන් මම කියන්නේ ‍කලින් කියූ මූලික රාශි වල පිළිගත් අර්ථදැක්වීම් ගැන. එම අර්ථ දැක්වීම් ඉතා සංකීර්ණයි. නමුත් මම හිතුවා ඒ ටිකත් දැම්මොත් ඔබව නොදන්න දෙයක් පිළිබඳව දැනුවත් කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මේවා දැන්ම අධ්‍යයනය කරන්න යාම එතරම් නුවණට හුරු නෑ. 

  1. මීටරය(m) දිග මැනීමේ ඒකකයයි. හරියටම තත්පර 1/299792458 කාලයක් තුල රික්තකයේ ආලෝකය ගමන් කරන දුර ප්‍රමාණය මීටරයක් වේ. (17 වන සමුවව 1983)
  2. කිලෝග්‍රෑමය(kg) ස්කන්ධය මැනීමේ ඒකකයයි. එය ප්‍රංශයේ සෙවරස් හි තබා ඇති අන්තර්ජාතික කිලෝග්‍රෑම් ප්‍රතිරූපකයේ ස්කන්ධයට සමානයි. (3 වන සමුළුව 1901)
  3. තත්පරය(s) කාලය මැනීමේ ඒකකයයි. භූම් අවස්ථාවේ පිහිටි සීසියම් 133 සමස්ථානිකයේ අධිසූක්ෂම ශක්ති මට්ටම් අතර සංක්‍රමණයට අනුරූප විකිරණයේ මරියටම කම්පන 9192631770 කට ගත වන කාලයයි. (13 වන සමුළුව 1967)
  4. ඇම්පියරය(A) විද්‍යුත් ධාරාව මැනීමේ ඒකකයයි. විෂ්කම්භය නොසලකා හැරිය හැකි තරම් කුඩා වූ ද එකිනෙකට සමාන්තර ව මීටර් 1ක් දුරින් රික්තකයක තබනු ලැබූවා වූ ද අපරිමිත දිගෙන් යුතු සන්නායක දෙකක් අතර ඒකක දිගට හරියට ම  2 × 10−7  N ක බලයක් ඇති කිරීමට සමත් විද්‍යුත් ධාරාවයි.(9 වන CGPM සමුළුව, 1948)
  5. කෙල්විනය(K) තාගගතික උෂ්ණත්වය මැනීමේ ඒකකයයි. ජලයේ ත්‍රික ලක්‍ෂ්‍යයට අනුරූප උෂ්ණත්වයෙන් හරියටම 1/273.16න් පංගුවට සමාන උෂ්ණත්වයයි. (13 වන CGPM සමුළුව, 1967)
  6. මවුලය(mol) ද්‍රව්‍ය ප්‍රමාණය මනිනු ලබන ඒකකයිය. කාබන් -12 සමස්ථානිකයේ හරියටම 0.012kg වල කොතරම් කාබන් පරමාණු සංඛ්‍යාවක් අඩංගු වේ ද එතරම් භ

Comments

  1. Dinindu De Silva1 May 2010 at 18:22

    නියම වැඩක් තවත් ලියන්න...

    ReplyDelete
  2. නියම වැඩක් මල්ලි.දිගටම ලියන්න.

    ReplyDelete
  3. great work!!

    ReplyDelete
  4. Great work මල්ලි.. මේ වැඩෙන් අනිත් අයට වගේම ඔයාටත් ලොකු උදවුවක් වෙනව.. තමන් දන්න දෙයක් අනිත් අයට කියල දෙනකොට ඔයාගෙ දැනුම තවත් වැඩි වෙනව.. ගොඩක් ‍හොඳ වැඩක්.. අපෙන් සුභ පැතුම්!

    ReplyDelete
  5. Shiroshan Randika2 May 2010 at 00:02

    @Dinindu De Silva
    බොහොම ස්තූතියි මිතුර!

    @dinesh
    ස්තූතියි අයියා! අනිවා දිගටම ලියනවා.

    @blog gadol
    බොහොම ස්තූතියි!

    @KaniRockz
    ඔව් ඒක ඇත්ත. ගුරුකමත් නරකම නෑ. බොහොම ස්තූතියි! සහෝදරයා!

    ReplyDelete
  6. Supun Sudaraka2 May 2010 at 01:08

    එළ. තව ලියනකොට විවිධ තොරතුරු හොයාගන්න පුලුවන් මූලාශ්‍ර වලටත් ලින්ක් කරන්න අමතක කරන්න එපා.

    උදාහරණයක් විදිහට. මීටරය ගැන තියෙන අදහස පුළුල්ව දැනගන්න පුලුවන් විකීපිඩියා ලින්ක් එකක් මේකට පහසුවෙන් එකතු කරන්න පුලුවනි.

    එ‍තකොට ලිපිය අර්ථවත්.

    ජය!

    ReplyDelete
  7. චතුරංග රූපසිංහ2 May 2010 at 03:50

    සුපුන් කීව එකට මමත් එකගයි. හොද ලිපි පෙලක් ලියන්න දිගටම

    ReplyDelete
  8. Shiroshan Randika2 May 2010 at 16:12

    @Supun Sudaraka
    හොඳ අදහසක් සහෝ! මේ වගේ අදහස් ලබා දෙනවට ඔබට බොහොම ස්තූතියි!

    @චතුරංග රූපසිංහ
    ඔව් මමත් එකඟයි! ඔබට බොහොම ස්තූතියි! අනිවා දිගටම ලියනවා!

    ReplyDelete
  9. Buddhika Karunanayaka13 May 2010 at 17:28

    මම මගේ දුවට පෙන්නන්න ගත්තා පිං

    ReplyDelete

Post a Comment

Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.