ව්‍යුත්පන්න SI ඒකක සඳහා විශේෂ නාම


කලින් ලිපියේ අපි මූලික ඒකක යොදාගෙන ව්‍යුත්පන්න භෞතික රාශීන් සඳහා ඒකක ලිව්වා. ඒ අනුව බලය නැමැති රාශියෙ හි ඒකකය විදියට අපට kgms-2 යන පිළිතුර පැමිණියා. මේ පිලිතුර සෑදිලා තියෙන්නේ මූලික ඒකක 3කින් බව පේනවා. එනම් kg, m සහ s යන ඒවායි. ‍ඉතින් භෞතික රාශියක සූත්‍රයෙහි පද ගණන වැඩි වන විට ඒකකය සඳහා යෙදෙන ඉංග්‍රීසි අක්ෂර ගණන වැඩි වෙනවා. ඉතින් එතකොට එය සාමාන්‍ය භාවිතයට අපහසුයි. ඉතින් මේ kgms-2 යන SI ඒකකයට තව ආදේශක ඉංග්‍රීසි අක්ෂරයක් හඳුන්වා දුන්නා. ඒ “N” අක්ෂරය. එය නිව්ටන් කියලා නම් කරනවා. මේ අක්ෂරය කැපිටල් අකුරක්. එහෙනම් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති ඒක පුද්ගල නාමයක් කියලා. (ඉංග්‍රීසි කැපිටල් අක්ෂරයකින් සංකේතවත් කරන්නේ පුද්ගල නාමයක්) ඉතින් අපි කවුරුත් දන්න අයිසැක් නිව්ටන් විද්‍යාඥයාගේ නාමය තමා මේකට යොදාගෙන තියෙන්නේ.
ඉතින් මේ වගේ ගොඩක් ව්‍යුත්පන්න SI ඒකක වලට විශේෂ නම් ලබා දීලා තියෙනවා. බොහෝ දුරට මේවා පුද්ගල නාම. ඒක නිසා කැපිටල් ඉංග්‍රීසි අක්ෂර බහුලව යෙදෙනවා.

පහත තියෙන්නේ එවැනි වි‍ශේෂ නාම සහිත ව්‍යුත්පන්න SI ඒකක ටිකක්. ඒවාට සාමාන්‍ය ව්‍යවහාර SI ඒකක කියලත් කියනවා.

භෞතික රාශිය
ව්‍යවහාර ඒකක නාමය
ව්‍යවහාර ඒකක සංකේතය
සම්බන්ධය
නිව්ටන්
N
kgms-2 = N
කාර්යය(ශක්තිය)
ජූල්
J
kgms2s-2 = Nm = J
වොට්
W
Kgm2s-3 = Js-1 = W
කුලොම්
C
As = C
පැස්කල්
Pa
Nm-2 = Pa
වෝල්ට්
V
Kgm2s-3A-1 = JC-1 = V
විද්‍යුත් ප්‍රතිරෝධය
ඕම්
Ω
Kgm2s-3A-2 = VA-1 = Ω
විද්‍යුත් ධාරිතාව
ෆැරඩ්
F
F = A2kg-1m-2s4 = CV-1
හර්ට්ස්
Hz
s-1 = Hz
විකිරණශීලීතාව
බෙකරල්
Bq
s-1 = Bq
රේඩ්යන්
rad
rad
ස්ටරේඩියෙන්
sr
sr
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  
ඉහත වගුවේ සංඛ්‍යාතය සහ විකිරණශීලිතාව දෙස බලන්න. එම දෙකම මූලික ඒකක වලින් ලිව්වම ලැබෙන්නේ එකම ඒකකක්. එතකොට ඒ ඒ රාශිය සඳහා ඒකකය හඳුනාගන්න අපහසුයි. ඉතින් විශේෂ නම් සහිත ඒකක හඳුන්වා දී තිබීම නිසා ඒ ප්‍රශ්නෙත් විසදෙනවා.


පහත සමීකරණය දෙස බලන්න.


තල කෝණය = චාප දිග/අරය = m/m = 1


"font-family: 'Malithi Web', sans-serif; font-size: large;">මෙම විසඳුම අනුව අපට තල කෝණය සඳහා ඒකක නැතැයි කියන්න පුළුවන්. ඒ වගේම යි ඝන කෝණයත්. ඉතින් ඒ වුණාට මේවා වලටත් විශේෂ නම් සහිත SI ඒකක 2ක් නම් කරලා තියෙනවා. ඒ තමා තල කෝණය සඳහා රේඩියන ඒකකයත් සහ ඝන කෝණය සඳහා ස්ටරේඩියන යන ඒකකයත්. මේ භෞතික රාශීන් දෙක අනුපූරක රාශී කියලත් හඳුන්වනවා. මොකද ඒවා මූලික භෞතික රාශි හතට අමතරව තියෙන විශේෂ රාශීන් දෙකක් නිසා.

ඔන්න ඉතින් SI ඒකක පිළිබඳ අධ්‍යයනය මම දැනට අවසන් කරන්නයි යන්නේ. ඉතින් ඉදිරියේදී භෞතික විද්‍යාවේ භාවිතයන් සඳහා මේවා ගොඩක් ප්‍රයෝජනවත්. තේරුණේ නැත්නම් මුල සිට මේ ලිපි පෙළ කියවන්න. එහෙම තේරෙන්නෙත් නැත්නම්  මගෙන් අහන්න.















මෙම ලිපිය ශිරෝෂන් රන්දික විසින් ලියන ලද ලිපියකි. ඔහුගේ අවසරය මත උපුටාගැනීම් සිදු විය යුතුයි 
Copyrights © 2010 Shiroshan Randika All rights Reserved.

Comments

  1. admin - www.AnuradhapuraZone.info/19 May 2010 at 23:55

    එල නියමයි

    ReplyDelete
  2. Dinindu De Silva20 May 2010 at 00:58

    එල එල නියමයි.

    ReplyDelete
  3. ela niyamay.. greata...

    ReplyDelete
  4. නියමයි මල්ලි ........ දිගටම කරගෙන යන්න වැඩේ

    ReplyDelete
  5. ශාකුන්තල20 May 2010 at 04:19

    නියමයි... teamwork!!

    ReplyDelete
  6. Shiroshan Randika21 May 2010 at 03:47

    මෙම ලිපියේ අවසාන භාගයේ මා අතින් වැරදි තොරතුරු වගයක් සටහන් වී තිබුණා. ඒ පිළිබදව මාගේ කණගාටුව පළ කරනවා. නමුත් මම එම වැරදි සියල්ල නැවත නිවැරදි කර මේ ලිපිය යාවත්කාලීන කළා. කලින් මේ ලිපිය කියවූ අය නැවත එම නිවැරදි කල කරුණු දෙස බලනවනම් ගොඩක් වටිනවා.

    කෙසේ වෙතත් මේ ලිපිය කියවූ ප්‍රතිචාර දැමූ ඔබ සියලුදෙනාටම බොහොම ස්තූතියි!

    ReplyDelete
  7. Hasitha ජයසූරිය12 June 2010 at 22:57

    මේක ගොඩක් වටිනවා...දිගටම කරගෙන යන්න ඔබට සුබ පැතුම්

    ReplyDelete

Post a Comment

Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.