ඔබේ පහසුවට විද්‍යාව!





ඔන්න තව ටිකක් මේ අඩවියෙන් ලබා දෙන විද්‍යා දැනම පුළුල් කරන්න හිතුවා. ඒ කියන්නේ අපි සෑම විද්‍යා අංශයකින්මම පාඩම් මාලා පටන් අරගෙන තියෙනවා. ඒකේ අරමුණ මුල සිට විද්‍යා දැනුමක් නොමැති වුවෙකුට පවා සරලව ඒ ඒ විද්‍යාව අවබෝධ කර දීමයි. බොහෝදුරට මේ පාඩම් මාලාව උසස් පෙළ  පාඩම් මත රැදුණත් ඒවා ඉතා සරලව උසස් පෙළ පහළ දැනුමක් ඇති අයෙකුට පවා තේරුම් ගත හැකි ආකාරයට ලිවීමයි අපේ අරමුණ. ඒ වගේම එම පාඩම් ශිෂ්‍යයන්ට පමණක් නොව සාමාන්‍ය වැඩිහිටි ඔබටද තේරුම් කර දීමත් අපේ අරමුණක්. අපි සාමාන්‍යයෙන් විද්‍යාව කියලා හඳුන්වන්නේ භෞතික, රසායන, ජීව විද්‍යාවන්ගේ එකතුවක් කියලා. ඉතින් අපි හිතුවා ඒ විද්‍යාවන් තුනට පමණක් කොටු නොවී ආර්ථික, පරිගණක, සාමාජ, තාරකා විද්‍යාවන් යටතේත් ලිපි ලියන්න බලාපොරොත්තු වෙනවා. එතකොට සෑම ක්ෂේත්‍රයකම පුද්ගලයින්ට මෙය ප්‍රයෝජනවත් වේවී. 

ඉතින් මෙසේ විද්‍යා පාඩම් මාලාවක් මුල සිට ලියන අතරතුරම තව දෙයක් කරන්න හිතුවා. දැන් අපි ඉගෙනගත්ත විද්‍යාව ප්‍රයෝගිකව අත්දැක්කොත් තමා ගොඩක් වටින්නේ. විද්‍යාගාරවල කරනවා වගේ පරීක්ෂණ කරන්න කියලා නෙමේ කියන්න හැදුවේ. අපිට එදිනෙදා ජීවිතයේදී අප අවට බෙහො දේ සිදුවෙනවා. ඒවා එක්තරා විදියකට අපිට ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේ සිදුවීම් අපිට විද්‍යාත්මකව පහදා ගන්න පුළුවන්නම් ඒක අපිට බොහොම ප්‍රයෝජනවත්. සරලව හිතුවොත් දවල්ට අහස නිල්පාටටත් රාත්‍රීයේදී අහස කළුපාටටත් පේන්නේ ඇයි? ඒක අපි එදිනෙදා ජීවිතයේදී නිතර දකින දෙයක්. නමුත් අපි එහෙම වෙන්නේ ඇයි? කියලා අපි බහුතරයක් දන්නේ නෑ. මං ඒ කිව්වේ සරල දෙයක්. තව හිතන්‍නකෝ! "ඉස්සර වගේ නෙමේ දැන් මාර රස්නයක් තියෙන්නේ". ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ? මේක ලෝක ප්‍රශ්නයක්. එහෙම වෙන්නේ ඇයි කියලා දැනගන්න එක කෝකටත් හොදයි. මොකද ලෝකේ විනාශ වෙලා යනකන් අපි ‍දන්නේ නෑ මොකද වුණේ කියලා. ඉතින් අපි මේ දේවල් විද්‍යාත්මකව අවබෝධ කරගෙන හිටියනම් අපිට මේ ලෝකේ ගොඩක් ප්‍රශ්න වලට පිළිතරු හොයාගන්නත් පුළුවන් වගේම අපිටම ඒවා ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරුත් පිළිතුරුවලට ප්‍රශ්නත් පිළිබඳ නිර්මාණාත්මක ලිපි පෙළක් විද්‍යාවෙන් පහදමු ප්‍රවර්ගය යටතේ ලිපි පෙළක් ඉදිරියේදී පළ වේවි!

කියන කතා යනුවෙන් ලිපි ප්‍රවර්ගයකුත් පටන් ගන්නයි යන්නේ! ඉගෙන ගන්න දෙයක් විනෝදෙන් ඉගෙන ගන්න අපි කැමතියි. ඒක නිසා අපි හිතුවා ටිකක් විනෝදයට බර ඒ වගේම ජීවිතයට ගොඩක් වැදගත්(සමීප) විද්‍යා ලිපි පෙළක් දාන්න. එහිදී එක එක විද්‍යාඥයන් පිළිබඳ ජීවිත කතා සහ ඔවුන්ගේ ජීවිත වල රස මුසු තැන් කියන්නත් අපි මේ ලිපි පෙළ යොදාගන්නවා. ඒ වගේම විහිළු, විද්‍යා කාටූන වැනි දේත් එක් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා මේ අඩවිය බලන්න වගේම ලියන්නත් එන්න කියලා.දැනුම කියන්නේ සම්පතක්. ඉතින් ඔබ ගාව එම වටිනා සම්පත තියෙනවම් ඒක අනික් අයට බෙදා දෙන්න මේ අඩවිය උදව් කරගන්න පුළුවන්. කතෘ අයිතිය අපි සුරැකීමට අපි බැඳී සිටිනවා. ඒ වගේම වෙනත් විද්‍යා දැනුම බෙදා දෙන බ්ලොග් ලිපියක් හෝ අඩවියක් ඇත්නම්  ඔවුන් සමඟ එකතු වී සබැඳ හුවමාරු කරගැනීමටත් අපි කැමැත්තෙන් ඉන්නවා. එතකොට සිංහල බ්ලොග් අවකාශයේ විද්‍යා ලිපි අපිට පහසුවෙන් එකතු කරගෙන කියවන්නත් පුළුවන්.

අන්තිමට කියන්නේ ඔබගේ අදහස්. ප්‍රතිචාර මේ අඩවියට ගොඩක් වැදගත්. එය මේ අඩවියේ අනාගතය තීරණය කරාවි. ඉතින් මේ ලිපිය කියවූ ඔබටත් ස්තූතියි!

Comments

  1. අපෙන් සුභ පැතුම් මල්ලී.

    ReplyDelete
  2. නියමයි මල්ලි....... මෙවා ප්‍රායොගිකව කලේ නැත්තන් වැඩක් නැ!

    ReplyDelete
  3. නියමයි.... අදට ගැලපෙන, අදට අවශ්‍ය මෙන්න මේ වගේ දේවල්...
    හොඳට කරගෙන යන්න සුබ පැතුම්....

    ඇල්කෙමියා

    ReplyDelete
  4. සුභ පැතුම් එලට ලියන්න

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ela ela maxxa ban

    ReplyDelete
  7. @Kasun Koswattha
    ඔව්...ප්‍රායෝගිකව අත්දැකීමෙන් තේරුම් ගැනීමට ලේසියි. බොහොම ස්තූතියි!

    @Ariyananda
    බොහොම ස්තූතියි! ඔබ රසායන විද්‍යාඥයෙක් නේද? ඔබ වැනි අය මගේ වැඩේට සහය දීම ගැන මට සතු‍ටුයි!

    @A.N.R
    බොහොම ස්තූතියි!

    @Shakthi
    බොහොම ස්තූතියි! දිගටම කියවන්න!

    ReplyDelete
  8. පළමු වතාවට මෙම වෙබ් අඩවියට මම පිවිසුණෙමි
    තවදුරටත් එය නරඹමි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි!

      Delete

Post a Comment

Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.