ඔන්න රසායන විද්‍යාව මුල සිට පටන් ගන්නයි යන්නේ. රසායන විද්‍යාව කියන්නේ මොකක්ද කියලා මම කලින් ලිපියක ලිව්වා. ඉතින් දැන් මුල් පාඩම පටන් ගන්නයි යන්නේ.
මේ ලෝකේ තියෙන හැම ද්‍රව්‍යයක්ම අපේ මේ ඇස් දෙකට පේනවා. නමුත් සමහර දේ පේන්නේ නෑ. ඒ ඉතා කුඩා විම හේතුවෙන්. අපි මොකක් හරි ද්‍රව්‍යයක් අන්වීක්ෂයකින්(ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින්) විශාල කරගෙන කරගෙන ගියොත් අපි කිසිදාක දැක නොමැති දේවල් ටිකක් පේනවා. නමුත් අන්වීක්ෂයක විශාල කර බැලීමේ සීමාවක් තියෙනවා. හරියට අපේ ඇසනුත් කුඩා දේවල් බලන්න බෑ වගේ. උදාහරණයක් විදියට අපි ජීවී සෛලයක් අරගෙන උපරිම විශාල කිරීමේ හැකියාවක් ඇති අන්වීක්ෂයකින් බැලුවොත් අපිට තවදුරත් සෛලයේ අන්තර්ගත විවිධ කොටස් බලන්න පුළුවන්. ඉතින් ඕනෑම ද්‍රව්‍යයක් අරගෙන බැලුවොත් මේ දේම තමා වෙන්නේ. ඒක නිසා අපිට කියන්න පුළුවන් ඕනෑම ද්‍රව්‍යයක් සෑදිලා තියෙන්නේ තවත් ද්‍රව්‍ය ගණනාවකින්. ඒ කියන්නේ එම ද්‍රව්‍ය වල තැනුම් ඒකකය හැදිලා තියෙන්නේ තවත් තැනුම් ඒකක වලින්. එම තැනුම් ඒකකය හැදිලා තියෙන්නෙත් තවත් තැනුම් ඒකක වලින්. ඔය විදියට අපිට කෙළවරක් නැති තැනුම් ඒකක හමුවේවි.
නමුත් තැනුම් ඒකක වල කෙළවරක් තිබිය යුතුයි කියලා විද්‍යාඥයෝ හිතුවා. එම නිසා එහි අග කෙළවරට සීමාවක් දෙමින් පරමාණුව(Atom) නැමැති කිසිදාක දැක නොමැති අංශුවක් ඔවුන් නම් කරගත්තා. ඉතින් එම පරමාණුව පදාර්ථයේ තැනුම් ඒකකය කියලා හඳුන්වන්න පටන් ගත්තා. ඉතින් මේ කිසිදාක දැක නොමැති අද්භූත අංශුව(භූතාර්ථය) ගැන විද්‍යාඥයෝ විසින්ම කුතුහලයක් නිර්මාණය කරගත්තා.
මෙහෙම පරමාණු ට්‍රිලියන ගණන්(සංඛ්‍යාත්මකව ප්‍රකාශ කිරීමට අපහසුයි) එකතු වෙලා විවිධ ද්‍රව්‍ය හැදෙනවා කියලා මතයක් ගොඩ නැගුණා. මෙහෙම මතයක් ගොඩ නැගෙන්න හේතු සාධක තිබුණා. දැන් හිතන්නකෝ ටිකක් ලොකු ලුණු කැටයක් ජල වීදුරුවකට දානවා කියලා. එතකොට ඒක පතුලට බහිනවා. ටික වේලාවක් යද්දී අපිට මේ ලුණු කැටය දකින්න ලැබෙන්නේ නෑ. ඒ ලුණු කැටය හොඳටම දිය වෙලා. ඔය ලුණු කැටය තනි කැබැල්ලක් වුණා නම් දිය වෙයිද? ඒ කියන්නේ ඒ කැටයම තනි පරමාණුවක්(අංශුවක්) වුණානම් ඔය විදියට වතුරේ දී ඉතාමත් කුඩා කැලී වලට කැඩි කැඩි දිය වෙන්නේ නෑ. එන්න ඒකෙන් අපිට ලුණු කැටය ඉ
machan post eka nam elatama deela thiyenne.. aye supiri
ReplyDeleteමේ බ්ලොග් අඩවිය කාලීන අවශ්‍යතාවක් සපුරාලන බ්ලොග් අඩවියක් කියා දැනෙනවා. තව අය එකතු කරගෙන හොඳට කරගෙන යන්න.... ජය!
ReplyDeleteඔහොම යමු කොල්ලෝ..ඔහොම යමු....
ReplyDeleteඅපි දිගටම ඉන්නවා ඔයත් එක්ක....
හොද වැඩක්නේ මලයෝ ... දිගටම කරන් යමු
ReplyDelete[ වෙලාවකට දුකත් හිතෙනවා ... අපි ඉස්කෝලේ යන කාලේ මේවගේ තොරතුරු දැන ගැනීමේ ක්‍රමයක් තිබුනේ නැහැ නොවැ ... ]
තේරුමක් නැතිව කුණුහරප බ්ලොග් ලියන අයත් මේ වාගෙ බ්ලොග් ආදර්ශයට ගත්තනම් තමා හොඳ.දිගටම ලියන්න.
ReplyDelete@Amila
ReplyDeleteපාඨකයෙකු ඉල්ලීමක් කළා රසායන විද්‍යාව ගැන පාඩමක් ලියන්න කියලා. ඉතින් ලියන්න පටන් ගත්තා. බෙහොම ස්තූතියි!
@ශාකුන්තල
කාලීන අවශ්‍යතාවයක් ඉටු කිරීමට ලැබීම සතුටට කරුණක්. බොහොම ස්තූතියි උනන්දු කරනවට සහෝ! හොඳ කතෘ මණ්ඩයක් සෙට් වෙනකම් තමයි මමත් බලන් ඉන්නේ.
@චමිදේවා
බොහොම ස්තූතියි! අහන්නත් සතුටුයි! දිගටම රැදෙන්න!
@වැප්
ඒකනම් එහෙම තමා. නමුත් ඔබ සතුටු වෙන්න ඕනේ තාක්ෂණය එතරම් සමීප නොවූ යුගයක ඔබගේ ඉලක්ක යම් තරමකට හෝ සපුරාගැනීමට හැකි වීම ගැන! දැන්නම් තාක්ෂණය අපිට බොහොම සමීපයි! දැන් ඒ යුගය ඉවරයි. ඉතින් අපි දැන් මේ තාක්ෂණයෙන් උපරිම ඵල ප්‍රයෝජන නෙලාගන්න ඕනේ. බොහොම ස්තූතියි කමෙන්ටුවට!
@dinesh
අනෙක් බ්ලොග්කරුවන්ට ආදර්ශයක් වෙන තරමටම මේක හොඳයිද? ඇත්තටම මට සතුටුයි! බොහොම ස්තූතියි.
එහෙමනං ඒ පාඩමටත් ආවා! :D
ReplyDeleteනියමයි එල හොද වැඩක් ඉදිරියටත් තවත් හොද ලිපි ලියන්න.
ReplyDelete@Budhajeewa
ReplyDeleteඔව් ඒ පාඩමටත් ආවා. අයියා රසායනය කරන්නේ නැති වුණාට කමක් නෑ මේ ලිපි පෙළත් කියවන්න. බොහොම ස්තූතියි!
@Dinindu De Silva
අනිවා වැල නොකැඩී ලියන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තූතියි!