පදාර්ථය

අප කුඩා කල උගත් සේම, පදාර්ථය තැනී ඇත්තේ ඝණ (Solid), ද්‍රව (Liquid), සහ වායු (Gas), යන මූලික අවස්ථා තුනෙනි. ලොවෙහි පවතින සියළුම ද්‍රව්‍ය මෙම අවස්ථා තුනෙන් එක් අවස්ථාවක පසු වේ. සමහර විට ඒ අවස්ථා තුනෙහිම පවතින ද්‍රව්‍ය නැත්තේ ද නොවේ. උදාහරණයක් ලෙස අයිස්, ජලය, සහ ජල වාෂ්ප ලෙස  ජලය (H2O) පවතී.





[caption id="attachment_216" align="aligncenter" width="300" caption="පදාර්ථයේ අවස්ථාව අනුව අංශූවල සැකැස්ම"]පදාර්ථයේ අවස්ථාව අනුව අංශූවල සැකැස්ම[/caption]

ඝන(Solid)

ඝණ ද්‍රව්‍ය තැනී ඇත්තේ ඒවායේ අංශූන් දැඩි ලෙස ඇසිරීමෙනි. ඝණ ද්‍රව්‍ය වලට නියත හැඩයක්, සහ පරිමාවක් ඇති අතර පහසුවෙන් හැසිරවිය හැක. මෙම ඝණ ද්‍රව්‍ය වල අංශූන්ගේ ඇසිරීම නිසි රටාවකට සිදුවන අතර ඒරටාව පහසුවෙන් හඳුනාගත හැකිය. එසේම ඒ අංශූන් එකිනෙකට අසුරන ආකර්ෂණ බල ඝණ ද්‍රව්‍ය වල දැඩිව ක්‍රියාත්මක  වේ. එක්ස් කිරණ විසරණ ක්‍රමය (X-ray diffraction technique) මගින් පරීක්‍ෂා කළ විට ස්ඵටික දැලිසක් (Crystal lattice) ලෙස ඇසිරී ඇතිවාසේ පෙනෙන්නේ ඒ ඝණ ද්‍රව්‍යයේ සූක්‍ෂම සැකැස්මයි.

ද්‍රව (Liquid)

ද්‍රව වලට නියත හැඩයක් නොමැති අතර පරිමාවක් ඇත. ඒවායේ අංශූන් ලිහිල්ව ඇසිරී පවතී. ද්‍රවයන් දෑම විටම අඩංගු භාජනයේ හැඩය ගනී. බොහොමයක් ද්‍රාවණ සහ සමහරක් ලෝහ වර්ග ද්‍රව ලෙස ස්වභාවයේ පවතී.

වායු (Gas)

වායූන්ට සියමිත හැඩයක් හෝ පරිමාවක් නොමැති අතර ඒවායේ අංශූන් ඉතාම ලිහිල් ලෙස ඇසිරී පවතී. වායූන් ප්‍රසාරණය හෝ සංකෝචනය කළ හැක. ඒවායේ අංශු අතර අවකාශය බොහෝ දුරට හිස්ය.



[caption id="attachment_212" align="aligncenter" width="450" caption="පදාර්ථය වර්ගීකරණය (classification of matter)"]පදාර්ථය වර්ගීකරණය (classification of matter)[/caption]

පදාර්ථය විවිධාකාරයෙන් වර්ග කළ හැක. සියළුම දෑ පිරිසිදු ද්‍රව්‍යයකි, නැතහොත් මිශ්‍රණයකි. පිරිසිදු ද්‍රව්‍ය එක් දෙයකින් සෑදුන මූලද්‍රව්‍යයක් හෝ යම් ද්‍රව්‍ය එකකින් හෝ කිහිපයකින් සෑදුන සංයෝගයක් විය හැකිය. උදාහරණයක් ලෙස NaCl එසේ සෑදුන සංයෝගයකි. එහි සංඝඨක වනුයේ Na සහ Cl වේ. එසේම මිශ්‍රණ ද සමජාතී හෝ විශමජාතී ලෙස වර්ග කළ හැක. මේවා ඝණ, ද්‍රව, හෝ වායු මිශ්‍රණ විය හැක. සමජාතී මිශ්‍රණ වනුයේ ඒ ඒ සංඝඨක නිසි ලෙස මිශ්‍රවී තැනුන මිශ්‍රණයකි (Homogeneous mixtures). උදාහරණයක් ලෙස කරදිය ගත් කළ, එහි විවිධ දෑ අඩංගු නමුත් එහි සෑම තැනකම නියත සංඝඨක අනුපාතයක් ඇති සමජාතී ද්‍රාවණයක් ලෙස පවතී. විශමජාතී මිශ්‍රණ (Heterogeneous mixtures) එකිනෙක මිශ්‍රවී හෝ නොවී තිබිය හැක උදාහරණයක් ලෙස ජලයේ වූ තෙල් බිඳිති, කිරි, ආදී දේ දැක්විය හැක. ඒවා මිශ්‍රණ ලෙස පිටතට පෙණුනත්, ඇත්ත වශයෙන්ම තැනී ඇත්තේ ඉමල්ෂන් (Emulsion) නම් වූ මිශ්‍රණයක් ලෙසිනි. එසේම කොන්ක්‍රීට් මිශ්‍රණයක් ගත් කළ එහි අඩංගු සිමෙන්ති, වැලි, ගල්, ආදිය සෑම තැනකම එකම අනුපාතයට දැකිය නොහැක: එය විශමජාතී මිශ්‍රණයකි෴


By Dr. Piyal Ariyannada

Comments

  1. මට ප්‍රශ්නයක් තියෙනවා "වළාකුළු" මේ අවස්ථා 3න් කෝකටද අයිති? එහෙම බලපුවම මේ ලෝකේ නිශ්චිතවම වෙන් කරන්න බැරි දේවලුත් තියෙනව නේද?

    ReplyDelete
    Replies
    1. ඝණීභවනය වීමට ආසන්න වායු වෙන්නත් පුලුවන්.නැතිනම් ඝණයක් වෙන්නත් පුලුවන්.ගුරුත්වාකර්ෂණය අඩු නිසා පාවෙන ඝණ වෙන්න ඕනේ.ගුරුවරයෙක්ගෙන් අහල බලන්න මේ මට හිතුනු දේ

      Delete

Post a Comment

Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.