"ජනාධිපතිතුමනි, මොකක්ද ඔබතුමා මේ සම්බන්ධව හිතන්නේ?" රුසියන් සමූහාණ්ඩුවේ (එවකට සිටි) ජනාධිපති ඇලෙක්සැන්ඩර් ඩී. චෙකෝෆ්, ඇමරිකන් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය.

"මේක නම් පුදුම ප්‍රශ්නයක්. මුළු මිනිස් ඉතිහාසෙටම මේ වගේ ප්‍රශ්නයක් නම් ඇති වෙලා නැතිව ඇති. ඇත්තටම කියනවනම් ජනාධිපතිතුමනි, මට නම් තවම කිසිම දෙයක් හිතාගන්න බැහැ. මොකද මමත් ක්‍රිස්තුභක්තිකයෙක්."

"මට ඊයේ බ්‍රිතාන්‍ය අගමැතිතුමා කතා කරලා කිව්වා මේ ගැන වහා තීරණයක් ගත යුතුයි කියලා. මොකද දැන් හැම රටකම වගේ මිනිස්සු ඇවිස්සිලා." රුසියානු නායකයා පැවසීය.

"ඒක ඇත්ත. නමුත් එහෙම කියලා අපි කොහොමද මේ මනුස්සයා කියන දේ කරන්නේ. ඒක මහ අමානුෂික ක්‍රියාවක්." ඇමරිකානු ජනාධිපති රොබට් ජැක්සන් රුසියානු නායකයා අමතමින් පැවසීය.

"සර් එන්ඩ්ලස් වොයේජ් යානා හතරෙම තොරතුරු ලැබිලා ඉවරයි. අපේ බලාපොරොත්තු ඔක්කොම ඉවරයි." මයික් සිල්වෙස්ටර් තම ප්‍රධානියට පැවසීය.

"ඒ කියන්නේ මේ විශ්වයේ අපි තනි වෙලා කියන එකද?" ඔහු තමාටම කියා ගත්තේය.


"අපිට පුළුවන් උපරිම ආකාරයෙන් සෑම අකාකරයකටම අපි විශ්වය ගවේෂණය කරලා ඉවරයි. මීට වඩා වැඩි යමක් තව අවුරුදු 1000 ක් ගියත් හොයාගන්න හම්බවෙයි කියලා මම හිතන්නේ නැහැ." රොකට් ප්‍රචාලන අංශයේ ප්‍රධානියා වූ මයික්, නාසා ආයතනයේ ප්‍රධානියා වූ මහාචාර්ය විලියම් ස්කාලට් දෙස බලමින් පැවසීය.

"එහෙනම් අර මනුස්සයාගේ කතාව අපිට පිළිගන්න සිද්දවෙනවා." ස්කාලට් පැවසීය.

"නමුත් සර්, සමාන්තර විශ්ව ගැන අපි තවම දන්නේ නැහැනේ. සමහර විට ඒවායේ ජීවයක් පවතින්න ඉඩකඩ තියෙන්න පුළුවන්." භෞතික විද්‍යාඥ ආතර් මැක්මිලන් ඔවුන් සමඟ එක් වෙමින් පැවසීය.

"ඒක නම් එහෙම තමයි. නමුත් අපට තවම සමාන්තර ලෝක තියනවද නැද්ද කියලවත් ඔප්පු කරන්න බැරි වුණානේ. ඉතින් අපි කියන දේට වඩා අර මනුස්සයා කියන දේ බොරු කරන්න නම් අපිට පෘථිවිය හැර වෙනත් ජීවයක් ඇති බව ඔප්පු කරන්න වෙනවා." මහාචාර්ය විලියම් සෙස්න් අමතා පැවසීය.

"එක අතකට මට හිතෙනවා සර්, ඒ මනුස්සය කියන කතාව පිළිගත්තනම් ඉවරයි කියලා. මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙන් බාගයක් විතර එයාව අනුගමනය කරන්න සූදානම් නම් ඇයි අපි විතරක් මේ වගේ දේවල් කරන්නේ?" විලියම් ඇසීය.

"ඒව ඔක්කොම හරියි කියමුකෝ. බැරිවෙලාවත් එය කියන විදියේ සදාකාලික මරණයක් හිමි නොවුනොත් අපි මේ අමාරුවෙන් ලබාගෙන තියෙන මිනිස් බවත් නැතිවෙලා යනවා. එතකොට මොකද වෙන්නේ?" විලියම් ඇසීය.

"නමුත් සර්, එහෙම වෙන්න විදියක් නැහැනේ. මේ මුළු විශ්වයේම පෘථිවිවාසීන් හැර කිසිම ජීවයක් නැහැ. ඉතින් කොහොමද අපිට සදාකාලික මරණයක් උරුම නොවෙන්නේ?" මයික් ඇසීය.

"ඒ අපි දන්න තරමනේ. අපි නොදන්න තව බොහෝ දේවල් තියෙන්න පුවවවන්. දන්වනේ අර කියමනක් තියෙනවා විශ්වය හුගක් පුදුමාකාරයි කියලා" විලියම් ස්කාලට් එසේ පවසමින් නික්ම ගියේය.

"රැස්ව සිටින සියළු පෘථිවිවාසීනි, ඇහුම්කන් දෙන්න. නමුත් නොඅසන්න. තේරුම් ගන්න." කුඩා මිනිසාගේ මුවින් නිකුත් වන හඬක් රැස්ව සිටියවුන් සිසාරා ඇදී ගියේය.

"මම කිසියම් අද්භූත බලයක් සහිත මිනිසෙක් නොවෙමි. මමද ඔබ වැනිය. මා කියන්නක් අසන්නැයි මම ඔබලාට නොකියමි. මා පවසන්නේ විද්‍යාත්මකව සිදුවිය හැකි දෙයයි. මෙය මෙසේ නොවේයැයි කිසිවෙකුට ඔප්පු කළ හැකිනම් මම ඔහුට ගරු කරමි. මගේ දර්ශනය මෙය වේ.

මේ පෘථිවිය තුළ ඔබත් මමත් ඇතුළු සියළුම සත්ත්ව වර්ගයන් උපත ලබා සිටින්නෙමු. උපන්දා සිට මරණය තෙක් විවිධ සිද්ධීන්ගෙන් ගහන වූ ජීවිතය තුළ අපි ජීවත් වන්නෙමු. අවසානයේදී මරණයෙන් අපි ඒ ජීවිතයෙන් සමුගනිමු. නමුත් යළිත් උපතින් වෙනස් වූ ජීවිතයක් තුළ එම ජීවිතය සමඟ ජීවත් වන්නෙමු. නැවත මරණයෙන් වෙන්වෙමු. මේ සියල්ල වක්‍රාකාරව සිදුවන්නේ මේ පෘථිවිය තුළය. මෙපණ කාලයක් ඔබට මට මුළු ජීවි අජීවි වර්ගයාටම සිදුවූ යහපත් දේ අයහපත් දේ ද සිදුවූයේ මේ පෘථිවිය තුළය.

එසේනම් මේ මහා විශ්වය තුළ පෘථිවිය නොතිබුනා නම් එවිට එහි ජීවයක් නොපවතිනු ඇත. එවිට නුඹලාටත් මටත් මුළු ජීවි අජීවි වර්ගයාටත් කුමක් සිදුවනු ඇතිද? සිතා බලන්න.

විද්‍යාව අතිශය දියුණු මෙවන් යුගයකදී පවා කිසිදු ආකාරයක ජීවයක් මේ විශ්වයේ අපිට හමුවී නොමැත. ඒ බවට අංශුමාත්‍රීය සලකුණක් හෝ මෙතෙක් සොයාගෙන නැත. එයින් පැහැදිලි වන්නේ අප පාළු විශ්වයක ජීවත් වන බව නොවේද? එවැනි පාළු විශ්වයක් තුළ විවිධාකාරවූ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් ජිවත් වෙනවට වඩා මරණය නොවටීද?"

රැස්ව සිටි පිරිස ජයඝෝෂා නැගීහ. "ඒක තමයි වෙන්න ඕනෙ." ඔවුහූ පැවසූහ. ෴

"ලෝක විනාශය" නම් වූ මෙම විද්‍යා ප්‍රබන්ධය පැතුම් අසංක හේරත්ගේ "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා" ග්‍රන්ථයෙහි එන එක් කතාවකි. උපුටාගැනීම් සියල්ල ඔහුගේ අවසරය ඇතිව සිදු විණි. සේයාරුව  thedancingimage වෙතිනි.

About the Author

Ali Bajwa
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Facebook dolor quam, pretium eu placerat eu, semper et nunc. Nullam ut turpis dictum, luctus mi quis, luctus lorem. Nullam porttitor consectetur nunc in tempor!

Related Posts

1 comment:

  1. Best 10 Indian Casinos Near Philadelphia - Mapyro
    Search 아산 출장안마 the best Indian 익산 출장안마 casinos in Philadelphia. Explore reviews, 거제 출장안마 photos, directions, and other nearby restaurants. Find the best 통영 출장마사지 Indian 경기도 출장마사지 casino in Philadelphia.

    ReplyDelete

Every Action has a Reaction. එසේ නම් ඔබේ ප්‍රතික්‍රියාවත් සටහන් කර යන්න.